ශ්‍රී ලංකාවේ පළමු “යකඩ මිනිසා” දිනුම් කණුව පසුකරයි

494
Rajan Thanasingham

Ironman තුන්ප්‍රයාම ලෝක ඉසව්ව සම්පූර්ණයෙන්ම අවසන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට රාජන් තනනායගම් මහතා ඊයේ (14) සමත් විය. ඔහු ඕස්ට්‍රේලියාවේ වෙසෙන වරලත් ගණකාධිකාරීවරයෙකි.

ලොව අපහසුම ක්‍රීඩා ඉසව්වලින් එකක් සේ සැලකෙන Ironman තුන් ප්‍රයාමය සඳහා ඔහු 2011 වසරේ සිට සහභාගී වී ඇත. ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වී ඇති Ironman තරග ඉසව් අවසන් කර තිබුනත්, ජාත්‍යන්තර Ironman ඉසව්ව ඔහු විසින් අවසන් කළේ මේ වසරේදීයි. 40 වසරක් පසුකරන Ironman ක්‍රීඩා ඉතිහාසය තුළ මෙම තරග ඉසව්වට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහුයි.

ජාත්‍යන්තර අභියෝගාත්මක තරග ඉසව්වක් සේ සැලකෙන Ironman ශූරයෙකු වීම සඳහා කි.මී. 3.86ක පිහිනුම් ඉසව්වක්, කි.මී. 180.25ක පාපැදි ධාවන ඉසව්වක් සහ කි.මී. 42.20ක පා ධාවනයක් ද තනි ක්‍රීඩකයෙකු විසින් එක පෙළට අවසන් කිරීම අත්‍යාවශ්‍ය ය. ජර්මනියේ පැට්‍රික් ලාන්ජ් තරගයේ පළමු ස්ථානය දිනා ගන්නා විට ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසිදා බිඳිය නොහැකි පළමුවැන්නෙකු වීමට රාජන් තනනායගම් සමත් විය.

Video – හිතේ හයියත්, ඇඟේ හයියත් නැතිනම් මේ ක්‍රීඩා 10 කළ නොහැකියි

අද අපි කියන ක්‍රීඩා 10 කරන්න නම් ඇඟේ හයිය තිබුණට මදි, හිතේ හයියත් තියෙන්නම ඕන…

දැනට 48 වැනි වියේ පසුවන තනනායගම් මහතා තමන්ගේ වයස් කාණ්ඩයේ ලොව හොඳම 1% දෙනා තුළ ස්ථානගත ක්‍රීඩකයෙකි. 2015 වසරේ දී ඔහු ඉන් ලොව 47 වැනි ස්ථානයේ පසුවිය. වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා කුඩා කල සිටම තම පියාගේ සිහිනයක් සැබෑකිරීමට වෙර දැරූ දරුවෙකි.

වරෙක Sunday Observer පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකට අනුව “මගේ තාත්තාට ඕන වුණේ මාව ක්‍රීඩකයෙක් කරන්න” යැයි ඔහු පවසා තිබේ. අද වන විට ඔහුගේ සිහිනය සැබෑවී ඇතුවා පමණක් නොව මුළුමහත් ශ්‍රී ලංකාවටම ගෞරවයක් ගෙන ඒමට ඔහු සමත් වී ඇත.

ඔහුට අනුව මෙම ක්‍රීඩාව අරඹද්දී මීටර 500ක් වත් පිහිනීමට අපොහොසත් වූ ඔහු අද වන විට Ironman කෙනෙකි, යකඩ මිනිසෙකි. සියලු ශ්‍රී ලාංකිකයන් එක්වී ඔහුට සුබ පතමු. ThePapare.com අපගේ සුබ පැතුම්!

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<