රාජකීය සුලි සුළඟ මයිකල් ගුණරත්න කුසලානය ඩැහැගනියි

1303
Royal College Rugby

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩයම අසරණ කරමින් 56 වැනි මයිකල් ගුණරත්න ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (24) සමත් විය. සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විය.

සන්දේශ්ගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් නුවර ක්‍රීඩකයින් අසරණ වෙයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (23) බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වූයේ කොළඹ පොලිස්…

වාර්ෂිකව පැවැත්වෙන මයිකල් ගුණරත්න ශූරතාව පසුගිය වසරේ දී කොළඹ රාජකීය විද්‍යාලය විසින් දිනාගත් අතර කුසලානය රාජකීය විද්‍යාලයේම රඳවා ගැනීමේ අරමුණින් නායක සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් රාජකීය කණ්ඩායම තරගයට පිවිසුණු අතර මයිකල් ගුණරත්න කුසලානය ගල්කිස්සට රැගෙන යාමේ අරමුණින් සාන්ත තෝමස් විද්‍යාලය ක්‍රිස්ටියන් ඩි ලයිල් විසින් මෙහෙය වනු ලැබීය.      

කල්වෙලා නොයවාම සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු රාජකීය විද්‍යාලය සිය ප්‍රබලම ආයුධය වන දැවැන්ත ඉදිරිපෙළ භාවිතා කරමින් 10 වැනි මිනිත්තුවේ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත්වුවද, එය ‘Held up’ අවස්ථාවකට ලක් වීම නිසා උත්සාහක දිනුමක් නොවන බවට විනිසුරු තීරණය කළ ද, නැවත වරක් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ රාජකීය ඉදිරිපෙළ 10 වැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මොහොමඩ් ඉෆාම් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (රාජකීය 05-00 තෝමස්)

15 වන මිනිත්තුවේ දී සාන්ත තෝමස් විද්‍යාලයට දඬුවම් පහරක් හිමිවුවත්, එය සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය අඩු කර ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයේ ඊරියගම සමත් වූයේ නැත.

ශ්‍රී ලංකාවට තෙවැනි සහ සිව්වැනි ස්ථානය

බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වූ තරගයෙන්, සිය සම්ප්‍රදායික ප්‍රතිවාදීන් වූ හොංකොං කණ්ඩායම හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය වූ ශ්‍රී ලංකා…

දිගින් දිගටම එල්ල වූ රාජකීය පීඩනය මැඩලමින් ඉක්මනින් සංවිධානය වූ සාන්ත තෝමස් ඉදිරිපෙළ රාජකීය ක්‍රීඩකයෙකුට කහ කාඩ් පතක් ලැබීමේ වාසිය මනාව උපයෝගී කර ගනිමින් පන්දුව උත්සාහක දිනුම් සීමාව අසලටම ගෙන යාමට සමත්වුවත් පන්දුව ’knock on’ අවස්ථාවකට ලක්වීම නිසා 21 වැනි මිනිත්තුවේ දී ලකුණු රැස්කර ගැනීමට තිබූ ආසන්න අවස්ථාවක් සාන්ත තෝමස් විද්‍යාලයට අහිමි විය.

24 වැනි මිනිත්තුවේ දී පන්දුව රැක ගැනීම සඳහා ගුවනේ සිටි රාජකීය නායක සාබිත් ෆෙරෝස් හට භයානක බාධා කිරීමක් සිදු කළ නිසා සාන්ත තෝමස් විද්‍යාලයේ සජීව චතුරංග හට කහ කාඩ්පතක් හිමි වූයේ කණ්ඩයම් දෙකේම ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් සංඛ්‍යාව සමාන කරමිනි.

27 වැනි මිනිත්තුවේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට කෙවින් ඊරියගමට නොහැකි විය.

යලි යලිත් රාජකීය කණ්ඩයමේ ප්‍රධානතම ආයුධය වූ ඉදිරිපෙළ යොදා ගනිමින් රාජකීය කණ්ඩයම සාන්ත තෝමස් අන්තය අර්ධය අක්‍රමණය කළ අතර 30 වැනි මිනිත්තුවේ දියත් කළ රාජකීය අක්‍රමණය සාර්ථක කර ගනිමින් රදේශ් විජේරත්න උත්සාහක දිනුමක් රැස්කර ගැනීමට සමත් විය. රාජකීය ලකුණු මට්ටම ඉහළ දැමීමට දුලාන් ගුණවර්ධන උත්සහ කළ නමුත් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වූයේ නැත. (රාජකීය 10-00 තෝමස්)

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 10 – 00 සාන්ත තෝමස් විද්‍යාලය

පළමු අර්ධයේ නිහඬව සිටි රාජකීය පසුපෙළ දෙවන අර්ධයේ ක්‍රියාත්මක වූ අතර සාන්ත තෝමස් විද්‍යාලය අසරණ කර දමමින් දෙවැනි අර්ධය තුල දී උත්සාහක දිනුම් හයක් රැස් කර ගැනීමට ඔවුන් සමත් විය.

සාන්ත තෝමස් කණ්ඩයම ගැටලු රාශියකට මැදි කරමින් දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු 10 තුල රාජකීය පසුපෙළ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. දෙවන අර්ධයේ ආරම්භයේම 37 වැනි මිනිත්තුවේ සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට රාජකීය ඉදිරිපෙළ සමත් විය. තරගයේ දෙවන වතාවටත් මොහොමඩ් ඉෆාම් රාජකීය විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 17-00 තෝමස්)

දකුණු ලක රග්බි ඉතිහාසය ලියන රිච්මන්ඩ්වරුන්

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධානය කරනු ලබන 2018 සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරනු ලබන දකුණු පළාතේ එකම කණ්ඩායම…

සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට කිසිදු විවේකයක් ලබා නොදුන් රාජකීය කණ්ඩයමේ යසිස් රශ්මික සිව්වැනි වතාවටත් රාජකීය කණ්ඩයම වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 24-00 තෝමස්)

පළමු අර්ධයේ ඉදිරිපෙළ යොදාගත් රාජකීයයෝ දෙවන අර්ධයේ දී සිය වේගවත් පසුපෙළ යොදා ගනිමින් තරගයේ 43 වැනි මිනිත්තුවේ සිය පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නන්දික එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 31-00 තෝමස්)

සාන්ත තෝමස් කණ්ඩයමට කිසිදු අනුකම්පාවක් නොදැක්වූ රාජකීය විද්‍යාලයේ නායක සාබිත් ෆෙරෝස් 48 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 38-00 තෝමස්)

ලකුණු පනහේ සීමාව ඉක්මවා යාමට දැඩි උනන්දුවක් පෙන්නුම් කළ රාජකීය ක්‍රීඩකයෝ නැවතත් සිය ඉදිරිපෙළ යොදා ගනිමින් 52 වැනි මිනිත්තුවේ සිය හත්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. හිමන්ත හිරුශාන් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර අලංකාර ලෙස දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (රාජකීය 45-00 තෝමස්)

තරගය පුරා උත්සාහක දිනුමක් සොයමින් සිටි ප්‍රබල රාජකීය ක්‍රීඩක තුල හසන් 52 වැනි මිනිත්තුවේ රාජකීය කණ්ඩයම වෙනුවෙන් සිය අටවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දිනය පුරා අලංකාර ලෙස පන්දුවට පා පහර දුන් දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය ද අලංකාර ලෙස සාර්ථක කර ගන්නා ලදි. (රාජකීය 52-00 තෝමස්)

සතියෙන් වෙනස් වුණු නීතිය සහ කණ්ඩායම් 12ක ප්‍රතිඵල

කණ්ඩායම් 12ක් සහභාගී වූ තරග 6ක තොරතුරු වලට අමතරව සතියකින් වෙනස් වූ රග්බි නීතියත්, ලකුණු ලැබෙන පිළිවෙලත් දැනගනිමු, රග්බි පිටියෙන්.

61 වැනි මිනිත්තුවේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ රාජපක්ෂ රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීම සාන්ත තෝමස් කණ්ඩායමට මරු පහරක් විය.

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩයම සම්පූර්ණයෙන්ම අසරණ කර දමමින් 70 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් රාජකීය විද්‍යාලය 56 වන මයිකල් ගුණරත්න ශූරතාව දිනා ගැනීමට සමත් විය. (රාජකීය 55-00 තෝමස්)

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 55 (8T,6C,1P) – 00 සාන්ත තෝමස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: මලීෂ මධුමෙවන් (රාජකීය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

රාජකීය විද්‍යාලය: දුලාන් ගුණවර්ධන (6C,1P), මොහොමඩ් ඉෆාම් (2T), තුලයිබ් හසන් (1T), රදේශ් විජේරත්න (1T), යසිස් රශ්මික (1T), නන්දික(1T), සාබිත් ෆෙරෝස් (1T), හිමන්ත හිරුශාන් (1T)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<