රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට සැරසෙයි

631

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රංගන හේරත් මේ වසරේ නොවැම්බර් මස දී පැවැත්වෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට පසුව සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පිළිබඳව තීරණයක් ගැනීමට වැඩි ඉඩකඩක් තිබෙන බව වාර්තා වෙනවා.

චන්දිමාල්ලාගේ පරීක්ෂණය කල් යයි

පසුගිය 27 වැනිදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවන ටෙස්ට් තරගය අතරතුර …

මේ වන විටත් පන්දුවාර විස්සයි – විස්ස හා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාවන් වලට සමුදී ඇති රංගන හේරත් මේ වන විට 40 වැනි වියේ පසුවෙනවා.

“ඕනෑම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. මේ වසර අවසන් වීමට පෙර පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය මගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වීමට බොහෝ වේලාවට ඉඩකඩ තියෙනවා. දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට මාස 3කට පසුව තමයි එංගලන්තය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය තියෙන්නේ. ඒක නිසා කණ්ඩායමේ පුහුණුකරු, කළමනාකරු ඇතුළු පිරිසත් එක්ක කතා කරලා තීරණයක් ගන්න තමා මම දැනට සැලසුම් කරගෙන ඉන්නේ” රංගන හේරත් BBC සිංහල වෙත පවසා ඇත.

ෂෙහාන් ජයසූරිය බංගලියන් දපනේ දමයි

බංග්ලාදේශයේ තරග සංචාරක නිරත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සමඟින් අලුතෙන්ම එක්වූ 26…

1999 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් රංගන හේරත් මේ වන විට වසර 18කට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර පසුගිය ජුනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව ඔහු  වැඩිම කලක් ශ්‍රී ලංකාව නියෝජනය කළ ටෙස්ට් ක්‍රීඩකයා බවට පත්වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වසර 18යි දින 175ක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමිනි.

“ගොඩක් සතුටුයි එච්චර කාලයක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන. නමුත් ඒකෙ තියෙන වැදගත්ම දේ තමයි ඒ අවුරුදු 18න් අවුරුදු 11ක් ක්‍රීඩා ජාතික කණ්ඩායමට කරන්න ලැබුණා, අවුරුදු 7ක් ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ, ඒ අවුරුදු 7 තුල මම කරපු දේවල් ගැන මම ගොඩක් සතුටු වෙනවා.” හේරත් එසේ සිය අතීත ක්‍රිකට් දිවිය පිළිබඳව එසේ යම් මතකයක් අවදි කළා.

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැලකෙන දකුණතින් දඟපන්දු  යවන මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයග්‍රහණ ලබා දීමේ මූලිකයා බවට පත්වූයේ රංගන හේරත්ය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ටෙස්ට් තරගාවලි බහුතරයක ඔහු තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා  යන සම්මාන දිනා ගැනීම ඒ බවට සනාථ කිරීමට ඇති හොඳම සාක්ෂියක්.

රංගන හේරත්ගෙන් පසු ශ්‍රී ලංකා දඟපන්දු බල ඇණිය ගැන විමසීමේ දී ඔහු පවසා ඇත්තේ මෙවැන්නක්.

“පළපුරුදු දඟපන්දු යවන්නෙක් වන දිල්රුවන් පෙරේරාගේ මූලිකත්වයෙන් අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් වැනි තරුණ දඟපන්දු යවන්නන් ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් හොඳින් දස්කම් දක්වයි කියලා මා බලාපොරොත්තු වෙනවා.”

හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ හොඳම වමත් දඟපන්දු යවන්නා වන අතර ඔහු  මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 90කට සහභාගී වෙමින් කඩුලු 418ක් දවාගෙන ඇත්තේ ලොව වැඩිම කඩුලු දවාගත් වමත් දඟපන්දු යවන්නාගේ වාර්තාව ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් කරගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<