රග්බි ලෝක කුසලානයෙන් ඇසුණු කතා

185

2019 රග්බි ලෝක කුසලානය පසුගිය සති 6ක කාලය පුරාවට ලොවපුරා පුවත් මවමින් සමාජ මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය ඔස්සේ ලොව පුරා ක්‍රීඩාලෝලීන් වසඟ කරගැනීමට සමත් විය. 

දකුණු අප්‍රිකාවට තුන්වැනි ලෝක කුසලානයත් හිමිකර දෙමින් ලෝක කුසලාන තරගාවලිය නිමා වූ නමුත් ලෝක කුසලානයේ බොහෝ පුවත් තවමත් ලොව පුරා පැතිර යමින් තිබේ. මේ සටහන ලෝක කුසලාන තරගාවලිය තුල වඩාත්ම කතාබහට ලක්වූ සටහන් පිළිබඳවයි. 

“ඇමරිකානු රග්බි තවදුරටත් නිදා සිටින යෝධයෙක් නොවේ. ඒක නැගිටලා තියෙන්නේ. එය සිදු වෙනවා. ඒක තාමත් උදෑසන ආහාරය ගනිමින් ඉන්නේ. “

– ඇමරිකානු කණ්ඩායමේ හුකර් ක්‍රීඩක ජේම්ස් හිල්ටර්බ්‍රෑන්ඩ් 2015 වසරේ සිට මෙම තරගාවලිය දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින්. 

“මට ඉස්සල්ලම හීන දකින්න පුළුවන් කාලයේ ඉදන්ම මගේ හීනය මේක.”

– නවසීලන්ත ඕල් බ්ලැක්ස් ක්‍රීඩක ඇන්‍ටන් ලිනර්ට් බ්‍රවුන් තම නවසීලන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ සිහිනය පිළිබඳව අදහස් දක්වමින් 

දකුණේ පියානෝගේ ශක්තිය උතුරට රැගෙන ගිය “පුතානෝලා”

රග්බි පිටියේ සොයුරන් ගැන නොයෙක් කතා අසන්නට ලැබේ……..

 

“අපිට ගොඩක් විනෝදජනක සම්බන්ධතාවයක් තියෙන්නේ. ඇත්තටම අපි එකිනෙකාට ගොඩක් ආදරෙයි. නමුත් ඔහු ඒක මට කියන්නේ නෑ. මම ඒක හැමවෙලේම ඔහුට කියනවා ඒත් ඔහු ඒ වෙලාවට ලැජ්ජා වෙන් ඉවත් වෙලා යනවා.”

– එංගලන්ත රග්බි ක්‍රීඩක බිලී වුනිපෝලා තම කණ්ඩායම් සඟයා හා සහෝදරයා වන මැකෝ පිළිබඳව අදහස් දක්වමින් 

“සිකුරාදා තරගය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වෙනවා කියලා දැනෙන කොට ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. රග්බි සහ රග්බි ලෝක කුසලානය ඇත්තටම සීමා රහිත එකක්.”

– ඉතාලි කණ්ඩායමේ සර්ජියෝ පැරිසේ ඔහුගේ 142 වැනි තරගයට පෙර අදහස් දක්වමින්. එම තරගය ඒ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ඉතාලි ජාතික අජටාකාශගාමියෙකු වූ ලූකා පාර්මිටානෝ සජීවීව නැරඹීය. 

“මම දන්නේ නෑ ඒක කොහෙන් ද ආවේ කියලා. ඒක ඇතුලේ තියෙන්නේ. අද අපිට ගිහින් ඒක අරන් එන්න වුනා. අපි ඒක කළා.”

– ෆීජි කණ්ඩායම පරාජය කල උරුගුවේ කණ්ඩායමේ නායක ජුවාන් මැනුඑල් ගමිනාරා එම තරගයට පෙර තම කණ්ඩායමේ තිබූ එකමුතුව හා අධිෂ්ඨානය පිළිබඳව අදහස් දක්වමින්. 

“අපේ මේ ලොකු කොල්ලෝ ටික ටිකක් වෙලා ගත්තා. ඒක හරියට ලොකු බෝට්ටුවක් හා පොඩි බෝට්ටුවක් වගේ. ටයිටැනික් නැවට ඉක්මනට හෙල්ලෙන්න බැරි වුන නිසා ඒක ගිලුණා.”

– නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හැන්සන් නවසීලන්ත ඉදිරිපෙළ ක්‍රීඩකයන් tackle කිරීමේ දී සිදු කළ අඩුපාඩු පිළිබඳව අදහස් දක්වමින්. 

“අපි මේ තරගය ලකුණු 33-20ක් ලෙස ජයග්‍රහණය කරනවා. ඇයි? මොකද අපි ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කරලා තියෙන්නේ. ඒ වගේම ජොනී සෙක්ස්ටන් 100%ක් නැහැ. “

– තරගාවලියේ මූලික වටයේ දී පැවති අයර්ලන්ත තරගයට දින තුනකට පෙර ජපාන වින්ග් ක්‍රීඩක ලොමානෝ ලෙමෙකි පැවසූ අදහස්. කෙසේ වෙතත් ජපානය තරගය ජයග්‍රහණය කළ අතර එය තරගාවලියේ ප්‍රබලතම පරාජය ලෙස වාර්තා විය. ජපානය තරගය ජයග්‍රහණය කළේ ලකුණු 19-12ක් ලෙසිනි. 

“මේ වගේ මේ තරගාවලිය තුල වෙන දේවල් වෙනත් ක්‍රීඩා තරගාවලි වලදී වෙන්නේ නෑ. ඔබට හිතාගන්න පුළුවන් ද ක්‍රිස්ටියානෝ ‍රොනාල්ඩෝ හරි ලයනල් මෙසී හරි බාර්සිලෝනා හෝ රියල් මැඩ්රීඩ් තරගයක් අවලංගු වුනොත් මේ වගේ කරාවි කියලා? ඒක වෙනම ක්‍රීඩාවක්. “

– එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් කැනඩා තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගණය පිරිසිදු කිරීමට එක්වෙමින්

“ඔහු විනෝදජනක චරිතයක්. අග්‍රමාත්‍යතුමා. ඔහු වටකරගෙන කතා කරන එක ලොකු ගෞරවයක්. ඔහු අපිට කතා කළේ හදවතින්මයි. ඔහු අපිට විහිළු කතා කියලා අපේ මනස සාමකාමීව තියන්න උත්සාහ කළා.”

– සැමෝවා කණ්ඩායමේ Second Row ක්‍රීඩකයෙකු වන ක්‍රිස් වුයි එරට අග්‍රමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳව අදහස් දක්වමින්. 

ලෝක කුසලානය පෙරලූ අමුතු කොණ්ඩකාරයා

සිනහවක් මුහුණේ රඳවා ගෙන විශ්වාසයෙන් යුතුව ……….

“මට ගොඩක් ලොකු පවුලක් ඉන්නවා. ඉතින් මගේ සහෝදරයා තමයි ඔවුන් සමඟ ගනුදෙනු කරන්නේ. ඔවුන් විටෙක එකඟ නොවෙන්නත් පුළුවන්. මගේ නැන්දා ඒකට ගොඩක් දක්ෂයි. ඇය හැමවෙලේම මට අංක 8 ක්‍රීඩකයා විදිහට ක්‍රීඩා කරන්න ඕන කොහොමද කියලා කියනවා.”

– එංගලන්ත ක්‍රීඩක බිලී වුනිපෝලා තම විශාල පවුලට ප්‍රවේශපත් ඉල්ලා සිටිමින්. 

“මගේ දුව මම ක්‍රීඩා කරන තරග නරඹලා ගොඩක් තරහින් ඉන්නේ. එයා හිතන්නේ අනෙක් ක්‍රීඩකයන් මට රිදවනවා කියලා. වෙලාවකට එයා හිතනවා මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා මට රිදවනවා කියලා. ඇය කියනවා ඇය මගේ පුහුණුවීම් වලට ඇවිල්ලා මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ක තරහා වෙනවා කියලා. “

– ජෝර්ජියානු ක්‍රීඩක ජබා තම දියණිය වන පස් හැවිරිදි එලේන් බ්‍රෙග්වාඩ්සේ පිළිබඳව අදහස් දක්වමින්. 

“මට මගේ ගොවිපල ඔට්ටුවට දාලා ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායම කියන්න කිව්වොත් ඒක එතරම් හොඳ දෙයක් නෙමෙයි. නමුත් මම කියන්නේ දකුණු අප්‍රිකාව කියලා ” 

– හිටපු නැමීබියානු නායක ජැක් බර්ගර් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්. 

“ඔහු නායකයා වුනාට පස්සේ පුහුණුවීම් වලදී එතරම් ගැටුම් සිදු වුනේ නෑ. මොකද ඔහු තමයි ඒ ගොඩක් ගැටුම් පටන් ගත්තේ.” 

– වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු වැරන් ගාට්ලෑන්ඩ් වේල්ස් නායකයා වූ අලුන් වෑන් ජෝන්ස් පිළිබඳව අදහස් දක්වමින් 

“ඔහුගේ ඉස්සරට වඩා අළු කෙස් ගොඩක් තියනවා. ඔහු හිතන්නේ ඒකෙන් ඔහුගේ පරිණත බව පෙන්වනවා කියලා. ඒක මම නම් හිතන්නේ එකෙන් ඔහුගේ වයස පෙන්වනවා කියලා. “

– ඕස්ට්‍රේලියානු පසුපෙළ ක්‍රීඩක ඇඩම් ඈෂ්ලි කූපර් පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු පුහුණුකරු මයිකල් චෙයිකා. 

“ඔහු ඒක කිව්වේ හොඳ අදහසකින්. ඒත් එක දෙයක් තියනවා. ඒක ගොඩක් ඉන්ධන පිච්චෙන අදහසක් ගන්නත් පුළුවන්. ඒත් මම ඒක හොඳ අදහසකින් ගන්නවා. “

– ජපාන වින්ග් ක්‍රීඩක කෙන්කි ෆුකුඕකා තම සගයෙකු වන කොටාරෝ මැට්ශුසීමා තමාට ෆෙරාරි කාරයක් ලෙස හැදින්වීම පිළිබඳව අදහස් දක්වමින්. 

“සමහර දේවල් ගොඩක් වේදනාකාරී වෙන්න පුළුවන්. ඒත් ඔබ තත්පර තුනක් ඇතුළත ඇඩීම නතර කළේ නැත්නම් ඔබ ඕල් බ්ලැක්ස් කෙනෙක් නෙමෙයි. ” 

– නවසීලන්ත සෙන්ටර් ක්‍රීඩල ජැක් ගුඩ්හුයේ 

“අපේ ජෝර්ජියානු ඉතිහාසයේ හැමදාම අපි සටන් කළා, යුද්ධ කළා, අපේ රට ආරක්ෂා කළා. මම හිතන්නේ ඒක නිසා මේ සටන් කිරීම අපේ ඇඟේම තියන දෙයක්. ඒ නිසා තමයි අපි හොඳ Scrum එකක් හදාගත්තේ. “

– ජෝර්ජියානු ෆුල් බැක් ක්‍රීඩක සොසෝ මාටියාශ්විලී තම කණ්ඩායමේ ඉදිරිපෙළ පිළිබඳව අදහස් දක්වමින්. 

“අපි ජපානය වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ මුදල් නිසා නෙමෙයි. අපිට වගකීමක් තියනවා.”

– ජපාන කණ්ඩායමේ ප්‍රොප් ක්‍රීඩක කෙයිටා ඉනගාකි ජපාන ක්‍රීඩකයන්ට ලැබෙන ඩොලර් 100ක දීමනාව පිළිබඳව අදහස් දක්වමින්. 

“මම ඔහු ඉවත් කළේ නෑ. මම ඔහුගේ කාර්‍යය වෙනස් කළා. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ඔබලා වාර්තා කරන ආකාරය වෙනස් කළ යුතුයි. රග්බි වෙනස් වෙන ක්‍රීඩාවක්. “

– එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් අර්ධ අවසන් පූර්ව වටයේ දී ජෝර්ජ් ෆෝඩ් ක්‍රීඩා නොකිරීම පිළිබඳව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින්.

දකුණු අප්‍රිකානු රග්බි විරුවන් වංශකථා පොත් අලුත් කරයි

මසකට අධික කාලයක් පුරාවට මුළු මහත් ලෝකයම රග්බි ………..

“අපි මේ තරගයට වසර දෙක හමාරක් පුරා සූදානම් වුනා. අපි ලෑස්තියි තරගයට. ඒක ගොඩක් විශිෂ්ට තරගයක් වේවි. හෙවිවේට් ශූරයන් දෙදෙනෙක් එකම තරගයකට ක්‍රීඩා කරනවා. එක්කෙනෙක් කළු ඇදගෙන. අනෙක් කෙනා සුදු ඇදගෙන. මීට වඩා හොඳ තරගයක් බලාපොරොත්තු වෙන්න බෑ. “

– එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් නවසීලන්ත අවසන් පූර්ව වටයේ තරගය පිළිබඳව අදහස් දක්වමින්. 

“අපි බලාගෙන ඉන්නවා වේල්ස් හා දකුණු අප්‍රිකානු තරගය සම වේවි කියලා. නියමිත කාලයේ දී සම වෙලා, අතිරේක කාලයේ දීත් සම වෙලා ඔවුන්ට තවත් අතිරේක කාලයක් ක්‍රීඩා කරන්න ලැබීම තමයි අපේ බලාපොරොත්තුව. “

– එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් දකුණු අප්‍රිකාව හා වේල්ස් තරගය පිළිබඳව අදහස් දක්වමින්. 

“අපි හකා එක ගැන කතා කරලා නෑ. අපි සමහර විට W එකක් කරාවි. මම ස්තූතිවන්ත වෙනවා එංගලන්තයට ඔවුන් මොරිස් නර්තනයක් සිදු නොකිරීම ගැන.”

– වේල්ස පුහුණුකරු වැරන් ගාට්ලෑන්ඩ් නවසීලන්ත හකා නර්තනය පිළිබඳව අදහස් දක්වමින්. 

දුක සතුට, සිනහව කඳුල හා බොහෝ හැඟීම් මැද රග්බි ලෝක කුසලානය නිමා විය. දකුණු අප්‍රිකාව තුන්වැනි ලෝක කුසලානයත් තම රටට රැගෙන ගියේය. ඒ වර්ණභේදවාදයෙන් පීඩා විඳි රටක ලෝක කුසලානයක් හිමිකරගත් පළමු කළු ජාතික නායකයාගේ අතිනි. වෙබ් එලීස් කුසලානය තවත් වසර 4ක් යනතුරු දකුණු අප්‍රිකාවේ පවතිනු ඇත. 2023 වසරේ නව ලෝක ශූරයෙකු සොයා වෙබ් එලීස් කුසලානය පැමිණෙනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<