කොළඹ රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 42 වැනි මස්ටැන්ග් ශූරතාව ලකුණු 11කින් ජයග්‍රහණය කරන්නට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (18) සමත් විය. තරගය එස්. එස්. සී. පිටියේ දී පැවැත්විය.

“ඇතුගල්පුර සටන” ජය පරාජයයෙන් තොරව අවසන්

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර “ඩයලොග් ආසිආටා” සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ…

කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සාන්ත තෝමස් විද්‍යාලයට ලබා දෙන ලදි.

දුලිත් ගුණරත්න සහ රවිඳු කොඩිතුවක්කුගේ පිතිකරණයෙන් තෝමසුවන් ආරම්භය ලබා ගත් අතර පළමු කඩුල්ලට ලකුණු 59ක් රැස්ව තිබිය දී ලකුණු 15කට දුලිත් ගුණරත්න දුවද්දී  දැවි යාමකට ලක්වූ අතර ඉන්පසු පිටියට පිිවිසි සිතාර හපුහින්න, රවිඳු කොඩිතුවක්කු සමඟ ලකුණු 25ක සබඳතාවයක් ගොඩ නැගුවත්, හපුහින්න ලකුණු 8ක් ලබා සිටිය දී දවා ගැනීමට රාජකීයයන් සමත් විය.

[rev_slider dfcc728]

ශක්තිමත් මැදපෙළ පිතිකරණයක් සඳහා අවස්ථාව ලබා ගනිමින් කොඩිතුවක්කු සහ නල්ලපෙරුම මනා සබඳතාවයක් ගොඩනගා ගැනීමට සමත් වූ අතර කොඩිතුවක්කු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 95කට දැවී ගියේ ශතකය පෙනෙන මානයේ දීය.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස සාන්ත තෝමස් නායක නල්ලපෙරුම මත වැඩි වගකීම් පතිත වූ අතර ලකුණු 50ක සබඳතාවයක් ඉශෙන් සමඟ ගොඩනැගූ ඔහු තම ඉනිමට අර්ධ ශතකයක් රැස්කර ගැනීමට සමත් විය.

හොඳ තරගයක යෙදුණු හේලිත තම දෙවන කඩුල්ල ලෙස නල්ලපෙරුම දවා ගනිමින් නැවත තරගයට එක් විය.

ඉශෙන් පෙරේරාගේ උත්සාහයෙන් ලකුණු 250 සීමාව පසු කල සාන්ත තෝමස් පිල ඉනිම අවසානයේ දී කඩුලු 7කට ලකුණු 258ක් ලබා ගැනීමට සමත් විය. රාජකීයයන්ගේ නායක හේලිත ලකුණු 41කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ රාජකීය ඉනිමේ ආරම්භක පිතිකරු ක්‍රිෂිකන් රවින්ද්‍රනාතන් අඩු ලකුණු ප්‍රමාණයකට දැවී යද්දී ලකුණු 19කට එක් කඩුල්ලක් ලෙස අශාන් වික‍්‍රමසිංහ සහ ලකිඳු නානායක්කාර පන්දුවාර 10 අවසානයේ ක්‍රීඩා කරමින් සිටි අතර ඊළඟ පන්දුවාර 5 තුල දී ලකුණු 51ක් ලබා ගත්ත ද, ලකිදු අර්ධ ශතකයට සීමිත ලකුණු ප්‍රමාණයක් ඉතිරිව තිබිය දී දැවී ගියේය.

නායක හේලිත විතානගේ ලකුණු 86ක් රැස් කරගෙන සිටින විට හේලිතගේ කඩුල්ල දිනුර සහ පවිත් එක්ව දවා ගන්න ලදි.

තෙවිඳු සේනාරත්න තම දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් විය. නමුත් එම ඉනිම අවසන් කරමින් අසීරු උඩ පන්දුවක් ඉතා දක්ෂ ලෙස රැක ගන්නට රොමේෂ් නල්ලපෙරුම සමත් විය.

කළණ පෙරේරා සහ ශානොන් ප්‍රනාන්දුගේ අගනා පන්දු යැවීමෙන් තරගයේ ජය තෝමසුවන්ට හිමිකර දෙන්නට ඔවුන් දෙදෙනා සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය: 258/7 (50) – රවිඳු කොඩිතුවක්කු 95, රොමේෂ් නල්ලපෙරුම 53, ඉෂේන් පෙරේරා 36, හේලිත විතානගේ 4/41

රාජකීය විද්‍යාලය: 247/9 (50) – තෙවිඳු සේනාරත්න 71, ලකිඳු නානායක්කාර 44, හේලිත විතානගේ 33, පවිත් රත්නායක 3/38, කළණ පෙරේරා 2/47

පුද්ගල සම්මාන

  • හොඳම පිතිකරු: තෙවිඳු සේනාරත්න (රාජකීය), රවිඳු කොඩිතුවක්කුගේ (සාන්ත තෝමස්)
  • හොඳම පන්දු යවන්නනා: හේලිත විතානගේ (රාජකීය), පවිත් රත්නායක (සාන්ත තෝමස්)
  • හොඳම නවක ක්‍රීඩකයා: තෙවිඳු රත්නායක (රාජකීය)
  • තරගයේ වීරයා: රවිඳු කොඩිතුවක්කු (සාන්ත තෝමස්)

>>  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුව <<