ශ්‍රී ලංකාවට එරෙහි වන එංගලන්ත සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවතට

83

එංගලන්ත ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ආබාධයක් නිසා මාස හතරක් පමණ ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට සිදු වනු ඇති බව වාර්තා වේ. වළලුකර ආශ්‍රිතව සිදු වූ ආබාධය නිසා ඔහු ශල්‍යකර්මයකට ද භාජනය කළ බව Cricbuzz වෙබ් අඩවිය සඳහන් කර තිබුණි. 

ඒ අනුව එළඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් තරග දෙක ඔහුට මඟ හැරෙනු ඇත.

වැඩිපුර වැරදි කළ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්!

වැසි දියට සේදී ගිය ඉන්දු – ශ්‍රී ලංකා පළමු T20 තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙක අද (07) ඉන්දෝර් හිදී එකිනෙකා….

දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයට පෙර දින නිව්ලන්ඩ්ස් හිදී පැවැත්වුණු එංගලන්ත පුහුණු සැසියක දී පාපන්දු ක්‍රීඩා කරමින් ශරීර උණුසුම් කර ගැනීමේ ව්‍යායාමයක දී ඔහු මෙලෙස ආබාධයට ලක්ව තිබුණා. කෙන්ට් කණ්ඩායමේ යොවුන් ආරම්භක පිතිකරු Zak Crawley ඔහු වෙනුවට කණ්ඩායමට එක්ව තිබෙනවා. 

වසරක් පුරාවට එංගලන්තයේ ආරම්භක පිතිකරුවා වූ බර්න්ස් සෙන්චුරියන් හි පැවැත්වුණු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු 84ක් වාර්තා කර ගන්නට සමත් වුනා. ඒ අනුව රෝරි බර්න්ස්ට දැන් පුනරුත්තාපන වැඩපිළිවෙළක් අනුගමනය කරන්නට සිදු වන අතර එළඹෙන අප්‍රේල් මාසයේ එංගලන්ත කවුන්ටි තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට හැකියාව ලැබෙනු ඇතැයි වෛද්‍යවරුන් මත පළ කරනවා.

මේ සිදුවීම නිසා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සැසිවල දී පාපන්දු ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<