පාසල් රග්බි පිටියේ ක්‍රීඩකයින් ආදේශ කිරීමේ නවතම නීතිරීති

1075

පාසල් රග්බි ඉතිහාසයේ පළමු වතාවට තරගයක් අතරතුර දී ක්‍රීඩකයින් ආදේශ කිරීම, අන්තර්ජාතික වයස අවුරුදු 19න් පහළ නීති රෙගුලාසි මාලාවට අනුව සිදු කිරීමට 2018 පාසල් රග්බි ලීග් ශූරතාව සංවිධානය කරන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තීරණය කර තිබේ.

මංගල රග්බි ගැටුමේ දී මහනුවර ක්‍රීඩකයෝ රාජකීය බලයට යටත් වේ

උණුසුම, ත්‍රාසය හා ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වය සමඟින් පාසල් රග්බි පිටියට වසන්තය උදා කරමින්..

රග්බි පිටියේ සාමාන්‍ය නීති රෙගුලාසි වලට අනුව එක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් තවත් ක්‍රීඩකයෙකු ආදේශ කළ පසු, පිටියෙන් ඉවතට ගිය ක්‍රීඩකයාට නැවත පිටියට ඒමට අවස්ථාවක් හිමි වන්නේ පහත කොන්දේසි හතරෙන් එකක් තෘප්ත කළහොත් පමණි.

  1. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකුට ආබාධයක් වීම.
  2. ක්‍රීඩකයෙකුට රුධිරය ගලන ආබාධයක් සිදුවීම.
  3. ක්‍රීඩකයෙකුගේ හිසට ආබාධයක් සිදුවීම හෝ හිසට ආබාධයක් සිදු වූයේ දැයි පරික්ෂා කිරීමට එම ක්‍රීඩකයා පිටියෙන් ඉවත් කිරීම.
  4. අනෙක් කණ්ඩායමේ අනවශ්‍ය ක්‍රීඩා විලාසය (Foul Play) නිසා ආබාධ තත්වයකට ලක්වීම.   

නමුත් නව ක්‍රීඩකයින් ආදේශ කිරීමේ නීති රෙගුලාසි වලට අනුව ආබාධ නිසා පමණක් නොව උපක්‍රම/ සැලසුම් සාර්ථක කර ගැනීම උදෙසා ද ක්‍රීඩකයින් ආදේශ කිරීම සිදු කළ හැක. එනම් තරගය ආරම්භ කළ ක්‍රීඩකයෙකු තරගය අතර මැද දී ආදේශයට ලක් කර, නැවතත් අවශ්‍ය වුවහොත් ඔහුව තරගයට යොමු කිරීමට පුහුණුකරුට අවස්ථාව හිමි වේ. මිනිත්තු 70ක කාලසීමාව තුල දොළොස් වරක් මෙම ආකාරයේ ක්‍රීඩක ආදේශන සිදු කළ හැක.

පසුගිය දා (මාර්තු 3) ඇරඹුණු පාසල් රග්බි ලීග් තරගාවලියේ මංගල තරගයේ දී කොළඹ රාජකීය විදුහල හා මහනුවර කිංග්ස්වුඩ් විදුහල යන කණ්ඩායම් දෙකම මෙම ක්‍රීඩක අදේශනයන් සිය වාසිය පරිදි නිසි ලෙස යොදා ගත් ආකාරය දක්නට ලැබුණි.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව මෙම ක්‍රීඩක ආරක්ෂාව, මෙම නීතිරීති මාලව හඳුන්වා දීමට ප්‍රධානතම හේතුව වී තිබේ. තවද තරග සැලසුම් සාර්ථක කර ගැනීම සඳහා ද පුහුණුකරුවන්ට මෙම ක්‍රීඩක ආදේශනයන් යොදා ගත හැකි වනු ඇත. ආදේශක ක්‍රීඩකයින් සමඟ එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 25ක් ඇතුලත් කළ හැකි අතර නව ආදේශක නීති රීති නිසා තරගයක දී ක්‍රීඩකයින් මත පැටවෙන බර හා වගකීම ද සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇත.

නව ආදේශක නීති 1990 දී හඳුන්වා දෙනු ලැබූ අතර, ජාත්‍යන්තර රග්බි සංගමය විසින් පසුව එම නීති සිය සාමාජික රග්බි සංගම් වලට හඳුන්වා දෙනු ලැබුණි. (rule 3.15)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<