තවත් පාපන්දු නායකයෙක් කණ්ඩායම මාරු කරයි!

559
Mohamed Rifnaz

දැවැන්ත පාපන්දු ලීග් තරගාවලියක් වන ඩයලොග් ශූරයින්ගේ පාපන්දු තරගාවලිය ආරම්භයට ප්‍රථම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් මාරු කරන පුවත් පසුගිය දින කිහිපයේ දී අසන්නට ලැබුණි.

එහි නවතම පුවත වන්නේ රිනවුන් ක්‍රීඩා සමාජයේ නායකත්වය හෙඹවූ මොහොමඩ් රිෆ්නාස් ද සිය කණ්ඩායම මාරු කරමින්, අඛණ්ඩව වසර තුනක් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ කොළඹ ක්‍රීඩා සමාජය සමඟින් ගිවිසුම්ගත වීමයි.

පෙලිකන්ස් නායකයා කණ්ඩායම මාරු කරයි

පසුගිය වර්ෂයේ පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූ චරිත රත්නායක..

කොළඹ පාපන්දු සමාජය විසින් මෙම පුවත සනාථ කළ අතර මේ පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූ මොහොමඩ් රිෆ්නාස් පැවසුවේ ඔහු පාපන්දු ක්‍රීඩාව ආරම්භය කළ කොළඹ පාපන්දු සමාජයටම නැවතත් එකතු වීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වන බවයි.

චරිත් රත්නායක ද පසුගිය 26 වැනිදා කොළඹ පාපන්දු සමාජය සමඟ ගිවිසුම්ගත වූ අතර මොහොමඩ් රිෆ්නාස් 2017 වර්ෂයේ දී රිනවුන් ක්‍රීඩා සමාජයේ සඟයන් වන මොහොමඩ් ෆසාල් හා ෆාසුල් රහුමාන් සමඟින් කොළඹ පාපන්දු කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වීමට උත්සාහ කළත්, රිෆ්නාස් තවත් එක් වසරක් රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කළේය.

රිනවුන් කණ්ඩායම පසුගිය වසරේ පැවති ඩයලොග් ශූරයින්ගේ පාපන්දු තරගාවලියේ අවසන් වටයේ තරගයකින් කොළඹ පාපන්දු කණ්ඩායම හමුවේ පරාජය විය. එම නිසා රිනවුන් කණ්ඩායමට පසුගිය වර්ෂයේ ශූරතාවය මඟ හැරී ගියේය.

ක්ලබ් ඊගල්ස් පාපන්දු පිලේ නායකත්වය සුජාන්ට

මාලදිවයිනේ පැවැත්වෙන 2018 ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි සඳහා තරග වදිනු ලබන…

“මට ඕන වුනා තවත් වසරක් රිනවුන් කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන්න මොකද එතකොට අපේ කණ්ඩායමේ සිටියේ අත්දැකීම් අඩු ක්‍රීඩකයින් පිරිසක් සහ අපිට ඒ වසරේ ශූරතාවය දිනා ගන්නත් අවශ්‍ය වුනා. නමුත් අපි එහි ආසන්නයටම ආවත් අවාසනාවන්ත ලෙස ඒ සිහිනය අපෙන් ගිලිහි ගියා. රිනවුන් කණ්ඩායමේ ක්‍රීඩා කළ කාලය ඉතාමත් සුන්දරයි. මොහොමඩ් රූමි, එමානුවෙල් වැනි දක්ෂ පුහුණුකරුවන්ගෙන් ගුරුහරුකම් ලැබීමට හැකි වීම වාසනාවක් මෙන්ම ලොකු ගෞරවයක්.” යැයි මොහොමඩ් රිෆ්නාස් තවදුරටත් ThePapare.com සමඟ පැවසුවේය.

2014 වසරේ දී රිනවුන් කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වීමට ප්‍රථම රිෆ්නාස් කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සමඟින් ක්‍රීඩා කළේය. ඒ 2012-13 වර්ෂවල දීයි.

සහිරා විද්‍යාලයේ ආදී සිසුවෙක් වන රිෆ්නාස් 2010 – 2013 වර්ෂවල දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජන කිරීමට වරම් දිනා ගත් ක්‍රීඩකයෙකි. ඔහුගේ පාසල් සමයේ දී සහිරා විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සමස්ත ලංකා ශූරතා කිහිපයක්ම දිනා ගැනීමට සමත් වී ඇත.

වර්තමානයේ කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකාරිත්වයට දරණ මොහොමඩ් රූමි මහතා 2010 වර්ෂයේ දී  සහිරා විද්‍යාල පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලදි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<