විදුදය පිහිනුම් ශූරතාව දෙවන වරටත්

114

රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැත්වෙන විදුදය රිට්ස්බරි පිහිනුම් තරගාවලිය මෙවර දෙවන වතාවටත් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ විශාලතම පිහිනුම් තටාකය හිමි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා එක්ව රිට්ස්බරි ආයතනය මෙම තරගාවලිය සංවිධානය කිරීම විශේෂත්වයකි.

2018 වසරෙන් නව වසරට පිහිනා යාමට පෙර

2018 වර්ෂයේ නිමාවත් සමඟ අප රටේ පිහිනුම් ක්‍රීඩාව ගමන් ගන්නා දිශානතිය පිළිබඳ ක්‍රීඩාලෝලීන් වශයෙන් අප හට ඇත්තේ ඉමහත් සතුටක් සහ ……..

තරගාවලිය සඳහා පාසල් හා පිහිනුම් ක්‍රීඩා සමාජ 120කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර එළඹෙන මාර්තු 9 හා 10 දෙදින පුරා තරගාවලිය පැවැත්වෙනු ඇත. කේවල තරග 96ක් හා කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ හා සමස්ත ශූරතා සඳහා වයස අවුරුදු 10, 12, 14, 16, 18 සහ 20න් පහළ තරගකරුවන් සහභාගී වන ඉසව් 24ක් ද එහි දී පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

“විදුදය පිහිනුම් තරගාවලිය සාර්ථක කර ගැනීමට රිට්ස්බරි චොක්ලට් ආයතනය ලබා දෙන සහයෝගය පිළිබඳ අපි ඉතා සතුටට පත්වෙනවා, සිසුන්ගේ සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතා මට්ටම් වැඩි දියුණු කර ගැනීම සඳහා පිහිනුම් ක්‍රීඩාව උදෙසා ක්‍රීඩකයින් දිරිමත් කිරීම ඉතා වැදගත්.”

රිට්ස්බරි විසින් සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය හා ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය සඳහා ද සිය අනුග්‍රහය දක්වයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <