ICBT වසර 4කට පසුව නැවතත් ශූරයින් වෙයි

2011

8 වැනි වරටත් පැවැත්වූ Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (28) ව්‍යාපාර හා තාක්ෂණික ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය (ICBT) හා ගුණජය පදනම විශ්ව විද්‍යාලය (FOG) කණ්ඩායම් අතර කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එහි දී FOG කණ්ඩායම කඩුලු 2කින් පරාජය කළ ICBT කණ්ඩායම මෙහි ශූරතාව දිනා ගන්නා ලදි. 

අවිශ්ක රසික හදවත් දිනද්දී ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි!

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසා අද (28) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති දෙවැනි එක්දින තරගයත්…

මේ මස 21 වැනිදා ආරම්භ වූ මෙවර Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සරසවි කණ්ඩායම් 26ක් සහභාගී විය. තරග 25කින් සමන්විත වන මේ තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙස පැවැත්විය. 

එසේම මෙවර තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් වන සදීර සමරවික්‍රම, ප්‍රියමාල් පෙරේරා වැනි ක්‍රීඩකයින් පවා සහභාගී විය.

ව්‍යාපාර හා තාක්ෂණික ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය හා FOG යන කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) හා E – සොෆ්ට් විශ්ව විද්‍යාල යන කණ්ඩායම් පරාජයට පත් කරමිනි. 

මෙම තීරණාත්මක අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනූ ICBT කණ්ඩායමේ නායක සාලින්ද උෂාන් පළමුව පන්දුවට පහර දීමට ගුණජය පදනම විශ්ව විද්‍යාලයට ආරාධනා කළේය. 

FOG  කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් විය. එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන සම්මු අශාන් පන්දු 43ක දී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක්  ඇතුළත් විය. 

ඩිල්ශාන් කාංචන ලකුණු 25ක් ද, ලහිරු හිරන්‍ය ලකුණු 20ක් ද ලබා ගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ චරණ නානායක්කාර ලකුණු 21කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර රනිත ලියනාරච්චි සහ චමීර දිසානායක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඕල් බ්ලැක්ස් වෙතින් ICCයට කොලොප්පමක්

ICCයට කොලොප්පම් කිරීම ක්‍රිකට් ආයතනයකට එතරම් සුබදායී නැහැ. එහෙත් රග්බි ආයතනයකට එය මොන වගේ වේවි ද? පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන…

ලකුණු 170ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ICBT කණ්ඩායම පන්දුවාර 19කුත් එක් පන්දුවක් අවසානයේ දී සිය ඉලක්කය සම්පුර්ණ කිරීමට සමත් විය. 

මෙහි දී සදීර සමරවික්‍රම ලකුණු 32ක් ද, සාලින්ද උෂාන් ලකුණු 29ක් ද, ලහිරු මිලන්ත ලකුණු 28ක් ද ලබා ගැනීමට සමත් විය. ව්‍යාපාර සහ තාක්ෂණික ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිව් දෙනාම ලකුණු විස්සට වැඩියෙන් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් බිඳ හෙලීය. තරගාවලියේ වීරයා ලෙස ඕස්ට්‍රේලියානු ව්‍යාපාර සහ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු සම්මාන ලැබීය.

ඒ අනුව 2019 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යාපාර සහ තාක්ෂණික ජාත්‍යන්තර විද්‍යාලය සහභාගී වනු ඇත. 

මීට පෙර 2014 වසරේ පැවති Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා තරගාවලිය ජයග්‍රහණය කරමින් එහි ශූරතාවය දිනාගැනීමට ICBT කණ්ඩායම සමත් විය.

FOG – 169/9 (20): සම්මු අශාන් 64, ඩිල්ශාන් කාංචන 25, ලහිරු හිරන්‍ය 20, චරණ නානායක්කාර 3/21, රනිත ලියනාරච්චි 2/25, චමීර දසනායක 2/35.

ICBT – 170/8 (19.1): සදීර සමරවික්‍රම 32, සාලින්ද උෂාන් 29, ලහිරු මිලන්ත 28, ප්‍රියමාල් පෙරේරා 21, රමේෂ් මෙන්ඩිස් 2/33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<