පාසල් රග්බි සභාපති ධුරය වෙනස් වේ

790
Ranjith Chandrasekara

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ හිටපු විදුහල්පති හා දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපනඥයෙක් වන රංජිත් චන්ද්‍රසේකර මහතා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ (SLSRFA) සභාපති ලෙස තේරී පත් වී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රග්බි සංචිතය නිකුත් වේ

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන්, ක්‍රීඩකයින් දොළොස් දෙනෙකුගෙන් යුත් සංචිතයක්

පාසල් රග්බි සංගමයට අමුත්තෙකු නොවන රංජිත් චන්ද්‍රසේකර මහතා ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධව මේ වන විට කටයුතු කරන අතර 2000 වසරේ සිට 2013 වසර දක්වා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ විදුහල්පති ලෙස ද ඒ මහතා කටයුතු කරන ලදි. 2013 වසරේ හා 2014 වසරේ ද රංජිත් චන්ද්‍රසේකර මහතා ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති ලෙස කටයුතු කළේය.

නිරෝධ විජේරාම ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් ලෙස තේරී පත්වූ අතර K. S. P.  කරුණාරත්න මහතා නැවත වතාවක් භාණ්ඩාගාර ධුරය සඳහා තේරීපත්විය.

අභිනවයෙන් තේරීපත්වූ රංජිත් චන්ද්‍රසේකර මහතා ඇතුළු සභිකයින් ධුරයෙන් නික්ම යන රාජකීය විද්‍යාලයේ විදුහල්පති B. A. අභයරත්න මහතා ඇතුළු ඔහුගේ කණ්ඩයම පසුගිය වසර දෙක තුල දී ක්‍රියාත්මක කළ වැඩපිලිවෙලම ඉදිරියට රැගෙන යනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<