රාජකීය විද්‍යාලය ජනාධිපති කුසලානයෙන් ඉවත් වේ

712

පසුගිය 9 වැනිදා නිමාවට පත්වූ සිංගර් කුසලාන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අපරාජිතව පැමිණ සමස්ත ශූරතාවය දිනා ගත් රාජකීය විද්‍යාලය ලබන සතියේ දී සුගතදාස ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිත මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගී නොවන බව වාර්තා වේ.

රාජකීයයෝ අපරාජිතව ශූරතාවයට උරුමකම් කියති

සාන්ත පීතර විද්‍යාලය ලකුණු 32-13ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය අපරාජිතව..

සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් තරග වැදුණු රාජකීය විද්‍යාලය ඔවුන් සහභාගී වූ අවසන් තරගයේ දී සාන්ත පීතර විද්‍යාලය ලකුණු 32-13ක් ලෙස පරාජය කළේ නොකඩවා දෙවන වතාවටත් සිංගර් කුසලාන පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගනිමිනි.

රාජකීය විද්‍යාලය මෙවර එම තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇත්තේ ඔවුන්ගේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් දෙනා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම නිසාවෙනි.

“රාජකීය විද්‍යාලය මෙවර මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සඳහා සහභාගී වෙන්නේ නෑ. මොකද අපේ ක්‍රීඩකයින් 12කට අසන්න ප්‍රමාණයක් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අපි යම් අවධානයක් දෙන්න ඕන. ඒ වගේම ඔවුන්ට යම් විවේකයකුත් අවශ්‍යයි.” යැයි රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩා භාර ආචාර්ය මහතා ThePapare.com වෙත පැවසීය.

රාජකීය විද්‍යාලය මේ තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් වෙස්ලි විද්‍යාලයට හා සහිරා විද්‍යාලයට මේ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සඳහා ඇරයුම් කර තිබේ. එනමුත් ඔවුන්ගේ සහභාගිත්වය මෙතෙක් ස්ථිර වී නොමැත.

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය ජුනි මස 16 වැනිදා සුගතදාස ක්‍රීඩා පිටියේ දී ආරම්භ වේ. එම තරගාවලියේ ද සියලු පුවත් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<