රොනාල්ඩෝට තහනමක් නැත

212

ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දා සිදු කළ ගෝල සැමරීමක් හේතුවෙන් ඔහුට යුරෝපියානු පාපන්දු සම්මේලන එකමුතුව ඉදිරියේ පෙනී සිටින්නට සිදු වූයේ බ්‍රහස්පතින්දා (21) ය.

සිදු කළ නොමනා ගෝල සැමරුම හේතුවෙන් ඔහුට යුරෝ 20,000ක දඩයක් නියම වූ අතර තරග තහනමක් හිමි නොවන බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට යුරෝපියානු ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින ජුවෙන්ටස් කණ්ඩායම වෙනුවෙන් ඇයැක්ස්ට එරෙහිව එළඹෙන අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගී වීමේ අවස්ථාව රොනාල්ඩෝ හට හිමි වේ.

පාපන්දු ලොවේ කිරුළු පළන් කුමාරයා

රුසියාවේ සිට ඇමරිකාවටත්, ශ්‍රී ලංකාවේ සිට ….

ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි තරගයේ දී සමස්ත ගෝල 2ක් පසුපසින් සිට 3-2ක් ලෙස ඉදිරියට පැමිණෙන්නට ජුවෙන්ටස් කණ්ඩායම සමත් වූයේ රොනාල්ඩෝ විසින් වාර්තා කළ ගෝල ත්‍රිත්වයක් නිසායි. එහෙත් එහි දී සිදු කළ ගෝල සැමරුමක් කාගේත් කතාබහට ලක්විය.

ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණුකරු ඩියේගෝ සිමියෝනි විසින් ඉන් පෙර තරගයේ දී ඊට සමානම ගෝල සැමරුමක් සිදු කර තිබීම රොනාල්ඩෝගේ නොමනා හැසිරීමට හේතු වූ අතර සිමියෝනි හට ද යුරෝ 20,000ක දඩයක් හිමිව තිබිණි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<