සුපුරුදු පුහුණුකරු නැවතත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තනතුරට

838

ඉන්දියාවෙන් බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රවී ශාස්ත්‍රි නැවත වතාවක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අද (16) තේරී පත්ව තිබේ.

සිව්වැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලැබෙන ලකුණු

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පසුගිය 14 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා හා නවසීලන්තය පළමු ටෙස්ට්…

ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය පවසන පරිදි රවී ශාස්ත්‍රි 2021 වසර දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ කටයුතු කරනු ඇත. 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය වෙත අයදුම්පත් යොමු කර තිබූ අතර ඒ අතරින් ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු කවුද යවන වග තේරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පරිපාලනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් තොර පත් කර තිබුණි. 

ඒ අනුව මෙම තනතුර සඳහා අයැදුම් කරන ලද පුද්ගලයින් ලෙස ටොම් මූඩි, මයික් හෙසන්, ෆිල් සිමන්ස්, වත්මන් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු වන රවී ශාස්ත්‍රි, රොබින් සිං සහ ලාල්චන්ද් රාජ්පුත් වැනි ජ්‍යෙෂ්ඨ, පරිණත පුහුණුකරුවන්ගේ නම් ද මෙම සටන සඳහා ඇතුළත්ව තිබුණේය. 

ශාස්ත්‍රි 2014 වසරේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස තේරී පත්ව වසර 3කට ආසන්න කාලයක් වැඩ කටයුතු සිදු කර අතර අනිල් කුම්බ්ලේ ඉන්දීය නායක විරාත් කෝලි සමඟ කටයුතු කිරීම අපහසු බව පවසමින් ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට පසුව, 2017 වසරේ ජූලි මාසයේ සිට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශාස්ත්‍රි තේරී පත්විය. 

අනතුරුව ශාස්ත්‍රිගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී ඉතිහාසගත ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයක් හා දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී පළමු වතාවට එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව දැනටත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම් අනුව ලොව අංක 1 ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වේ. 

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තේරීමේ සටනින් මහේල ඉවතට?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භූමිකාව මෙවර කවුරුන් විසින් ඩැහැ ගනී දැයි යන පැනයට…

නමුත් 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඉන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් තෝරාගැනීමට තීරණය කළ අතර ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පරිපාලනය විසින් පසුගිය 17 වැනිදා ප්‍රධාන පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු හා තවත් අංශ කීපයක් සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවේය.

ඒ අනුව කපිල් දේව්, අන්ශුමාන් ගයක්වාඩ් සහ ශාන්තා රන්ගස්වාමි යන තිදෙනාගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල උපදේශන කමිටුව, ඔවුන්ගේ අවසන් නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ දී නායක කෝලීගේ ඉල්ලීම සඳහා ද වැඩි අවධානයක් යොමු කරමින් නැවත වතාවක්  රවී ශාස්ත්‍රි මහතාව ඉදිරි වසර දෙකක කාලය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගැනීමට තීරණය කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<