තවත් ක්‍රීඩකයෙකුට තරග තහනමක්

551

මෙවර ඩයලොග් රග්බි ලීගයේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු සහ හිටපු නායකයෙකු ද වන රසිත් සිල්වා හට එක් තරගයක් සඳහා තරග තහනමක් පනවා තිබේ. අශීලාචාර වචන භාවිතය හේතුවෙන් රසිත් හට මෙම තරග තහනම හිමි වී ඇත.

රග්බි පිටියට වෙනසක් ගේන මොකක්ද මේ සුපිරි වටය?

සුවහසක් වූ ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවකින් ….

පසුගිය සතියේ පොලිස් ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ දී මෙම සිදුවීම සිදු වූ අතර එහි දී විනිසුරු හසන්ත වේරංග විසින් පළමු අවවාදය ලබා දෙන ලදි. නමුත් නැවත වරක් එම වරද රසිත් විසින් සිදු කරන ලද නිසාවෙන් විනිසුරුවරයා විසින් ඔහුට කහ කාඩ්පතක් පිරිනැමීය.

නමුත් කහ කාඩ්පතින් නොනැවතුණු රසිත් සිල්වා ඔහුට ලබා දුන් එම තීරණය (කහ කාඩ්පතක් පිරිනැමීම) සම්බන්ධයෙන් ද විනිසුරුවරයා සමඟ බහින්බස් වීම හේතුවෙන් විනිසුරු හසන්ත වේරංග විසින් රසිත් හට දෙවන කහ කාඩ්පත ද පිරිනැමීය. එම දෙවන කහ කාඩ්පත හිමි වීම රතු කාඩ්පතක් හිමිවූවාට සමාන බැවින් රසිත් හට තරගයෙන් ඉවත්වීමට සිදු විය.

තරග විනිසුරුවරයා විසින් මෙම සිදුවීම පිළිබඳව කරන ලද පරීක්ෂණයෙන් අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජයේ රසිත් සිල්වා හට  එක් තරගයක් සඳහා තහනම් පනවනු ලැබීය. ඒ අනුව රසිත් හට එළඹෙන තරගය වන පොලිස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.

Points Table | Dialog Rugby League 2018/19 | ThePapare Stats Centre

Official Points Table for the Dialog Rugby League 2018/19 Season that kicked off on the 9th of November 2018

රසිත් සිල්වා යනු පොලිස් ක්‍රීඩා සමාජයේ නායක උදාර සූරියප්පෙරුම සමඟ ඉදිරිපෙළ අංශය ශක්තිමත් කරන දක්ෂ ක්‍රීඩකයෙකි. මීළඟ තරගය සඳහා රසිත්ගේ අඩුව, පොලිස් ක්‍රීඩා සමාජයට මෙවර රග්බි ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාමට නිසැකවම අපහසු වනු ඇත.

මේ වන විට පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවන අතර යුධ හමුදා ක්‍රීඩා සමාජය එහි 5 වැනි ස්ථානයේ පසුවේ.

රග්බි ක්‍රීඩකයෙකුට සහ භෞත චිකිත්සක වරයෙකුට වැඩ වරදී

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු ඉෂාන් කරුණාතිලක සහ ….

ලසිඳු නැවත පිටියට

හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අංක 8 ක්‍රීඩක ලසිඳු කරුණාතිලක, මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිත CH&FC කණ්ඩායම සමඟ තරගයේ දී නැවත තරග බිමට පිවිසෙනු ඇත. CR&FC කණ්ඩායම සමඟ පැවති තරගයේ දී සිදු වූ සිදුවීමක් හේතුවෙන් ඔහුට තරග දෙකක තහනමක් හිමි විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<