අළුබඳුනේ වෙච්ච වැරදි හදන් රූට් ඊළඟ සටනට

54

පසුගිය දා නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දී සිදු වූ අඩුපාඩු නිවැරදි කරගනිමින්, තරගාවලියේ අමිහිරි මතකයන් අමතක කොට හෙට (21) නවසීලන්තය සමඟ ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා මුහුණ දීමට සූදානම් බව එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝ රූට්  පවසා සිටියි.

මවගේ වියෝවෙන් දුක් වූ 16 හැවිරිදි පොඩ්ඩාට ටෙස්ට් වරම්!

පාකිස්තාන යොවුන් ක්‍රීඩක නසීම් ෂා තවමත් 16 වන ….

රූට් නිමා වූ අළුබඳුන තරගාවලිය පුරාවට පිතිකරණයෙන් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූ අතර එය අළුබඳුන තරගාවලියේ අමිහිරි මතකයන් අතර ඉදිරියෙන්ම තිබෙන කරුණක් බව රූට් පවසා තිබේ.

“එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට මවුන්ට් මන්ගුවනි වලදී පටන් ගන්නවා. එහෙ තණතීරු වේගපන්දු යවන්නන්ට තරමක් වාසිදායක බවක් පේනවා. ඒ කොහොම වුනත් අපේ ජොෆ්රා ආර්චර් වගේ ක්‍රීඩකයින් කලින් කරලා තියෙන දේවල් වලට වඩා වෙනස් විදිහකට දස්කම් දැක්වූවේ නැත්නම් මේ තරගාවලිය අපිට එතරම් ලේසි වෙන එකක් නැහැ.” යැයි රූට් පවසන ලදි. 

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලි රැසක දී එංගලන්තය සාර්ථක දස්කම් දැක්වූ අතර එහි උච්චතම අවස්ථාව ලෙස 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සැලකිය හැකිය. 

එසේම මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර දෙරට අතර විස්සයි විස්ස තරග 5ක් පැවැත්වූ අතර එම තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් විය. එම තරග බොහෝමයක් සුපිරි පන්දුවාර දක්වා ක්‍රියාත්මක වීම සුවිශේෂී වේ.

“එංගලන්තයට ටෙස්ට් ක්‍රිකට් රැකගැනීම වෙනුවෙන් විශාල වගකීමක් තියෙනවා. අපේ දිගුකාලීන සැලසුම් අතර ලොකු තැනක්  දීලා තියෙන්නේ ටෙස්ට් ක්‍රිකට්වලට. අපේ සංචිතය ගොඩක් සවිමත් කියලා මම හිතනවා.” යැයි එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රූට් පවසන ලදි. 

බංග්ලාදේශ ක්‍රීඩකයෙකු තවත් ක්‍රීඩකයෙකුට පිටිය මැද දී පයින් ගසයි!

බංගලාදේශ ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන ..

47.91ක දල ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සඳහා හිමිකම් කියන රූට් ඕස්ට්‍රේලියාවට එරෙහිව 32.50ක දල ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන තිබේ. 

“පිතිකරුවෙක් විදිහට මම ක්‍රීඩා කරනවා වගේම කණ්ඩායම මෙහෙයවන්නත් ඕන මම. මට නායකත්වය ලැබුණු මුල් දවස්වල වගේ නෙමෙයි මම දැන් ඒ පීඩනය හොඳින් කළමනාකරණය කරගන්නවා කියලා මට හිතෙනවා. නමුත් අවසන් තරගාවලි කිහිපයේ මම තරමක් අසාර්ථක වුනා. දැන් මම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. ඒ වගේ අභියෝග ජාත්‍යන්තර ක්‍රිකට් සෙල්ලම් කරන ඕනෑම ක්‍රීඩකයෙක්ට එල්ල එන්න පුළුවන්. ” 

ICC ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ රැඳී සිටිමින් නවසීලන්තය මෙම තරගාවලිය සඳහා අවතීර්ණ වන අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන එංගලන්තය එහි තෙවැනි තැන රැඳී සිටියි. නවසීලන්තය ඔවුන්ගේ රටේ අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි 8න් 7ක් ජයග්‍රහණය කර තිබෙන අතර එංගලන්තයට එරෙහිව මීට මාස 20කට ඉහත දී පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය ද 1-0ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

එංගලන්තය සහ නවසීලන්තය අතර අවසන් වරට පැවති ටෙස්ට් තරගාවලියේ දී එංගලන්ත කඩුලු 40න් ලකුණු 32ක්ම දවා ගත්තේ ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට් සහ නීල් වැග්නර් යන නවසීලන්ත වේගපන්දු යවන්නන් තිදෙනායි.

තරග දෙකකින් සමන්විත නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (21) ආරම්භ වන අතර එම තරගාවලියේ සියලුම තරග තොරතුරු ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<