ශ්‍රී ලංකාවේ දී ජයග්‍රහණය කරන එක ලේසි නෑ – රොස් ටේලර්

1352

ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව නවසීලන්තය සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගාවලිය ශ්‍රී ලංකාවේ දී එළඹෙන 14 වැනිදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතය. 

මෙම තරගාවලියත් සමඟින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය ආරම්භ කිරීමට නියමිතයි. ලෝක ටෙස්ට් ශූරතාව පිළිබඳව තමන් බලාපොරොත්තු තබාගෙන සිටින බවත්, මෙම ශ්‍රී ලංකා  තරගාවලිය පිළිබඳව තමන් පූර්ණ අවධානය යොමු කර ඇති බවත් නවසීලන්ත ජ්‍යේෂ්ඨ ක්‍රීඩක රොස් ටේලර් පවසා සිටියා. 

හැම උදෑසනක්ම මට නත්තල් උදෑසනක් වගේ – ස්මිත්

ස්මිත්ගේ ශතක දෙකකින් ආරම්භ වූ මෙවර අළුබඳුන ……

2019 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම හා අවාසනාවන්තම කණ්ඩායම ලෙස නවසීලන්තය සැලකිය හැක. ප්‍රබල තරග කීපයක දැක්වූ විශිෂ්ට දක්ෂතාවලින් අනතුරුව අවසන් මහා තරගය තෙක් පැමිණි නවසීලන්තය එංගලන්තය හමුවේ අවසන් තරග ජය පරාජකින් තොරව අවසන් කර ගත් අතර ලෝක කුසලාන නීති රීති වලට අනුව එංගලන්තයට ජයග්‍රහණය හිමි විය. දෙවතාවක් ලෝක කුසලාන අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගාවලිය සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 

“මම උනන්දුවෙන් ඉන්නේ” ටේලර් stuff.co.nz වෙබ් අඩවිය සමඟින් අදහස් දක්වමින් කියා සිටියා. 

“ටෙස්ට් ශූරතාව වෙනම සංකල්පයක්. අපේ නම, දක්ෂතා කෙතරම් තිබුනත් ටෙස්ට් තරග ජයග්‍රහණය සඳහා වෙනස් දක්ෂතා අවශ්‍යයි. මම විශ්වාස කරනවා මේ තරගාවලිය ඒකට හොඳ ආරම්භයක් ලබාගන්න තියන අවස්ථාවක් ” 

එතකොට ලෝක කුසලාන අවසන් තරගය? ” ඒ කනගාටුව දැන් ටිකක් අඩුවෙලා තියෙන්නේ. ලෝක කුසලාන අවසන් තරගයේ නොසිටි ක්‍රීඩකයන් කීපදෙනෙක් මේ සංචිතයේ ඉන්නවා” 

ගාල්ල ටෙස්ට් තරගය ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය වන අතර දෙවන තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. මෙම ටෙස්ට් තරග දෙක සඳහා ලෝක ටෙස්ට් ශූරතා ලකුණු 60 බැගින් ලබා දීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී පරාජය කිරීම ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් වන නමුත් නවසීලන්ත කණ්ඩායම 2012 වසරේ දී පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ලබා ගත් ජයග්‍රහණය පන්නරයක් කරගනිමින් ක්‍රීඩා කරනු ඇත. 

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේ ක්‍රීඩාංගණ සහ දවස් වෙනස් වෙයි

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ……..

“ශ්‍රී ලංකාවේ දී ඔවුන් සමඟ ක්‍රීඩා කිරීම ලේසි නෑ. නමුත් අපි අතීතයේ දී සාර්ථක වෙලා තියනවා. දඟපන්දු ලොකු කාර්‍යක් ඉටු කරාවි. අපි දඟපන්දු යවන්නන් සිව් දෙනෙක් ඇතුළත් කරලා තියනවා. (පා දඟපන්දු යවන්නෙකු ටොඩ් ඇස්ටල්, පිට දඟපන්දු යවන්නෙකු වන විලියම් සොමර්විල්, වමත් දඟපන්දු ‍යවන්නන් වන අජාස් පටෙල් හා මිචෙල් සැන්ට්නර්) ඒ වගේම කණ්ඩායමට හොඳ ස්ථාවර ලැයිස්තුවක් ඉන්නවා. ඒ වගේම වේගපන්දුවට කළ හැකි දේ ගැන අවතක්සේරු කරන්න බෑ.”

“අපි 2012 දී ජයග්‍රහණය කළා. ඒ වෙද්දී වේගපන්දු ‍යවන්නන් තමා විශාල වගකීමක් කළේ. අපි මෙහේ තත්ව වලට හුරුවෙලා ක්‍රීඩා කළ යුතුයි.”

2012 වසරේ ශ්‍රී ලංකා නවසීලන්ත තරගය නවසීලන්තය ලකුණු 167කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි දී නවසීලන්ත ප්‍රධාන වේගපන්දු ‍යවන්නන් වූ ට්‍රෙන්ට් බෝල්ට් හා ටිම් සවුති ශ්‍රී ලංකාවේ දැවී ගිය කඩුලු 19න් 15ක් දවා ගැනීමට සමත් විය. රොස් ටේලර් එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 142ක් හා දෙවන ඉනිමේ දී ලකුණු 74ක් වාර්තා කරමින් තරගයේ වීරයා වීමට සමත් විය. 

පොලාඩ්ගේ දඩබ්බර තීරණයට ICCයෙන් දඬුවම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර …..

මෙවර නවසීලන්ත කණ්ඩායම නව පිතිකරණ පුහුණුකරුවෙකු සමඟින් තරගාවලියට එක්ව සිටි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වන පීටර් ෆුල්ටොන් නවසීලන්ත පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරයි. 

“ශ්‍රී ලංකා දඟපන්දු ‍යවන්නන්ට ක්‍රීඩා කරන එක අපි ගොඩක් අවධානය යොමු කරලා පුහුණුවීම් කළා. සහ පීටර් ෆුල්ටොන්ගේ අත්දැකීම් හා අදහස්වලින් උපරිම ප්‍රයෝජනය අරන් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ” 

ශ්‍රී ලංකා නවසීලන්ත තරග කාල සටහන

  • අගෝස්තු 8 වැනිදා සිට 10 වැනිදා දක්වා – තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය
  • අගෝස්තු 14 වැනිදා සිට 18 වැනිදා දක්වා – පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 
  • අගෝස්තු 22 වැනිදා සිට 26 වැනිදා දක්වා – දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය 
  • අගෝස්තු 29 – විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය 
  • සැප්තැම්බර් 1 – පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • සැප්තැම්බර් 3 – දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • සැප්තැම්බර් 6 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<