ඩේල් ස්ටේන්ට නව IPL කණ්ඩායමක්

298
The Cricket Times

දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ මෙවර තරග වාරය සඳහා ගිවිසුම් අත්සන් තබා තිබේ. ඒ, ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක නෙදන් කොල්ටර් නයිල් වෙනුවටයි.

නවසීලන්ත නායකත්වය වෙනස් වෙයි

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ⁣එක්දින තරග 3කින් යුතු පුහුණු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන නවසීලන්ත…

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ මෙවර තරග වාරය සඳහා ගිවිසුම් ගත වූ ඩේල් ස්ටේන් ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 19 වැනිදා සිට කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ එක්වීමට නියමිත වේ.

මෙවර තරගාවලියේ මූලික වටයේ මුහුණ දෙන 9 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එළඹෙන 19 වැනිදා කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය. ඩේල් ස්ටේන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන්නේ වසර 2කට පසුව වීම විශේෂත්වයකි. ඔහු අවසන් වරට 2016 වසරේ දී ගුජරාට් ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී තිබේ.

ඩේල් ස්ටේන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ එක්වන සිව්වැනි අවස්ථාව මෙය වේ.  2008 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුල ස්ටේන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් තරග 28ක දී කඩුලු 27ක් දවා ගෙන තිබේ.

සුපිරි පළාත් සටනෙන් වැඩ පෙන්වූ සුපිරි සංචිතය

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය දින 8ක් පුරාවට මහනුවර දී හා දඹුල්ලේ දී පැවැත්වුණු අතර එහි දී ගාල්ල හා කොළඹ…

ඩේල් ස්ටේන් ගුජරාට් ලයන්ස් කණ්ඩායමට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල 2011 වසරේ දී ඩෙකැන් චාර්ජර්ස් කණ්ඩායම ද නියෝජනය කර තිබේ. එමෙන්ම ස්ටේන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට නියෝජනය කර තිබේ.

කෙසේ වෙතත් ආබාධයක් හේතුවෙන් පසුගිය 2017 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියෙන් ස්ටේන්ට ඉවත් වීමට සිදු විය. 2018 වසරේ හා මෙම වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පෙර පවත්වන ක්‍රීඩක වෙන්දේසියේ දී ස්ටේන් කිසිදු කණ්ඩායමකට අලෙවි වූයේ නැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<