තරග 8කින් ද්විත්ව ශතක දෙකක් – මයාන්ක් අග්‍රවාල්

70

ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු මයාන්ක් අග්‍රවාල් තම දෙවන ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය. මයාන්ක් ලබා ගත් මෙම ද්විත්ව ශතකයත් සමඟින් ඉන්දීය ලකුණු පුවරුව දැවැන්ත ලකුණු 493ක් දක්වා ඉහළ ගියේය. 

අජන්ත මෙන්ඩිස්ගේ වාර්තාව චාහර් සොරා ගනී

දකුණතින් වේගපන්දු යවන ඉන්දීය ක්‍රීඩක දීපක් චාහල්ගේ වාර්තා ගත පන්දු යැවීම හේතුවෙන්…

තම ද්විත්ව ශතකය පිළිබඳව අදහස් දක්වමින් මයාන්ක් පවසා සිටියේ තමන් නිවැරදි රිද්මයේ සිටින අවස්ථාවේ දී උපරිම ලකුණු ලබා ගැනීමට උත්සාහ කරන බවයි. මයාන්ක් තවමත් 28 හැවිරිදි වන අතර ඔහුගේ අවසන් ටෙස්ට් තරග 5 තුල දී ද්විත්ව ශතක දෙකක් හා ශතක තුනක් වාර්තා කර ඇත. මෙම තරගයේ දී මයාන්ක් වාර්තා කළ ලකුණු 243 සඳහා හතරේ පහර 28ක් හා හයේ පහර 8ක් ඇතුළත් විය.

මයාන්ක් තම ද්විත්ව ශතකය වාර්තා කළේ මෙහෙදි හසන්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමිනි. ඉන් අනතුරුව ඔහු දැවී යන තෙක්ම බංග්ලාදේශ පන්දු ‍යවන්නන්ට රිසි සේ පහර දීමට මයාන්ක් සමත් විය. මයාන්ක් දැවී ගියේ මෙහෙදි හසන්ගේ පන්දුවකට deep mid-wicket හි අබු ජයේඩ් හට උඩ පන්දුවක් ලබා දෙමිනි. 

ඉන්දීය කණ්ඩායම තම පළමු ඉනිම නතර කරන විට කඩුලු 6කට ලකුණු 493ක් ලබාගෙන සිටියේය. ඒ බංග්ලාදේශය පළමු ඉනිම සඳහා වාර්තා කළ ලකුණු 150ට පිළිතුරු ලෙසිනි. ඉන්දීය කණ්ඩායම ලකුණු 343ක් ඉදිරියෙන් පසුවිය. ඉනිම නවතන විට රවීන්ද්‍ර ජඩේජා ලකුණු 60ක් හා උමේශ් යාදව් ලකුණු 25ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියහ. 

“මම පන්දුවට පහර දෙන කොට මම හොඳින් ක්‍රීඩා කරනවා නම් මම හැම වෙලේම උත්සාහ කරනවා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න. මම හැමවෙලේම උත්සාහ කරනවා කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන යන්න. පරාජය පිළිගන්න මම කැමති නෑ. ඔබ හොඳින් ක්‍රීඩා කරනවා නම් ඔබ ලකුණු 100ක් ගහලා තියනවා නම් කණ්ඩායම ඉදිරියට රැගෙන යන එක තියෙන්නේ ඔබේ අතේ.”

ශකිබ් නැහැ කියන්නේ ක්‍රීඩකයින් දෙන්නෙක් නැහැ වගේ – බංග්ලාදේශ නායක

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී තුන් ඉරියව්…

අග්‍රවාල් හා ජඩේජා එක්ව ඉන්දීය සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 123ක් එක් කිරීමට සමත් විය. ජඩේජා තම අර්ධ ශතකය ලබා ගැනීම සඳහා වැය කළේ පන්දු 72ක් පමණි. තම අර්ධ ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව තම ආවේණික කඩු නර්තනය ද ඉදිරිපත් කිරීමට ජඩේජා අමතක කළේ නැත. උමේශ් යාදව් තම ලකුණු 25 රැස්කිරීමට වැය කළේ පන්දු 10  පමණි. එයට හයේ පහර 3ක් ඇතුළත් විය. 

මයාන්ක් තම ඉනිම තුල දී අජින්කෙයා ‍රහානේ සමඟින් ලකුණු 190ක් ඉන්දීය ලකුණු පුවරුවට එක්කළ අතර අජින්කෙයා ලකුණු 86කට දැවී ගියේය. ඒ සවස තේ පානයෙන් අනතුරුව දැවී ගිය පළමු කඩුල්ල ලෙසිනි. ඔහුගේ කඩුල්ල අබු ජයේඩ් විසින් ලබා ගත් අතර එය ඔහුගේ සිව්වැනි කඩුල්ල විය. 

පසුගිය වසරේ මෙල්බර්න් හිදී ටෙස්ට් වරම් දිනා ගත් මයාන්ක් අග්‍රවාල් මේ දක්වා ටෙස්ට් තරග 8ක් සඳහා ක්‍රීඩා කර ඇති අතර මෙම ද්විත්ව ශතකය ඔහුගේ දෙවන ද්විත්ව ශතකය විය. මේ ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය. මීට පෙර දකුණු අප්‍රිකාව හමුවේ මයාන්ක් වාර්තා කළ ලකුණු 215 ඔහුගේ හොඳම ඉනිම ලෙස වාර්තා විය. 

මයාන්ක්ගේ මෙම ද්විත්ව ශතකය ඉන්දීය ලකුණු පුවරුව වැඩි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන යාමට ප්‍රබල මෙහෙවරක් ඉටු කළ අතර ඉන්දීය නායක විරාත් කෝලි මෙම තරගයේ දී ලකුණු 0කට දැවී යාම විශේෂත්වයකි. විරාත් මේ දක්වා ටෙස්ට් තරග 83කට ක්‍රීඩා කර ඇති අතර ඔහු ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 10ක් සටහන් වේ. 

“ජාත්‍යන්තර ක්‍රිකට්වල හැමවෙලේම පීඩනය තියනවා. ඒත් බංග්ලාදේශ පන්දු ‍යවන්නන් හොඳින් පන්දු ‍යවමින් සිටියා. විශේෂයෙන් අබු ජයේඩ්. ඔහුගේ පන්දු ‍යැවීම ඉතාම හොඳ මට්ටමක තිබුණා. ඒකට ගරු කරන්න ඕනේ.” තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මයාන්ක් පවසා සිටියා. 

මයාන්ක් අග්‍රවාල් පළමු දිනයේ දී ලබා දුන් උඩපන්දුවක් බංග්ලාදේශ ක්‍රීඩකයන් විසින් රැක ගැනීමට අපොහොසත් වූ අතර ඔහු ලකුණු 82ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට බංග්ලාදේශ පන්දු ‍යවන්නන් සමත්වුවත්, මයාන්ක් එම අවස්ථාවේ දී ලබා ගත් සාර්ථක විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමක් නිසා ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස නම් විය. 

ස්මිත් තනතුරු ප්‍රතික්‍ෂේප කරයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සඳහා එරට හිටපු ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත් දැක්වූ…

අබු ජයේඩ් මෙම තරගයේ දී රෝහිත් ශර්මා ලකුණු 6කට ක්‍රීඩාගාරය වෙත යැවීමට සමත් වූ අතර හතරේ පහරකින් තම අර්ධ ශතකය වාර්තා කළ චෙටාස්වර් පුජාරා ලකුණු 54කට දවා ගැනීමට ද ඔහු සමත් විය. 

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ සාර්ථකම දවා ගැනීම වූයේ විරාත් කෝලි දවා ගැනීමයි. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයන් කළ ඉල්ලීම විනිසුරු විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව එම තීරණය අභියෝගයට ලක් කිරීමට බංග්ලාදේශ නායකයා තීරණය කළේය. රූපවාහිනී පුනරූපනවල දී පන්දුව පා ඉන්නෙහි වදින බව තහවුරු විය. 

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුලු ලබා ගැනීමට වේගපන්දු බලඇණිය මුල් වූ අතර මොහොමඩ් ශාමි කඩුලු 3ක් ද, උමේශ් යාදව් හා ඉශාන්ත් ශර්මා කඩුලු දෙක බැගින් ලබා ගැනීමට සමත් විය. බංග්ලාදේශ ඉනිම පළමු දිනයේ දී ම අවසන් කිරීමට ඔවුන් සමත් විය. ඒ වේගපන්දු ‍යවන්නන්ට උචිත තණතීරුවක බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමිනි. 

බංග්ලාදේශ පුහුණුකරු වන රසල් ඩොමින්ගෝ පවසා සිටියේ බංග්ලාදේශ හිටපු නායක ශකීබ් අල් හසන් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වීමෙන් අනතුරුව තම කණ්ඩායම නිවැරදි සංයුතියකින් සකසා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වූ බවයි. 

“බංග්ලාදේශයේ ටෙස්ට් ඉතිහාසය එතරම් හොඳ එකක් නොවෙයි. ඒක ගොඩක් කාලයක් තිස්සේ එන දෙයක්. අපිට සාර්ථක ටෙස්ට් කණ්ඩායමක් වෙන්න අවශ්‍ය නම් අපිට කණ්ඩායමේ සංයුතිය වෙනස් කරන්න වෙනවා. ඒකෙන් තමයි අපිට අපේ රටේ වගේම සංචාරක තරගාවලිවලදීත් දස්කම් අතරට එන්න පුළුවන් වෙන්නේ.” ඩොමින්ගෝ පවසා සිටියා. 

“අපි මේ ගැන තේරීම් නිලධාරීන් එක්ක වගේම නායකයා එක්කත් කතා කරන්න ඕන. ඊට පස්සේ තමයි ඉදිරියට යන සැලැස්ම ගොඩනගන්න වෙන්නේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<