රාජකීයයන් 6 දෙනෙකු 30 වසරක නොඉවසිල්ලට තිත තබයි

1413
Royal lead in Stubbs shield semi finals

ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (09) පැවැත්වුණේ මාස් රාජකීය බොක්සිං කවයේදීයි. මෙහි දී වසර 30කට නැවතී තිබූ වාර්තාවක් අලුත් කරන්නට රාජකීය විදුහල සමත් විය.

රාජකීය විද්‍යාලයේ මුළු කණ්ඩායමම (ක්‍රීඩකයන් 8ක්) අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා තිබීම මෙහි කැපී පෙනෙන සිදුවීමයි. ඔවුන් සමඟින් හොරණ විද්‍යාරතන විද්‍යාපීඨය, ත්‍රිත්ව විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය ඇතුළු විද්‍යාල රැසක ක්‍රීඩකයන් තරග වැදිණි.

රාජකීය විදුහලෙන් අවසන් පූර්ව තරග සඳහා,

  • එම්. ඒ. අහමඩ්,
  • වී. ඩී. හෙට්ටිආරච්චි,
  • එම්. ආසිම්,
  • වී. නෙරංජන්,
  • එස්. බණ්ඩාර,
  • එම්. ඉෂාක්,
  • එම්. ජයරත්න,

ඒ. සමරසිංහ යන ක්‍රීඩකයන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබුණි. ඉන් 6 දෙනෙකුම අවසන් මහා තරග ක්‍රීඩා කරන බැවින් මෙවර ස්ටබ්ස් පළිහ දිනා ගැනීමේ දැඩි අවස්ථාවක් ඔවුන්ට ලැබී තිබේ. එසේ සිදුවුවහොත් එය වසර 30ක් තුළ ඔවුන් ලබන පළමු ස්ටබ්ස් පළිහ වනු ඇති. 1987 වසරේ දී අවසන් වරට ස්ටබ්ස් පළිහක් දිනාගත් රාජකීයයන් සෑම කලකම පාසල් බොක්සිං ක්‍රීඩාවේ ඉහළ රැඳුණු අතර 2004 වසරේ දී ඔවුන්ට ස්ටබ්ස් පළිහ ගිලිහුණේ එක් ලකුණකිනි.

කි. ග්‍රෑම්. 56 බැන්ටම් වෙයිට් අංශයෙන් තරග වැදුණු රාජකීය විදුහලේ වී. හෙට්ටිආරච්චි තම තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙසේ පැවසීය.

“ක්‍රීඩා කිරීමෙන් පෞර්ෂය වර්ධනය වෙනවා වගේම පාසලේ දී ශිෂ්‍යයෙකුට හොඳ තැනක් ලැබෙනවා. අපි තමයි ඉතිහාසයේ වැඩිම වරක් මේ ශූරතාවය ළඟට ඇවිත් තිබෙන්නේ. හොඳ කණ්ඩායමක් ඉන්න නිසා මේ පාර පළිහ ලබාගන්න පුළුවන් වේවි.”

ස්ටබ්ස් පළිහ තරගාවලියේ අවසන් මහා තරග අද (10) මාස් රාජකීය බොක්සිං කවයේ දී බරපන්ති 16ක් යටතේ පැවැත්වේ. සියලු පුවත් ThePapare.com තුළින් බලාපොරොත්තු වන්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<