පසුපසින් හඹා ආ ජෝසප්වරුන්ට සාන්ත පීතරයින් පරදා තියුණු ජයක්

476

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ අද (24) පස්වරුවේ කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගය, ඉතා උණුසුම් තරගයකින් අනතුරුව සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ගෝල 1-2ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයෝ සහිරා අභියෝගය මැඩලමින් අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ අද (23)

‘A’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ ඔවුන් සහභාගී වූ තරග 4න් 1ක් ජයග්‍රහණය කරමින්, ඉතිරි තරග 3ම ජය-පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් අපරාජිතව එම කාණ්ඩයේ දෙවන ස්ථානයේ රැඳෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වූ අතර අනෙක් පසින් ‘D’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග 3න් 2ක් ජයග්‍රහණය කරද්දී, එක් තරගයක් පරාජයට පත්වෙමින් එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගය ආරම්භ වූ මොහොතේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් විය. ඒ අනුව තරගයේ 4 වන මිනිත්තුවේ දී චලන ප්‍රමන්ත ගෝල රාමු කලාපය ඉවත සිට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුව ද, එහි දී ක්‍රියාත්මක වූ සාන්ත පීතර විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක ඉස්‍රවේලු මිතුර්ෂන් ඉතා දක්ෂ අයුරින් එය රැකගන්නට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන යමින් සහ චමත් රශ්මිත හරහා පිටියේ දකුණු අන්තයෙන් පන්දුව රැගෙන යමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරූ අතර අනෙක් පසින් සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවන් හරහා පන්දුව ශබීර් රසූනියා හට ලබා දෙමින් ඔහු හරහා ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරීය.

ඒ අනුව තරගයේ 11 වන මිනිත්තුවේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවක් හරහා ක්‍රියාත්මක වෙමින් පන්දුව රසූනියා හට බාර කළ අතර ඔහු පන්දුව ගෝල රාමු කලාපය තුළට රැගෙන යමින් පහරක් එල්ල කළ ද එහි දී පන්දුව ගෝල රාමුවේ වැදී ඉවතට යාම නිසා එම අවස්ථාව ඔවුන්ට ගිලිහී ගියේය.

යාපනය ක්‍රීඩකයෝ පරදා මීගමු ක්‍රීඩකයෝ සුපිරි 4ට

පළමුවරට සංවිධානය කරන ලද 2018 ThePapare.com පාපන්දු ශූරතාවලියේ අද (23) මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල

ඊළඟ මිනිත්තුවේ දී සාන්ත ජෝසප් කණ්ඩායමේ නිමේෂ් කුරේ ගෝල රාමුව තුළට යොමු කළ පන්දුවක් හරහා ඔවුන්ට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් හිමිවුව ද, එහි දී එම පන්දුවට ශෙනාල් සන්දේශ් හිසින් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී යාම නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමිව ගියේය.

අනතුරුව තරගයේ 17 වැනි මිනිත්තුවේ දී ගෝල රාමු කලාපය ආසන්නයේ දී ඔවුන්ට නිදහස් පහර අවස්ථාවක් හිමි වූ නමුත් එය ලබා ගත් නිමේෂ් එය සාර්ථක කරගන්නට සමත් වූයේ නැත.

තරගයේ 20 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රසූනියා තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. එහි දී කෝනර් අවස්ථාවක් හරහා ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුව ගෝල රාමු කලාපයෙන් ඉවතට යොමු කරන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අසමත් වූ අතර ඒ අනුව එහි දී පන්දුව ලබා ගත් රසූනියා පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමුකරන්නට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් දෙපිළේම ක්‍රීඩකයින් ඒ සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට අපොහොසත් වීම හේතුවෙන් තරගය තරමක් උදාසීන ස්වරූපයක් ගන්නට විය.

තරගයේ පළමු අර්ධය නිමාවන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී සාන්ත ජෝසප් විද්‍යාලයේ රශ්මිත හට ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට අවස්ථාවක් හිමිවුව ද එහි දී ඔහු හිසින් එල්ල කළ පහර විශිෂ්ට අන්දමින් රැකගත් මිතුර්ෂන් එය ව්‍යර්ථ කර දමන්නට සමත් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 00 – 01 සාන්ත පීතර විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයට ද ප්‍රබල ආරම්භයක් ලබා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් තරගයේ ලකුණු තත්වය සම කිරීමට උත්සාහ දැරීය.

ඒ අනුව තරගයේ 50 වන මිනිත්තුවේ දී ශෙනාල් සන්දේශ් ලබා දුන් පන්දුවක් හරහා රශ්මිත හට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් හිමිවුව ද එහි දී ඔහු එල්ල කළ පහර වේගය මදිකම නිසා පහසුවෙන් රැකගන්නට මිතුර්ෂන් සමත් විය.

අනතුරුව තරගයේ 55 වන මිනිත්තුවේ දී ද රශ්මිත හට ගෝලයක් වාර්තා කර ගැනීමට ඉතා පහසු අවස්ථාවක් හිමි වූ නමුත් එහි දී ඔහු ගෝල රාමුව ආසන්නයේ සිට එල්ල කළ පහර ඉන් ඉවතට ඇදී යාම නිසා එම අවස්ථාව ද අපතේ යන්නට විය.

පසුව තරගයේ 60 වන මිනිත්තුවේ දී දීර්ඝ පන්දු යොමුවක් හරහා පන්දුව ලබා ගත් සාන්ත පීතර විද්‍යාලයේ රසූනියා පන්දුව ඉදිරියට රැගෙන යමින් ඔහු ඉදිරියට පැමිණි සාන්ත ජෝසප් විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක මාෂල් කොඩිකාරගේ හිසට ඉහළින් පන්දුව ගෝල රාමුව තුළට යොමු කිරීමට උත්සාහ දැරුව ද, එහි දී ඔහි එල්ල කළ පහර ගෝල රාමුවෙන් පිටතින් ඇදී ගියේය.

කෙසේ නමුත් තරගයේ 69 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගත් සන්දේශ් තරගයේ ලකුණු තත්වය සම කිරීමට සමත් විය. එහි දී ජේසන් ප්‍රනාන්දු ලබා දුන් පන්දුවක් ගෝල රාමුව ඉතා ආසන්නයේ සිට ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලය වාර්තා කරගන්නය ඔහු සමත් විය.

TPFC කිරුළ දිනා ගන්නට කණ්ඩායම් 8ක් සූදානම්

ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දු ශූරයන් බිහිකිරීමේ මූලික පරමාර්ථයෙන් සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අර්ධ /p>

ඉන් අනතුරුව තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් දෙසට යොමුකරගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් ප්‍රතිවාදී සාන්ත පීතර ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් වුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පසුව තරගයේ 81 වන මිනිත්තුවේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ දී නිදහස් පහර අවස්ථාවක් හිමි වූ නමුත් එය ලබාගත් ශෙහාන් ලියනපතිරණ එල්ල කළ පහර ගෝල රාමුවට මදක් ඉහළින් ඇදී යාම නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමිව ගියේය.

අනතුරුව තරගයේ 84 වන මිනිත්තුවේ දී සාන්ත පීතර විද්‍යාලයේ බ්‍රැන්ඩන් ඇල්ඩෝ ගෝල රාමු කලාපයෙන් පිටත සිට එල්ල කළ පහරක් ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී එයට ඉතා ආසන්නයේ සිටි රසූනියා හට යොමු වූ අතර ඔහු එහි දී එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේ ගෝලයක් වාර්තා කරගැනීමට ලැබුණු ඉතා පහසු අවස්ථාවක් ඔහු අතින් ගිලිහී යමිනි.

Match Replay : St. Peter’s College v St. Joseph’s College – Quarter Final – ThePapare Football Championship 2018

Related Articles Match Replay – De Mazenod College v Maris Stella College… Highlights – St. Joseph’s

පසුව තරගයේ 89 වන මිනිත්තුවේ දී චලන ප්‍රමන්ත ලබා දුන් පන්දුවක් ගෝල රාමු කලාපය තුළ දී මැනෙවින් හසුරුවාගත් ආදේශක ක්‍රීඩක කාවින්ද්‍ය රූපසිංහ එය ඉතා දක්ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කළේ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එමිනි.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කිසිදු ගෝලයක් වාර්තා කර ගන්නට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 2 – 1 සාන්ත පීතර විද්‍යාලය

ගෝල ලාභීන්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – ශෙනාල් සන්දේශ් 69’, කාවින්ද්‍ය රූපසිංහ 89’
  • සාන්ත පීතර විද්‍යාලය – ශබීර් රසූනියා 20’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<