රොනාල්ඩෝ මිනිත්තු 90කට උසාවි අඩස්සියට

189
Ronaldo protests innocence

යුරෝ මිලියන 14.7ක බදු මුදල් ගෙවීම පැහැර හැරීමක් පිළිබඳව චෝදනා ලබා සිටින සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඊයේ (31) අධිකරණය වෙත කැඳවනු ලැබීය.

රොනාල්ඩෝ වාර්තාව සඟවාගෙන සිටියාද?

ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් සත්‍ය ආදායම් වාර්තා ස්පාඤ්ඤ බලධාරීන් වෙත යොමුනොකර ඇතැයි නැගෙන චෝදනාවක් හේතුවෙන් ඒ පිළිබඳව පැවැත්වෙන…

මිනිත්තු 90ක කාලයක් තිස්සේ අධිකරණය හමුවේ පිළිතුරු දුන් රොනාල්ඩෝ, ඔහුගේ නියෝජිතයෙකු මඟින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි. එහෙත් මාධ්‍ය වෙත මුහුණට මුහුණ පිළිතුරු දීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

“ස්පාඤ්ඤ බදු නිලධාරීන් මගේ ආදායම්, වාර්තා සහිතවම දන්නවා. මොකද මං ඒවා ඔවුන්ට ලබා දී ඇති නිසා. මගේ වාර්තා කිසිම දෙයක් මම සඟවා ගෙන නැහැ. බදුවලින් පැනලා යන්න පුංචි අදහසක්වත් මගේ සිත තුළ නැහැ.”

ඔහු විසින් පලකළ වාර්තාවේ සඳහන් විණි.

මෑතක දී ප්‍රමුඛ පාපන්දු ක්‍රීඩකයන් රැසකගේ වාර්තාවන් පසුපස හඹාගිය ස්පාඤ්ඤ බලධාරීන් ඔවුන්ව අධිකරණය වෙත කැඳවනු ලැබීය. එහි දී වැරදිකරුවෙකු බවට පත්වූ එක් අයෙකු නම් ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ය. ඔහුට මාස 21ක අත්හිටවූ සිරදඬුවම් හිමිව ඇති අතර ස්පාඤ්ඤ නීතියට අනුව එම දඬුවම දඩයකින් ගෙවා දැමිය හැක.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට