වැඩි වාසිය රත්නම්ට සහ ගෙලිඔයට

876
Ratnam silence Singing Fish at home; Geli Oya edge Great Star translated

රත්නම් ක්‍රීඩා සමාජය ගෝල 2-0ක් ලෙස සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය පරාජය කරමින්, තම නිජබිමෙන් පිටතදී අත්‍යාවශ්‍යව තිබූ ජයක් ලබා ගැනීමට සමත් විය. ප්‍රීමියර් ලීග් දෙවන කාණ්ඩයේ අවසන් පූර්ව තරඟයක් වූ මෙය පැවැතියේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදීය.

පසුගිය ලිපි: දෙපසටම ඇදුණු තරඟයේ ජය යුධ හමුදාවට

තරඟ ප්‍රතිඵලය කෙසේවෙතත් තරඟයේ මුල සිටම රත්නම් ආරක්ෂකයන්ට අභියෝග කළේ සිඟින් ෆිෂ් කණ්ඩායමයි. තරඟයේ මුල් අවධියේදීම රත්නම් කණ්ඩායමේ සිනෙදු ජෝන් හට කහ කාඩ්පතක් හිමිවිය.

තරඟයේ මුල් අවධියේදීම සිදුකළ අභියෝගාත්මක ක්‍රීඩාවේ ප්‍රතිඵලයක් වශයෙන් සිඟින් ෆිෂ් කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ නමුත් එය සාර්ථකව නවතාගන්නට රත්නම් කණ්ඩායමේ ගෝල රකින්නා සමත් විය.

සිඟින් ෆිෂ් කණ්ඩායමේ ෆ්‍රැන්කෝ සහ ක්‍රිස්ටියන් යන දෙදෙනාට ඉක්මන් කහ කාඩ්පත් දෙකක් හිමිවීම පසුව දැකගත හැකිවිය. කෙමෙන් කෙමෙන් රත්නම් කණ්ඩායම ඉදිරියට එන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.

33 වැනි මිනිත්තුවේදී සිඟින් ෆිෂ් කණ්ඩායමේ ආරක්ෂණ දුර්වලතාවයක් හඳුනාගත් තියාගෝ, රත්නම් කණ්ඩායම ගෝලයකින් ඉදිරියට ගෙන ගියේය.

ප්‍රථම අර්ධය – රත්නම් ක්‍රීඩා සමාජය 1-0 සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය.

දෙවන භාගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකෙන් දිස්වූයේ වේගවත් ක්‍රීඩා රටාවකි. තරඟයේ 70 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අකීල්, රත්නම් කණ්ඩායමට දෙවන ගෝලයත් එක්කළේය.

කහ කාඩ්පත් වලින් අඩුවක් නොවූ මෙම තරඟයේදී තවත් කහ කාඩ්පත් තුනක් පිරිනැමුණේ ඉන් පසුවය.

අනතුරුව විනිසුරුගේ තීරණයකට නොකැමැත්ත ප්‍රකාශ කරමින් නරඹන්නන් නොසන්සුන් වූ අතර තරඟය මඳ වේලාවකට නවත්වනු ලැබිණි. පිටියට ගල් ප්‍රහාර එල්ලකිරීමටද නරඹන්නන් යොමුවිය.

තරඟය නැවත ආරම්භවීමෙන් පසුව සිඟින් ෆිෂ් ක්‍රීඩකයන් ගෝලයක් වාර්තා කරන්නට දැඩි උත්සාහයක් ගත්තද ඔවුන් වළකාගන්නට රත්නම් ආරක්ෂක ක්‍රීඩකයන් සමත් විය.

සම්පූර්ණ කාලය – රත්නම් ක්‍රීඩා සමාජය 2-0 සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්.
රත්නම් ක්‍රීඩා සමාජය – තියාගෝ 33′, අකීල් 70′.

කහ කාඩ්පත්
රත්නම් ක්‍රීඩා සමාජය – සිනෙදු ජෝන් 6′, සතිෂ් කුමාර් 72′.
සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය – ෆ්‍රැන්කෝ 11′, ක්‍රිස්ටියන් 28′, මයුරන් 52′, ඥානප්‍රදීප් 72′.


ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෙලිඔය ක්‍රීඩා සමාජය.

මින් තම නිජබිම වූ බෙන්තොට ගාමිණී ක්‍රීඩාංගනය තුළදී ගෝල 1-0ක් වශයෙන් අමිහිරි පරාජයක් හිමිවූයේ ග්‍රේට් ස්ටාර් කණ්ඩායමටයි.

ප්‍රථම අර්ධය තුළදී කණ්ඩායම් දෙකෙන්ම දිස්වූයේ නිද්‍රාශීලී ක්‍රීඩා ශෛලියකි. නමුත් දෙවන අර්ධයේ මිනිත්තු 10ක් තුළ ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ගෙලිඔය කණ්ඩායම ජයග්‍රහණයට මාවත සලසාගත්තේය.

තරඟය 1-0ක් වශයෙන් ජයගත් ගෙලිඔය කණ්ඩායම ගෝලයක ඉදිරියක් සමඟින් ග්‍රේට් ස්ටාර් සමඟ දෙවන තරඟයට එළඹෙයි.

  තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට