වයසට නොයන නවසීලන්ත ලකුණු මැෂිම තවත් වාර්තා බිහි කරයි

465

පසුගිය දා නවසීලන්තයේ නෙල්සන්හී සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටු ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවන එක්දින තරගය අතරතුර දී නවසීලන්ත පිතිකරු බලඇණියේ ප්‍රධාන බලකණුවක් ලෙස කටයුතු කරමින් තම සේවය දශකයකට ආසන්න කාලයක් පුරාවට සිය කණ්ඩායම වෙනුවෙන් නොමඳව නොපිරිහෙලා ඉටු කළ හිටපු නවසීලන්ත නායක රොස් ටේලර් අගනා ලකුණු 137ක් රැස් කිරීමට සමත් වූයේ නවසීලන්ත එක්දින වංශකතා පොතේ නව වාර්තා කිහිපයක් සිය නම ඉදිරියේ සටහන් කරගනිමිනි.

අපි එහෙම පහළට වැටිය යුතු රටක් නෙවෙයි – ලසිත් මාලිංග

වරෙක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමට …

නවසීලන්තය වෙනුවෙන් එක්දින තරගයන් හී වැඩිම ශතක ලාභියා (ශතක 20) වීමේ ගෞරවය සහ ක්‍රීඩා කළ අවසන් එක්දින තරග 6 දී ම අර්ධ ශතක වාර්තා කරමින් කලින් පිහිටුවා තිබූ වාර්තාව සමකිරීමේ අවස්ථාව උදාකර ගැනීමට එම තරගයේ දී ඔහු සමත් විය.

පසුගිය වසරේ ඩුනේඩින් හීදි එංගලන්තයට එරෙහි තරගයේ දී නවසීලන්ත ඉනිම අවසාන වනතෙක් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ලකුණු 181ක් වාර්තා කළ ඒ සුවිශේෂී ඉනිමෙන් ආරම්භ වූ මෙම අර්ධ ශතක ගංගාව පාකිස්තානය සහ ශ්‍රී ලංකාවට එරෙහිව ගලා ගියේ එම කණ්ඩායම්වලින් ජයග්‍රහණය පිළිබඳ තිබූ සියලු අපේක්ෂා සුන්නත්දූලි බවට පත්කරමිනි.

නායක කේන් විලියම්සන් 2015 වර්ෂයේ දී සහ ඇන්ඩෘ ජෝන්ස් 1988/89 වර්ෂවල දී මෙවැනි වැනි දස්කමක් පෑමට සමත් වූ සෙසු නවසීලන්ත ජාතික ක්‍රීඩකයින් දෙදෙනා ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබෙන අතර එළඹෙන ඉන්දීය කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ දී අඛණ්ඩව අර්ධ ශතක තුනක් රැස් කළහොත් ජාවේඩ් මින්ඩාඩ් විසින්ස් විසින් පිහිටුවා ඇති එකපිට එක අර්ධ ශතක වැඩිම සංඛ්‍යාවක් වාර්තා කිරීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔහුට හැකි වනු ඇත.

පසුගිය මාස 12ක කාලසීමාව තුල තමාගේ එක්දින තරග පිතිකරණ රටාවේ සිදු වී ඇති වෙනස පිළිබඳ අදහස් දැක්වූ රොස් ටේලර් මෙසේ පවසා සිටියේය.

 

නවසීලන්තයේ සුලෝහිත සංග්‍රාමයක්

වසර 89ක ඉතිහාසයක් ඇති සුලෝහිත සංග්‍රාමයට සමගාමීව මෙවර ….

“නවසීන්ත තණතිලි හැසිරෙන ආකාරය ගැන තියෙන අවබෝධය ගොඩක් උදව් වුනා ශ්‍රී ලංකාව එක්ක පැවති අවසන් එක්දින තරග තුනේ දී හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යන්න. පළවෙනි තරග දෙකෙදී ලබාගත්ත අර්ධ ශතක දෙකත් ශතකවලට පරිවර්තනය කරන්න පුළුවන් වුනා නම් සතුටුයි. මට මගේ පිතිකරණය ගැන හැම වෙලාවේම හොඳ විශ්වාසයක් තියෙනවා.”

“පන්දුව පිත්තේ මැද්දට ගෙන ක්‍රීඩා කරනකොට දැනෙන ආත්ම විශ්වාසය කියලා නිම කරන්න බෑ. පහුගිය තරගවල දී මට හොඳින් ඒ කාර්යය ඉටු කරන්න පුළුවන් වුනේ මම ඉතා අවධානයෙන් පන්දුව එන මාවත ගැන අවබෝධයෙන් ක්‍රීඩා කරපු නිසා.”

“තමන්ගේ රට වෙනුවෙන් ශතකයක් ලබා ගන්නවා කියන්නෙ පිතිකරුවෙක්ට අමතක නොවන සිදුවීමක්. ඉතින් මම ඒ වගේ ශතක 20ක් ලබා ගත්තා නේද කියලා ආපස්සට හැරිලා බලනකොට තියෙන්නේ වීශාල ආත්ම තෘප්තියක්. තව මට සෙල්ලම් කරන්න පුළුවන් කෙටි කාලයයි මගේ වයසත් එක්ක. ඒ කාලයේ දී මගේ උපරිමය ඉදිරියටත් ලබා දෙන්නයි බලාපොරොත්තුව.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<