ඉන්දීය නායකයාගෙන් ශතකයක්

202

6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (27) කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති ඉන්දියාව සහ  සිම්බාබ්වේ අතර තරගයේ දී ඉන්දීය නායක සුභාම් නගවාඩ් ශතකයක් ලබා ගත්තේ ය. මෙම තරගයෙන් ඉන්දියාව පහසු ජයක් ලැබූ අතර පැවති අනෙක් තරගවල දී පාකිස්තානය සහ බංග්ලාදේශය පිළිවෙළින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කළේය.

ජනිත් ලියනගේ සිම්බාබ්වේ කණ්ඩායම වනසා දමයි

23 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ජනිත් ලියනගේ විසින් ලබා ගත් කඩුලු ත්‍රිත්වය සමඟින් වූ කඩුලු 7 සහ පිතිකරුවෙක් ලෙසින් රැස් කරන ලද අර්ධ ශතකය ද සමඟින් 6 වැනි Red Bull….

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පාකිස්තාන ක්‍රීඩකයෝ ලකුණු 62ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කට ලකුණු 204ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 142ක් පමණි.

පාකිස්තාන ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 49ක් විය. ඒ ශාෂර් හසන් සහ අබ්දුර් රාහ්මන් අතර ය. රාහ්මන් පන්දු 25ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තේ ය.

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් ගොඩ නැගීමට ශාෂර් සහ අර්සලන් සමත් වූහ. ඔවුන් දෙදෙනාම තම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි.  

ශාෂර් පන්දු 38ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 76ක් ද සහ අර්සලන් පන්දු 41ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්හ.

අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්සලන් සහ කුරාම් ශෂාඩ් (16) එක්ව ලකුණු 64ක් වාර්තා කළහ.

කඩුලු ලබා ගැනීමේ දී සුපේශල ජයතිලක ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

මැතිව්ස්ව දංගෙඩියට යැවීමෙන් ප්‍රශ්න ඔක්කොම විසඳෙයි ද?

වසර එකහමාරක් වැනි කාල සීමාවක දී ක්‍රීඩකයින් 43 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එක්දින කණ්ඩායමට තෝරමින් ක්‍රිකට් පහළට හෙළුවේ යැයි චෝදනා ලත් සනත් ජයසූරිය…

පිළිතුරු ඉනිමේ දී සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 142ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ හෂාන් දුමිඳු ය. ඔහු පන්දු 55කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 76ක් ලබා ගත්තේ ය. ඊට අමතරව පසිඳු ලක්ෂාන් පන්දු 24කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තේ ය.

ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවක් එක් කළහ. ඔවුන් දෙදෙනාට අමතරව සුපේෂල ජයතිලක ලකුණු 10ක් ලබා ගත්තේ ය. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට පැමිණීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී නායක මුහම්මද් අසාද් ලකුණු 11කට කඩුලු 3ක් ද, හම්ෂා කදීර් සහ මහමූඩ් අලි කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

පාකිස්තානය; කඩුලු 5ක් දැවී 204 (20.0) ශාෂර් හසන් 76, අර්සලම් ෆර්ෂාන් 56, සුපේශල ජයතිලක 2/34

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 142 (19.3) හෂාන් දුමිඳු 76, පසිඳු ලක්ශන්ක 24, මුහම්මද් අසාද්3/11, හම්ෂා කදීර් 2/20, මහමූඩ් අලි 2/29


ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 136ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 244ක් ලබා ගත්හ.

ඉන්දීය ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ නායක සුභාම් නගවාඩ් ය. ඔහු පන්දු 67කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 15ක් සමඟින් නොදැවි 133ක් ලබා ගත්තේ ය. එමෙන්ම රොහාන් ඩම්ලි පන්දු 28ක දී ලකුණු 50ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගනිමිනි.

ඔවුන් දෙදෙනා එක්ව 2 වැනි කඩුල්ලට ලකුණු 129ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනි. ඊට අමතරව මුර්ටෂා ශබිර් ද ලකුණු 39ක් ලබා ගත්තේ ය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් සුභාම් සහ ශබීර් අතර සබඳතාව ලකුණු 103කි.

කඩුලු ලබා ගැනීමේ දී ඉන්දිය ඉනිමේ දැවී ගිය කඩුලු 2කම අනේලි නග්වෙන්‍යා සතු කර ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටිය පිවිසි සිම්බාවේ ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු108ක් පමණි. එම ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගත්තේ මුර්ටෂා ශබිර් ය. ඔහු ලකුණු 09කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව යශ් නහර් ලකුණු10කට කඩුලු 10ක් ලබා ගත්තේ ය.

ඉන්දියාව; කඩුලු 2ක් දැවි 244 (20.0): සුභාම් නගවාඩ් නොදැවි 133, රොහාන් ඩම්ලි 50, මුරටෂා ශබිර් 39, අනේලි නග්වෙන්‍යා 2/38,

සිම්බාබ්වේ; කඩුලු 9ක් දැවී 108  (20.0) චොබේෂි සිකෝලා 20, බිල් ක්වම්බනා 19, සුභාම් ටයිස්වාල් 4/09, යශ් නහර් 3/10


බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී නිමා වූ මෙම තරගයේ දී ලකුණු 26ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව රැස් කළ ලකුණු සංඛ්‍යාව කඩුලු 8ක් දැවී 129කි. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 103ක් පමණි.

බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය අවසන් කරමින් ඊයේ (26) අබුඩාබි ශෙයික් ෂායෙඩ් ක්‍රීඩාංගණයේ දී පැවති පාකිස්තානය සහ බංග්ලාදේශ අතර තරගයෙන් පාකිස්තානය…

කණ්ඩායම් දෙකේම පිතිකරුවෝ අසාර්ථක වෙද්දී බංග්ලාදේශය වෙනුවෙන් මාබුබුර් රහම් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් රාම් නාරායන් ලකුණු 14කට කඩුලු 4ක් ද රාහුල් භාතියා ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්හ.

බංග්ලාදේශය; කඩුලු 8ක් දැවී 129 (20.0): අනුජුම් අහමඩ් 25, ශබාබ් ජමිල් 25, අරිෆුර් රහමන් 20, රාම් නාරායන් 4/14, රාහුල් භාතියා 3/19

එක්සත් අරාබි එමීර් රාජ්‍යය; සියලුම දෙනා දැවී 103 (16.3): අදිත්‍ය කොතාරි 20, මේධී අසාරියා 21, මාබුබුර් රහම් 5/18

තරගාවලියේ තවත් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<