නායකත්වය අභියෝගයට ලක් කළ සිම්බාබ්වේ ක්‍රීඩකයා තරගාවලියෙන් ඉවතට

79
Sikandar Raza

බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මේ මස 13 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කොට තිබෙන සිම්බාබ්වේ සංචිතයෙන් ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා ඉවත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ.

ටෙස්ට් පිටියෙන් බැස යන සුපිරි ඇෆ්ගන් තරුව

දශකයකටත් අධික කාලසීමාවක් පුරාවට ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමේ

සිම්බාබ්වේ කණ්ඩායම් නායක හැමිල්ටන් මසකඩ්සා විසින් රාසාට එරෙහිව ගොනු කර ඇති විනය කඩ කිරීමේ චෝදනාව සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයකට එළඹීමට තමන් ඇතුළු අනෙකුත් නිලධාරි මඬුල්ලට සිදු වූ බව වැඩිදුරටත් මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් එරට ප්‍රධාන තේරිම් කමිටුභාර නිලධාරි වෝල්ටර් චවාගුතා මහතා සඳහන් කර සිටියේය.

මසකඩ්සා හෝ අන් කවර ක්‍රීඩකයෝ හෝ වේවා, නායකත්වය දරන පුද්ගලයාට කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ උපරිම සහයෝගය ලැබෙන්නේ නැත්නම් අවසනායේ දී ඒක විශාල ගැටලුවක් නිර්මාණය කිරීමට එක හේතු කාරණාවක් වෙන්න පුළුවන්. හැම අවස්ථාවක දී ම හැකි උපරිමයෙන් නායකයාට සහය දක්වමින් මුළු කණ්ඩායමම එකා වගේ එක දිශාවකට ගමන් කළොත් විතරයි ඕනෑම තරගයක් ජයග්‍රහණය කිරීමේ අඩිතාලම සකස් කරගන්න පුළුවන්. මේ හේතුව නිසා තමයි අපි රාසාව මේ තරග සංචාරය සඳහා එකතු කර නොගන්න කල්පනා කළේ.”

මෙම තරගාවලිය සඳහා නම් කර ඇති සිම්බාබ්වේ සංචිතය දෙස අවධානය යොමු කිරීමේ දී මූලිකවම දැක ගත හැකි කාරණාවක් වන්නේ බ්‍රෙන්ඩන් ටේලර්, ක්‍රේග් අර්වින්, ෂෝන් විලියම්ස් සහ ක්‍රිස්ටෝපර් මොෆූ වැනි අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ මෙන්ම ටෝනි මුයොන්ගා, ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි සහ නෙවිල් මැඩ්සිවා වැනි නැඟී එන යොවුන් ක්‍රීඩකයන්ගේද සාර්ථකත්වය එක හා සමානව තරග ජයග්‍රහණයන් සඳහා සෘජු ලෙස බලපානු ඇති බවයි.

රංගනලා 176 බස් එකේ නැගලා ගියේ කොහේද?

ලෝකයේ මෙතෙක් බිහි වූ අංක එකේ වමත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර අවිවාදයෙන් පිළිගැනේ.

මෙම තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට අපේක්ෂාවෙන් සිටින සිම්බාබ්වේ කණ්ඩායම් නායක හැමිල්ටන් මසකඩ්සා විශේෂයෙන්ම සඳහන් කර සිටියේ ලබන වසරේ ඩුබායි හීදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුස්සන් තේරීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට තිබූ මහඟු අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට අහිමි යාමත් සමඟම තවත් කලක් කණ්ඩායමේ රැඳී සිටිනවාට වඩා නවක ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාගැනීමට ඉඩප්‍රස්තාව විවර කර දීම වඩාත් වැදගත් වනු ඇති බවයි.

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ සඳහා සෘජු දේශපාලනික බලපෑම් රාශියක් පවතින බවට සනාථ වීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට එරෙහිව වාරණයක් ගෙන එනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉතාමත් අවාසනාවන්ත අයුරින් සිම්බාබ්වේ කණ්ඩායමට අහිමි වී ගොස් තිබේ.

මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද යමක් කර පෙන්වන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග

කණ්ඩායමක් වශයෙන් මුහුණ දීමට සිදුව ඇති අභියෝගයන් සහ ඒවා ජය ගනිමින් කණ්ඩායමක් වශයෙන් ඉදිරිය සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳ සිය හඬ අවදි කළ සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත් මහතා සඳහන් කර සිටියේ කණ්ඩායම තුල සාමූහික හැඟීම, එකමුතු බව වැනි ගුණාංග වර්ධනය කිරීමට නම් නවක ක්‍රීඩකයන්ගේ වැඩි දායකත්වයක් ලබාගන්නා අතරවාරයේ කණ්ඩායම තුල ආකල්පයම වශයෙන් වෙනසක් සිදු විය යුතු බවයි.

කණ්ඩායම අළුත් විය යුතුයි කියන එකෙන් මම අදහස් කළේ සම්පූර්ණ කණ්ඩායමම නවක ක්‍රීඩකයින්ගෙන් පුරවා ගත යුතුයි කියන එක නෙමේ. නවක ක්‍රීඩකයෙක්ට වුනත් ජාත්‍යන්තර මට්ටමේ යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනගාගන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් සහ මාර්ගෝපදේශයන් අතිශය වැදගත්. ඒ නිසා ඒ අයගේ දායකත්වය මේ වෙලාවේ කණ්ඩායමේ ඉදිරි ගමනට අතිශය තීරණාත්මක සාධකයක්.”

මේ සියල්ල සැලකිල්ලට අරන් තමයි ඉදිරියේ දී එන බංග්ලාදේශ සංචාරය සඳහා යොවුන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ හොඳ සම්මිශ්‍රණයකින් යුතු සමබර කණ්ඩායමක් ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙන්නේ.”

සිම්බාබ්වේ විස්සයි විස්ස සංචිතය – හැමිල්ටන් මසකඩ්සා(නායක), රෙගිස් චකබ්වා, රිචඩ් මුටුම්බාමි, ෂෝන් විලියම්ස්, නෙවිල් මැඩ්සිවා, ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි, ටෝනි මුන්යොන්ගා, කයිල් ජාවිස්, ටෙන්ඩායි චතාරා, ක්‍රිස්ටෝපර් මෝෆූ, ක්‍රේග් අර්වින්, බ්‍රෙන්ඩන් ටේලර්, රියන් බර්ල්, එයින්ස්ලි ලෝවූ, ටිමිසෙන් මොරුමා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<