රාජකීය සහ SSC කණ්ඩායම් ශූරතා දිනති

196

තියුණු තරගයකින් අනතුරුව රාජකීය A කණ්ඩායම පිරිමි ශූරතාව දිනා ගනිද්දී පසුගිය වසරේ ශූරියන් වූ විසාකා විද්‍යාලය පරාජය කරමින් SSC ක්‍රීඩා සමාජය 2018 එල්ලාවල වෝටර්පෝලෝ ලීග් ශූරතාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. තරගාවලිය ගුවන් හමුදා පිහිනුම් තටාකාංගනයේ දී පැවැත්විය.

පිහිනුම් තටාකයේ බැල්ටිමෝර් වෙඩි උණ්ඩය – මයිකල් ෆෙල්ප්ස්

මින් එක් නමක් හෝ ඔබට හුරුපුරුදු ද? එසේ නම් ඔබ පිහිනුම් ක්‍රීඩාව සම්බන්ධයෙන් පුළුල්..

එල්ලාවල වෝටර්පෝලෝ ලීග් තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එකම වාර්ෂික වෝටර්පෝලෝ තරගාවලියක් වන අතර සතිඅන්ත හතරක් පුරා පැවැත්වුණු තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසිනුයි.

වසර 8කට පසු 2017 දී රාජකීය විද්‍යාලය නැවත වතාවක් තරගාවලියේ ශූරතාව දිනා ගත් අතර මේ වසරේ දී තියුණු සටනකට පසු ජයග්‍රහණ 9ක් හා ප්‍රසාද ලකුණු 18ක් සමඟින් ලීග් ශූරතාව දිනා ගන්නට ඔවුන් සමත් විය.  

රාජකීය විද්‍යාලයීය ජල ක්‍රීඩා සංගමය ද (ආදී ශිෂ්‍ය) කණ්ඩායමක් ඉදිරිපත් කර තිබුණු අතර එම කණ්ඩායම ද රාජකීය විද්‍යාලයට නොදෙවෙනි වෙමින් ජයග්‍රහණ නවයක් හා ප්‍රසාද ලකුණු 18ක් ලබා ගත්ත ද, රාජකීය විද්‍යාලයේ කණ්ඩායම ඔවුන්ගේ ආදී ශිෂ්‍යයින්ට වඩා එක තරගයක් අඩුවෙන් පරාජය වීම නිසා ඔවුන්ට ශූරතාවය හිමි විය.  

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණ අටක්, ප්‍රසාද ලකුණු 16ක් සමඟින් තෙවැනි ස්ථානය දිනා ගත් අතර යුධ හමුදා A කණ්ඩායම සිව්වැනි ස්ථානයේ තරගාවලිය අවසන් කළේ ලකුණු 12ක් හා ජයග්‍රහණ හයක් සමඟිනි.

ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය ලබන අගෝස්තුවේ

44 වන වරටත් පැවැත්වෙන ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය එළඹෙන අගෝස්තු 9..

SSC කාන්තා කණ්ඩායම මේ වසරේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වූ අතර ඔවුන් පසුගිය වසරේ ශූරයින් වූ විසාකා ක්‍රීඩිකාවෝ ශූරතා අසුනෙන් බිමට ඇද දැමීමට සමත් විය. විසාකා ක්‍රීඩිකාවන්ට මෙවර එතරම් දස්කම් දැක්වීමට නොහැකි වූ අතර ඔවුන් සහභාගී වූ තරග 4න් 1 තරගයක් ජය පරාජයෙන් අවසන් වූ අතර SSC කණ්ඩායමට එරෙහිව තරගය පරාජය විය.

SSC කණ්ඩායම ජයග්‍රහණ හතරක් හා ලකුණු 8ක් සමඟින් තරගාවලිය අවසන් කරද්දී ලකුණු පහක් රැස්කරගත් විසාකා කණ්ඩායම දෙවන ස්ථානයට පත්විය. කොළඹ කාන්තා විද්‍යාලය විසාකාවන්ට එක් ගෝලයක් පසු පසින් හිඳිමින් තෙවන ස්ථානය දිනා ගන්නා ලදි.  

පිරිමි

නම ක්‍රීඩා සමාජය ගෝල
සවින්ද දිසානායක රාජකීය 41
වයි. ඒ. එන් බණ්ඩාර ගුවන් හමුදා 41
නිම්නක රත්නායක SSC 32
ඉසිවරුන ද සිල්වා රාජකීය 31
වසීම් එම් බාවා රාජකීය ජල ක්‍රීඩා සංගමය 25

කාන්තා

නම ක්‍රීඩා සමාජය ගෝල
තුෂාරි ඒකනායක VV 13
අනිෂා ෆවූසි SSC 13
දසනායක Air Force 13
ශේනාරා ඩේවිඩ් LC 7
අශාන්ති සුමනපාල SSC 7

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<