කොදෙව්වන්ට සහය දෙන්න රිහානා ක්‍රීඩාංගණයට

33810

ඊයේ (01) පැවති ශ්‍රී ලංකා හා කොදෙව් කණ්ඩායම් අතර තරගයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත. එයට ප්‍රධානතම හේතුවක් වන්නේ සුප්‍රසිද්ධ පොප් ගායිකා රිහානා කොදෙව් කණ්ඩායම දිරිගැන්වීමට තරගය පැවති චෙස්‍ටර්-ලී-ස්ට්‍රීට් ක්‍රීඩාංගණයට පැමිණ සිටීමයි. 

යනුවෙන් කොදෙව් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබුණි. ඒ රිහානා තරගය නරඹන ඡායාරූප ද සමඟිනි. 

සුදු පැහැති ඇදුමක් හැද අව්කණ්නාඩි පැලඳ සිටි රිහානා තම කණ්ඩායම වෙනුවෙන් ඉතා උද්‍යෝගයෙන් සහය පල කරනු දක්නට ලැබුණි. ලෝක කුසලාන ඉතිහාසයේ දෙවතාවක් ශූරයන් වූ කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ මේ දක්වා පැවති තරගවල දී ජයග්‍රහණය කර ඇත්තේ තරගයක් පමණි. 

තාමත් මැතිව්ස්ට බනිනවා ද?

පුන පුනා පවසන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම …….

කාණ්ඩ වටයෙන් ඉවත් වූ කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලැබුවේ හයවැනි පරාජයයි. ඒ අනුව මීළඟ ඇෆ්ගනිස්තාන තරගයෙන් අනතුරුව ඔවුන් එංගලන්තයට සමුදෙනු ඇත. 

මේ වන විට 31 හැවිරිදි රිහානා පසුගිය මාසයේ දී ලොව ධනවත්ම ගායිකාව ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම් කළේය. පසුගිය මැයි මාසයේ දී ඇය ලොව සුප්‍රසිද්ධ නිමි ඇදුම්, පාවහන් හා අනෙකුත් ආභරණ නිපදවන LMVH ආයතනය සමඟින් ගිවිසුමකට ද එළඹුණි. 

කෙසේ නමුත් රිහානා ‍කොදෙව් කණ්ඩායමේ කාලොස් බ්‍රැත්වේට්ගේ පාසලේ මිතුරියක් බව Cricinfo විසින් සඳහන් කර තිබුණු අතර තරගයෙන් පසුව ඇය සුප්‍රසිද්ධ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද හමු වූ බව වාර්තා වේ. එමෙන්ම මෙවර ලෝක කුසලානයේ විස්තර විචාරයේ යෙදෙන කුමාර් සංගක්කාර ද ඇය විසින් මුණ ගැසී තිබුණු බව වාර්තා වේ.

කෙසේ නමුත් ඊයේ පැවති තරගය නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද සහභාගී වී සිටිනු ThePapare.com කැමරා කාචයේ සටහන් වී තිබුණි. >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<