අඛණ්ඩව දෙවැනි වරටත් ඇලෝසියස් ක්‍රීඩකයෝ ජය පැන් බොති

900

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 25 වැනි වරටත් පැවති ටී. වී. සුමනසේකර අනුස්මරණ වාර්ෂික මහා රග්බි තරගය ලකුණු 20-00ක් ලෙස ජය ගැනීමට ගාල්ල ඇලෝසියස් විද්‍යාලය සමත් විය. පිට පිට දෙවැනි වරටත් කුසලානය ඇලෝසියස් ක්‍රීඩකයින් සතු වූ මෙම තරගය කොග්ගල රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ගාලු මහා රග්බි සටනේ ජය කාටද?

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා රග්බි තරගයේ විසිපස් වැනි අදියර හෙට (14) කොග්ගල රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු සහ පොලිස් අධිකාරිවරයෙකු වූ ටී. වී. සුමනසේකර මහතාගේ නමින් මේ වාර්ෂික රග්බි තරගය නම් කර ඇත. මේ දක්වා තරග 12ක් ඇලෝසියස් විද්‍යාලයත්, තරග 9ක් රිච්මන්ඩ් විද්‍යාලයත් ජයගෙන ඇති අතර තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. පසුගිය වසරේ දී ලකුණු 19-09ක් ලෙස තරගය ජය ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය.  

පළමු මිනිත්තුවේ සිටම සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිත්තු 16ක් පමණ ගත වන තුරු රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට සිය අර්ධයෙන් මිදී ඇලෝසියස් ක්‍රීඩකයින් ආක්‍රමණය කිරීමට නොහැකි විය.

පළමු මිනිත්තු පහ ඇතුලත දී රිච්මන්ඩ්වරුන් සිය අර්ධයේ පසුපසටම තල්ලු කරමින් ඇලෝසියස් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර සිය ඉදිරි පෙළ ක්‍රීඩකයින් පසුපසින් රිච්මන්ඩ්වරුන් නොමග යවමින් පන්දුව ලබා ගත් ඇලෝසියස් විද්‍යාලයේ සාලිය බණ්ඩාර වම්පස සීමා කොඩිය අසලින් පළමු ඇලෝසියස් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මල්ෂාන් ආදිත්‍ය අලංකාර ප්‍රවර්තනයකින් අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (රිච්මන්ඩ් 00-07 ඇලෝසියස්)

පළමු උත්සාහක දිනුමෙන් මිනිත්තු කිහිපයකට පසු ඇලෝසියස් ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූ අතර මල්ෂාන් ආදිත්‍ය එම දඬුවම් පහර ලකුණු බවට පරිවර්තනය කරන්නට සමත් විය. (රිච්මන්ඩ් 00-10 ඇලෝසියස්)

පාසල් අටක් මයිලෝ ජනාධිපති කුසලාන සටන් බිමේ

රාජකීය විද්‍යාලයට ජය හිමි කර දෙමින් පසුගිය සති අන්තයේ දී සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලිය අවසාන…

අනතුරුව ඇලෝසියස් ක්‍රීඩකයෝ සිය ඉදිරි පෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් කිහිප වරක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට උත්සහ කළ අතර 21 වැනි මිනිත්තුවේ දී ලද ආසන්න අවස්ථාවක් රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩකයෙකුගේ ආරක්ෂාකාරී බාධා කිරීමක් නිසා ඇලෝසියස්වරුන්ට අහිමි විය.  

රිච්මන්ඩ් ක්‍රීඩකයින් දිගින් දිගටම ඇලෝසියස් ක්‍රීඩකයින්ට දඬුවම් පහර ලබා දුන් අතර 26 වන මිනිත්තුවේ ලද දඬුවම් පහරක් ලකුණු බවට පරිවර්තනය කිරීමට තෝරා ගත් මල්ෂාන් ආදිත්‍ය ලකුණු පරතරය තවත් ලකුණු තුනකින් ඉහළ දැමීමට සමත් විය. (රිච්මන්ඩ් 00-13 ඇලෝසියස්)

නැවත තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව 30 වන මිනිත්තුවේ දී ඇලෝසියස් ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූ අතර මෙවර නම් මල්ෂාන් එම දඬුවම් පහර ගෝල කණු අතරින් යැවීමට සමත් වූයේ නැත.

33 වන මිනිත්තුවේ පා පහරක් දෙමින් පන්දුව ගුවනට මුසු කරමින් ඇලෝසියස් ක්‍රීඩකයින්ගෙන් පන්දුව මුදවා ගත් රිච්මන්ඩ් විද්‍යාලයේ හසිඳු සංජිව පන්දුව රැක ගැනීමට උත්සහ කරද්දී කිසිදු ඇලෝසියස් ක්‍රීඩකයෙකු ඔහු ඉදිරියේ නොසිටි අතර අවාසනාවන්ත ලෙස ඔහුගේ දෑතින් පන්දුව ගිලිහුණු නිසා ලකුණු රැස්කිරීමට තිබූ නිසැක අවස්ථාවක් රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට ගිලිහි ගියේය.

පළමු අර්ධය: රිච්මන්ඩ් විද්‍යාලය 00-13 ඇලෝසියස් විද්‍යාලය     

දෙවන අර්ධයේ දී රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළමු අර්ධයේ පසුබෑමෙන් මිදී ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ නමුත් ඉතා වැදගත් අවස්ථා කිහිපයක දී ම පන්දුව ‘knock on’ අවස්ථාවලට ලක්වීම ඔවුන්ට සිදු වූ විශාලම පාඩුවයි.

දෙවන අර්ධය ආරම්භයත් සමඟ ඇලෝසියස් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙක් රිච්මන්ඩ් ක්‍රීඩකයෙකුට භයානක බාධා කිරීමක් සිදු කළ නිසා පළමු වතාවට රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු රැස්කරගත හැකි දඬුවම් පහරක් හිමි වූ අතර රිච්මන්ඩ් නායක හේෂාන් සිල්වා එම අවස්ථාව සාර්ථක කර ගත්තේ නැත.

ඇලෝසියස් කණ්ඩායම ක්‍රීඩකයින් 14කට අඩු වීමේ වාසිය ලබා ගනිමින් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ඇලෝසියස් ක්‍රීඩකයින්ට යම් පීඩනයක් එල්ල කළ අතර පළමු අර්ධයේ පළමු මිනිත්තු කිහිපය මෙන් ඇලෝසියස්වරුන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට මෙවර ඔවුන් අවස්ථාව ලබා දුන්නේ නැත.

රිච්මන්ඩ් ක්‍රීඩකයින් කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුණු අතර 44 වන මිනිත්තුවේ දී තවත් ඇලෝසියස් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් ලැබුණු අතර ඇලෝසියස් කණ්ඩායම ක්‍රීඩකයින් 13කට සීමා විය. එම අවස්ථාවෙන් වාසි ලබාගෙන රිච්මන්ඩ් ඉදිරි පෙළ පන්දුවත් සමඟින්  ඉදිරියට ගිය අතර අවාසනාවන්ත ලෙස පන්දුව උත්සාහක දිනුම් සීමාව මත දී ම ‘Knock on’ අවස්ථාවකට ලක් වූයේ නිසැක ලකුණු පහක් ඔවුන්ට අහිමි කරවමිනි.

46 වන මිනිත්තුවේ දී ද එලෙසම රිච්මන්ඩ් ඉදිරි පෙළ පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර නැවත වරක් පන්දුව සිය පසුපෙළට ලබා නොදී ඉදිරි පෙළට ලබා දුන් අතර පෙර ලෙසම උත්සාහක දිනුම් සීමාව මත දී ම ඔවුන්ට පන්දුව ඇත හැරිණි.  

ධර්මරාජ හා ඩී. එස්. ක්‍රීඩකයින්ට A කාණ්ඩයේ දොර වැසේ

අවාසනාවන්ත ලීග් තරගාවලියකින් අනතුරුව 2013 අපරාජිතව සිංගර් පාසල් ලීග් රග්බි ශූරතාවය දිනූ මහනුවර ධර්මරාජ විද්‍යාලය හා තරගාවලිය පුරා දක්ෂතාවයේ…

51 වන මිනිත්තුවේ දී ඇලෝසියස් විද්‍යාලයේ සාලිය හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේ නැවත වරක් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගණන 13ක් බවට පත් කරමිනි.

66 වන මිනිත්තුවේ දී රිච්මන්ඩ්වරුන්ගේ අඩිපාරේම ගිය සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව මත දී ම පන්දුව අතහැරියේ තවත් නිසැක ලකුණු පහක් අපතේ යවමිනි.

68 වන මිනිත්තුවේ දී රිච්මන්ඩ් බලාපොරොත්තු පිට පිට දෙවන වසරටත් සුන් කරමින් තුමුර කෞශාන් දෙවන ඇලෝසියස් උත්සාහක දිනුම සඳහා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට සමත් විය. මල්ෂාන් එහි ප්‍රවර්තන ද පහසුවෙන් සාර්ථක කර ගන්නා ලදි. (රිච්මන්ඩ් 00-20 ඇලෝසියස්)

විනිසුරුගේ අවසාන නලා නාදයත් සමඟ පිට පිට දෙවන වසරටත් ටී. වී. සුමනසේකර කුසලානය කල්වාරි කන්දට රැගෙන යන්නට සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ සමත් වූහ.

අවසාන ලකුණු තත්වය: රිච්මන්ඩ් විද්‍යාලය 00 – 20 (2T, 2C,2P) සාන්ත ඇලෝසියස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: මල්ෂාන් ආදිත්‍ය (සාන්ත ඇලෝසියස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – සාලිය බණ්ඩාර (1T), මල්ෂාන් ආදිත්‍ය (2P,2C), චමෝද්‍ය ජයශාන් (1T)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<