ලෝකය වෙනස් වෙලා තියෙන්නේ – ජොෆ්රා ආචර්

68

එංගලන්තයේ නවතම වේගපන්දු තරුව ලෙස ජොෆ්‍රා ආචර් හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. පසුගිය දා ඔහු සහභාගි වූ තරගයක් අතරතුර දී ප්‍රේක්ෂකයන් විසින් යම් ජාතිවාදී ප්‍රකාශයක් සිදු කිරීම බ්‍රිතාන්‍ය මෙන්ම ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ජොෆ්රා පවසා සිටියේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව පෙර පැවති ක්‍රීඩාවට වඩා වෙනස් බවත්, ප්‍රේක්ෂකයන් එය වටහාගත යුතු බවත්ය. 

ශායි හෝප් ඇෆ්ගනිස්තානය ග්‍රහණයට ගනී

ලක්නව් හී භාරත් රත්න ශ්‍රී අත්ල් බිහාරි වජ්බාප් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (11) අවසන් වූ ඇෆ්ගනිස්තාන…

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි බාර්බඩෝස් හිදී උපත ලැබූ ජොෆ්රා ආචර් පසුව එංගලන්තයට සංක්‍රමණය වී තිබුණි. ඉන් අනතුරුව එංගලන්ත ජාතික කණ්ඩායමට ඇතුළත් වීම සඳහා ප්‍රබල උත්සාහයක් ගත් ආචර්ගේ වෑයම සාර්ථක වූයේ මෙම වසරේ මුල් භාගයේ දී ය. ඉන් අනතුරුව එංගලන්ත ප්‍රේක්ෂකයන් විසින් තදින් වැළඳ ගත් ආචර්ගේ දක්ෂතා එංගලන්ත කණ්ඩායමට නැතුවම බැරි තත්ත්වයට පත්විය. 

එංගලන්ත ජාතික කණ්ඩායමට එක්වීමට පෙර සසෙක්ස් කණ්ඩායම නියෝජනය කළ ආචර්ට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායමට එක්වීමට පෙර වසර 7ක දේශීය තරග කාලයක් ක්‍රීඩා කළ යුතු බවට දැනුම් දී තිබුණ ද එම කාලය වසර 3ක් දක්වා අඩුකර ගැනීමට ඔහු සමත් විය. 

එම නිසා නිමා වූ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව ආචර්ට හිමි විය. මීට පෙර පැවති රෙගුලාසිවලට අනුව ඔහුගේ දේශීය තරග කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2022 වසරේ දී ය. 

කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් ආයතනය ගත් මෙම තීරණයට උපරිම සාධාරණය ඉටු කිරීමට ජොෆ්රා සමත්වූයේ නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ය. අවසන් තරගයේ සුපිරි පන්දුවාරයේ දී අත්දැකීම් බහුල පන්දු ‍යවන්නන් හමුවේ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් තෝරා ගත්තේ ජොෆ්රා ආචර් ය. මෝර්ගන්ගේ එම තීරණය සාර්ථක බව ඔප්පු කරමින් එංගලන්තයට කුළුඳුල් ලෝක කුසලානය හිමිකර දීමට මේ 24 හැවිරිදි කළු ජාතික පන්දු ‍යවන්නා සමත් විය. 

ඉන් අනතුරුව පැවති ඕස්ට්‍රේලියා එංගලන්ත අළුබඳුන තරගාවලියේ දෙවන තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගන්නා ආචර් එම තරගයේ දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 5කි. තුන්වැනි තරගයේ දී තම උපරිම දක්ෂතාවලට ළඟා වන ආචර් කඩුලු 8ක් දවා ගැනීමට සමත් විය. ආචර්ගේ මෙම දක්ෂතා එංගලන්ත කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර දීමට සමත් විය. 

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවති අළුබඳුන තරගාවලියේ සිව්වැනි තරගය අතරතු රදී ප්‍රේක්ෂකයන් කීපදෙනෙකු විසින් ආචර්ට අපහාස වන ප්‍රකාශ කීපයක් සිදු කර තිබුණි. 

“මට ඇහුණා එයාල කියන්නේ මොනවද කියලා. පාස්පෝර්ට් කතාවක් එයාලා කිව්වා. ඒත් මම ඒකට ප්‍රතිචාර දැක්වූයේ නෑ.” පසුව සිදු කළ මාධ්‍ය සාකච්ඡාවක දී ආචර් පවසා සිටියා. 

“පස්සේ ජෝ රූට් තමයි මට පෙන්වුයේ ඒ පුද්ගලයන් ක්‍රීඩාංගණයෙන් ඉවත් කරනවා. මම මීට කලින් එහෙම ප්‍රේක්ෂකයන් ඉවත් කරනවා දැකලා නෑ. අපි පකිස්තාන තරගය ක්‍රීඩා කරද්දිත් බෙන් ස්ටෝක්ස්ට අපහාස කරපු ප්‍රේක්ෂකයන් හිටියා.”

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අභිබවා බංග්ලාදේශ පිතිකරුවන් නැගිටියි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්…

ආචර් ඔහු ක්‍රීඩා කළ දේශීය තරගයක දී වයස්ගත ප්‍රේක්ෂකයෙකු ඔහු සසෙක්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ කෙලෙස දැයි විමසා සිටි බව ද පවසා සිටියා. කෙසේ වෙතත් ආචර් පවසා ඇත්තේ පාපන්දුවලට සාපේක්ෂව මෙවන් ජාතිවාදී ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ දී අවම මට්ටමක පවතින බවයි. 

“ලෝකය වෙනස් වෙනවා. ඒ වගේම ලෝකය බහු සංස්කෘතික වෙලා තියනවා. ගොඩක් පුද්ගලයන් ඒක පිළිගෙන තියනවා. එංගලන්ත කණ්ඩායම බැලුවොත් ගොඩක් විවිධත්වයක් තියනවා. මේ තත්වය ලෝකේ ඕනෑම පාපන්දු ක්‍රීඩා සමාජයකටත් පොදු දෙයක්. මම හිතන්නේ මිනිස්සු මේ තත්වය පිළිගන්න ඕනේ. කාලය වෙනස් වෙලා තියෙන්නේ. මේ 2007 නෙමෙයි. “

එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බටහිර ඉන්දීය සම්භවයක් ඇති එංගලන්ත ක්‍රීඩකයන්ට තමන් ආදර්ශයක් සැපයීමට සූදානම් බව ආචර් පවසා සිටියා. 

“ඔව් මම ඒක කරන්න පුළුවන් කියලා ඔවුන්ට පෙන්වූවා. ඔබේ උපන් රට කිසිම බාධාවක් නෙමෙයි. ඔබට ක්‍රීඩා කරන්න ඕන ක්‍රිකට් පිළිබඳව දන්නවා නම් ඔබට ඔබේ ඉලක්කයට යන්න පුළුවන්. මම විශ්වාස කළේ නෑ මගේ හීන හැබෑ වේවි කියලා. ඒත් මම එංගලන්තයට ක්‍රීඩා කරනවා. මට මේක වුනා වගේ ඕනෑම කෙනෙක්ට මේක සිදු වෙන්න පුළුවන්.”

“ගොඩක් එංගලන්ත ප්‍රේක්ෂකයන් දැනගෙන හිටියේ නෑ මම කවුද කියලා. මාව පාරෙ දී දැක්කම ඔවුන් හිතන්නේ මම පාපන්දු ක්‍රීඩකයෙක් කියලා. එහෙම හොඳයි. මට හැංගිලා යන්න පුළුවන්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<