රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ සීමිත පන්දුවාර තරගය ජය ගනී

1568

ගාලු ආදරවන්තයන්ගේ වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසිය වාසිය දිනා ගත් රිච්මන්ඩ් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්දයන්ගේ ඉනිමෙනි.

රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ තෑගි මේසයම රැගෙන යති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය……

ඔවුන්ගේ ඉනිම නියමිත පන්දු ප්‍රමාණයට තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී නිමා කිරීමට රිච්මන්ඩ් පන්දු යවන්නෝ සමත් වූයේ ලකුණු පුවරුව 189 නතරව තිබිය දී ය. එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී ලබා ගත් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ආදරවන්තයන්ගේ වාර්ෂික සීමිත පන්දුවාර තරගය කඩුලු 6කින් ජය ගනිමින් තෑගි මේසයේ වැඩි තෑගි ප්‍රමාණයක් ද තමන් සන්තක කර ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද ඉනිමේ පළමු  කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට නවෝද් පරණවිතාන සමඟ හංසික වැලිහිඳ සමත් වූහ. නවෝද් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20කට දැවී යෑමත් සමඟ පළමු කඩුල්ලේ සබඳතාව නිමා විය.

අනතුරුව වැදගත් යැයි හැඟෙන ලකුණු සබඳතාවක් එක් වූයේ 5 වැනි කඩුල්ලේ දී ය. ආරම්භක දකුණත් පිතිකරු හංසික වැළිහිඳ ලකුණු 51කට දැවී ගිය එම කඩුල්ලේ සබඳතාව ලකුණු 38කි. ඔහු සමඟින් අනෙක් අන්තයෙන් කවිඳු එදිරිවීර නොදැවී රැඳී සිටියේ ය.

හංසික පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත් අතර කවිඳු පන්දු 45ක දී ලකුණු 28ක් ලබා ගත්තේය.

නිම්සර හා මනෝහරන් සිල්වෙස්තරයට ජය ගෙනෙයි

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවති “31 වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය” …………..

පන්දු යැවීමේ දී පසුගිය සතියේ නිමා වූ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී ද දක්ෂතා දැක්වූ සඳුන් මෙන්ඩිස් ලකුණු 37කට කඩුලු 5ක් දවා ගත්තේ කිසිදු ලකුණක් නොඳුන් පන්දුවාර දෙකක දී ලබා ගත් කඩුලු 2ක් ද සමඟිනි. අවිදු තික්ෂණ ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි රිච්මන්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තේ ඉනිමේ තවත් පන්දුවාර 11ක් ඉතිරිව තිබිය දී ය.

රිච්මන්ඩ් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 4 දී නිමා කිරීමට මහින්දීයන් සමත් වූවද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවක් එක් කිරීමට නායක ධනංජය ලක්ෂාන් සහ කමිඳු මෙන්ඩිස් සමත් වූහ. මේ වමත් පිතිකරුවන් දෙදෙනා මේ වෙනුවෙන් වැය කළේ පන්දු 54ක් පමණක් වීම කැපී පෙණුනි. ධනංජය තමන්ගේ ඉනිම නිමා වන විට පන්දු 43කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය.

නිමා වූ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී ලකුණු අතරට පිවිසීමට නොහැකිව ලත වූ කමිඳු මෙන්ඩිස් වාර්ෂික සීමිත පන්දුවාර තරගයේ දී ක්‍රියාත්මක වෙමින් පන්දු 61ක දී තම අර්ධ ශතකය වාර්තා කළේය. ඔහුගේ ඉනිම නිමා වූයේ පන්දු 92ක දී හතරේ පහර 4ක් සමඟින් එක්වූ ලකුණු 64කිනි.

මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයන්ට කිසිදු බුරුලක් නොදුන් රිචමන්ඩ් ක්‍රීඩකයෝ තම පළපුරුදු ක්‍රීඩකයන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරුව ද ක්‍රියාත්මක වෙමින් ප්‍රහාරාත්මක ඉනිම දිගටම රඳවා ගත්හ. ඒ අනුව තවත් කැපී පෙණෙන ඉනිමක් ගොඩ නැගීමට දිලුම් සුධීර සමත් විය. ඔහු තරගය අවසන් කළේ පන්දු 73ක් පිටියේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 40ක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ද ඇතුලත් විය.

ඊට අමතරව තවීෂ අභිෂේක් පන්දු 20ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තේය.

කොළඹත් ගම්පහත් ගැටුණ නීල හරිත සටන විසඳුමක් නෑ

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර අද (24) බොරැල්ල පී. සරා ඕවල් පිටියේ …

පන්දු යැවීමේ දී සුභානු රාජපක්ෂ කඩුලු 2ක් ලබා ගත් අතර ප්‍රමිත් තෙවරප්පෙරුම සහ කවිඳු එදිරිවීර කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිත්‍ය සිරිවර්ධන නම් කෙරුණ අතර තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් නම් කෙරුණේ රිච්මන්ඩ් විද්‍යාලයේ සඳුන් මෙන්ඩිස් ය. ඊට අමතරව තවත් රිච්මන්ඩ්වරයෙක් වූ කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. මහින්දියයන් වෙනුවෙන් හංසික වැළිහිඳ තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණි.

මහින්ද විද්‍යාලය‍; සියලුම දෙනා දැවි 189 (49.1) හංසික වැලිහිද 51, කවිඳු එදිරිවීර 28, නවෝද් පරණවිතාන 20, නිපුන් මාලිංග 16, සඳුන් මෙන්ඩිස් 5/37, අවිඳු තීක්ෂණ 2/22

රිච්මන්ඩ් විද්‍යාල; කඩුලු 4ක් දැවී 190 (39.0) ධනංජය ලක්ෂාන් 43, කමිඳු මෙන්ඩිස් 64, තවීෂ අභිශේක් 24, දිලුම් සුධීර නොදැවී 40, සුභානු රාජපක්ෂ 2/45

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<