රවී ශාස්ත්‍රීට ඉහළ වැටුපක්

84
Ravi Shastri

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිය කොන්ත්‍රාත්තුව දිගු කළ රවී ශාස්ත්‍රී හට 20%ක වැටුප් වැඩි වීමක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව 57 හැවිරිදි හිටපු පිතිකරු රවී ශාස්ත්‍රී වසරකට ඉන්දීය රුපියල් කෝටි 10කට අධික වැටුපක් ලබනු ඇත. ඔහුගේ පෙර කොන්ත්‍රාත්තුව අනුව ඔහු ඉන්දීය රුපියල් කෝටි 8ක වාර්ෂික වැටුපක් ලැබූ අතර අළුත් කරන ලද කොන්ත්‍රාත්තුවට අනුව ඔහු විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා වසර දෙකක කාලයක් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ඇෆ්ගනිස්තාන යොවුන් පිළෙන් ඉන්දියාවට හොඳ සටනක්!

නුදුරු අනාගතයේදීම ජගත් ක්‍රිකට් පිටියේ දිදුලන්නට බලා සිටින නවක ක්‍රීඩකයින් එකිනෙක ගැටෙන…

ජාත්‍යන්තර මාධ්‍ය තව දුරටත් වාර්තා කළේ අනෙක් සහය පුහුණුකරු කාර්ය මණ්ඩලයටත් සැළකිය යුතු වැටුප් වැඩි කිරීමක් ලබා දී ඇති බවයි. පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් හා පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රිධර්ගේ ඉන්දීය රුපියල් කෝටි 3.5ක් පමණ වන අතර මීට දින කිහිපයකට ඉහත දී පත් කළ නව පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාතෝර්ගේ වසරකට ඉන්දීය රුපියල් කෝටි 2.5ක් උපයනු ඇත. 

මේ සියලු නව කොන්ත්‍රාත්තු සැප්තැම්බර් 1 වැනිදා සිට බලාත්මකයි.

මේ රවී ශාස්ත්‍රී ඉන්දීය ජාතික කණ්ඩායම සමඟ කටයුතු කරන සිව්වැනි අවස්ථාවයි. 2007 වසරේ බංගලාදේශ සංචාරයේ දී ඔහු කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අතර 2014 වසරේ සිට 2016 වසර දක්වා ඔහු කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලදි. 2017-2019 කාල සීමාවේ දී ඔහු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු ලෙස සිය පළමු ධුර කාලය ඉසිලීය.

2017 වසරේ රවී ශාස්ත්‍රීව ඉන්දීය කණ්ඩයමේ පුහුණුකරු ලෙස තෝරා ගත්තේ සචින් ටෙන්ඩුල්කාර්, සව්රව් ගන්ගුලි හා වී. වී. එස් ලක්ෂ්මන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින්. ඊට පෙර 2015 ලෝක කුසලානයේ දී ශාස්ත්‍රී කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලදි.

රෂීඩ් ඇතුළු ඇෆ්ගන් ක්‍රීඩකයෝ ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරති

රෂීඩ් ඛාන් ඇතුළු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ වාර්තා කිහිපයක්ම…

රවී ශාස්ත්‍රීගේ ධුර කාලය තුළ ඉන්දියාව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත් වූ අතර 2019 ලෝක කුසලානයේ දී ඉතා ඉහළ දක්ෂතා දක්වන්නට ද සමත් විය. ඔවුන් පරාජය වුනේ තරග දෙකක් පමණයි.

ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ දී ලද පළමු ටෙස්ට් තරගාවලි ජයත් වාර්තා වුනේ ඔහුගේ ධුර කාලයේ දී වීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<