මීටර් 400 ශූරයාට තහනම් උත්තේජක චෝදනා

274

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු තරගාවලියේ මීටර් 400 නියෝජනය කළ මලල ක්‍රීඩකයෙක් වන කාලිංග කුමාරගේ හට තාවකාලික තරග තහනමක් පනවා ඇත. ඒ ඔහු තහනම් උත්තේජන ලබාගෙන ඇති බව තහවුරු වීම හේතුවෙනි. ඔහුට සියලු ක්‍රීඩා තරග සඳහා දීර්ඝ කාලීන තරග තහනමක් පැනවීමට ද නියමිතයි.

නව වසර සඳහා මලල ක්‍රීඩා තරග ඇරඹේ

ආසියානු යොවුන් (18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණින් අද (19) මලල

කුමාරගේ යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා තරග කිරීමෙන් පසු ලබාගත් සාම්පල වල ලෝක තහනම් උත්තේජක වැළැක්වීම සඳහා පිහිටුවා ඇති ඒජන්සිය (World Anti-Doping Agency – WADA) මගින් තහනම් කර ඇති ස්‍ටෙරොයිඩ් (steroid) අඩංගු බව පසුගිය දෙසැම්බර් මස දැනුම් දී තිබුණි. ඉන්පසු ඔහු විසින් කරන ලද අභියාචනයක් නිසා බී සාම්පල පරීක්ෂාවක් මෙම මස සිදු කළ අතර එහි දී ද ස්ටෙරොයිඩ් අඩංගු බව තහවුරු වී ඇත.

කුමාරගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ඉසව්වේ දී තප්පර 46ට අඩු කාලයක් වාර්තා කළ ක්‍රීඩකයන් කීපදෙනෙකු අතරින් එක් අයෙක් වේ. ඔහුගේ පෞද්ගලික හොඳම කාලය තත්පර 45.99ක් ලෙස පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු තරගාවලියේ දී වාර්තා කළේය. යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 ඉසව්ව තත්පර 21කින් නිමා කළ ඔහු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වීමට සූදානමින් සිටි ක්‍රීඩකයෙක් ද වේ.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියෙන් පසු පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි කීපයක් සහ ඔලිම්පික් තරග සඳහා සුදුස්සන් තෝරාගැනීමේ තරගාවලි සදහා ද ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව ලැබීමට නියමිතව තිබුණි. කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ඉසව්ව නියෝජනය කර තහනම් උත්තේජක නිසා පසුගිය වසර දෙකක කාලය තුල තරග තහනමකට ලක්වූ දෙවන ක්‍රීඩකයා වීම විශේෂත්වයකි.

ගෙවී විය වසරේ ට්‍රැක් එකේ සිදුවුනු දෑ

ගතවුනු 2018 වර්ෂය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියට ඉතාම සුබදායක කාල පරිච්ඡේදයක් වුනා. වසර පුරා පැවැත්වුනු

මීට පෙර 2017 වසරේ දී ඉන්දියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400X4 කණ්ඩායම නියෝජනය කළ ප්‍රදීප් කුමාර තහනම් උත්තේජක ලබාගෙන ඇති බව තහවුරු වීමෙන් පසු ඔහුට වසර 4ක තරග තහනමක් පැනවිය.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක වැළැක්වීම සදහා වන ඒජන්සිය (Sri Lanka Anti-Doping Agency – SLADA) විසින් පත්කරන ලද ස්වාධීන කමිටුවක් මගින් කුමාරගේට විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ තොරතුරු සහිත බාහිර පුද්ගලයන්ට ද එහි දී කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. පසුව එම විනය කමිටුව කුමාරගේ හට ලබා දෙන දඬුවම තීරණය කිරීමට නියමිත අතර පරීක්ෂණයේ දී කාලිංග කුමාරගේ වරදකරු බවට තහවුරු වුවහොත් එය ඔහුගේ ක්‍රීඩා ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. වසර 4ක් දක්වා වූ තරග තහනමක් ද පැනවෙනු ඇත.

SLADA විසින් මෙම තහනම් උත්තේජක ක්‍රීඩකයන්ට ලබා දෙන, ඒ සඳහා බලපෑම් කරන හෝ උදව් කරන පුද්ගලයන් පිළිබඳව ද සොයා බැලීමට නියමිත අතර එම පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කරනු ඇත. එම පුද්ගලයන්ට වසර දෙකකට නොඅඩු සිරදඬුවමක් හා ක්‍රීඩා තහනමක් ද පැනවීමට නීතියෙන් කටයුතු කිරීමට නියමිතයි.

මෙම කමිටුව මගින් ලබාදෙන දඩුවම් සමඟ කුමාරගේ එකඟ නොවන්නේ නම් ඒ පිළිබඳ නැවත සලකා බැලීම සඳහා ඉල්ලීමක් කිරීමේ අයිතිය ඔහු සතුවන අතර එම අභියාචනය ද සාධාරණ නොවන්නේ නම් ඔහුට ක්‍රීඩා සඳහා වන අධිකරණයට පැමිණිලි කළ හැක.

යොවුන් තේරීම් තරගවලින් 2019 වසරේ මලල ක්‍රීඩා ඇරඹෙයි

ආසියානු යොවුන් (18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණින්

මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තහනම් උත්තේජක ලබා ගැනීම නිසා ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතයට සහ සාමාන්‍ය ජීවිතයට සිදුවන බලපෑම ගැන ThePapare.com වෙත අදහස් දක්වමින් තහනම් උත්තේජක වැළැක්වීම සඳහා වන ඒජන්සියේ (SLADA) අධ්‍යක්ෂක  වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා “2018 වර්ෂයේ දී පසුගිය වසරවලට සාපේක්ෂව තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. අපි අහම්බෙන් තෝරාගන්නා ප්‍රධාන ක්‍රීඩා තරගාවලිවල මෙලෙස පරීක්ෂා කිරීම් සිදු කරනවා. 2018 වසරේ එසේ කරන ලද පරීක්ෂණවල දී එසේ තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වූ අවස්ථා 7ක් පමණ වාර්තා වුනා. නමුත් 2017 වසරේ වාර්තා වුනේ එවැනි සිද්ධි 5ක් පමණයි. මේ සම්බන්ධයෙන් අපි තහනම් උත්තේජක වැළැක්වීම සඳහා දැනුවත් කිරීම් පාසල් සිසුන් හා තරුණ ක්‍රීඩකයන් ඉලක්ක කරගෙන ලංකාව පුරා පවත්වමින් සිටිනවා. එහි දී මෙමගින් සිදු විය හැකි අවදානම සහ සෞඛ්‍යයට විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරනවා” යැයි අදහස් දක්වා සිටියා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<