යාපනය ක්‍රීඩකයෝ පරදා මීගමු ක්‍රීඩකයෝ සුපිරි 4ට

476

පළමුවරට සංවිධානය කරන ලද 2018 ThePapare.com පාපන්දු ශූරතාවලියේ අද (23) මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සහ යාපනය මහජන විදුහල අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ සමත් වූහ.

TPFC කිරුළ දිනා ගන්නට කණ්ඩායම් 8ක් සූදානම්

ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දු ශූරයන් බිහිකිරීමේ මූලික පරමාර්ථයෙන් සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මෙම මස…

තරගයේ පළමුවැනි මිනිත්තුවේ දී ම හිසෙන් නිදහස් පහරක් (Free header) එල්ල කිරීමේ අවස්ථාව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට හිමි විය. ඒ කෝනර් පහරකටයි. නමුත් එම අවස්ථාව සාර්ථක නොවීය.   

4 වැනි මිනිත්තුවේ දී මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම විසින් ගෝලයක් වාර්තා කළ ද එය අනිසි ස්ථානගත වීමක් (Offside) වූ බැවින් එම ලකුණ මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට ප්‍රදානය නොකෙරුණි.

මහජන විදුහලට ගෝලයක් වාර්තා කිරීමේ සුවිශේෂී අවස්ථාවක් තරගයේ 11 වැනි මිනිත්තුවේ දී හිමි වූ නමුත් ඔවුන්ට එම අවස්ථාව මඟහැරී යන ලදි.

23 වැනි මිනිත්තුවේ දී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෙකු විසින් ඉතා දුර සිට එල්ල කරන ලද නිදහස් පහරක් ගෝලයක් බවට පත්වීමට ඉතා ආසන්න අවස්ථාවක් වූවත් මහජන විදුහලේ ගෝල රකින ක්‍රීඩක ලක්ෂාන්ගේ හැකියාව නිසා එම අවස්ථාව ව්‍යර්ථ වී ගියේය.

තරගය ආරම්භය සිටම පන්දුවේ පාලනය පැවතියේ මීගමුව ක්‍රීඩකයන් සතුවය. ඔවුන් විසින් හැකි සෑම අවස්ථාවක දී ම මහජන විදුහලේ දඬුවම් සීමාව ආක්‍රමණය කළේය. නමුත් තරගයේ 34 වැනි මිනිත්තුවේ දී ඉතා සැලසුම් සහගත ආක්‍රමණයක් මහජන විදුහලෙන් එල්ල විය.

එය ගෝලයක් වාර්තා කිරීමට මහජන විදුහලට හිමි වූ සුවිශේෂීම අවස්ථාවක් වූ අතර එම අවස්ථාවේ දී මහජන ක්‍රීඩක මහේන්ද්‍රන් සුජීපන් හට නිවැරදි ඉලක්කයට පහර එල්ල කිරීමට නොහැකි විය. තවද මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෙකු විසින් එම අවස්ථාවේ දී පන්දුව දෑතින් ස්පර්ශ කළ බවට මහජන ක්‍රීඩකයන් විසින් ඉල්ලීමක් කළ ද විනිසුරු එම ඉල්ලීම ඉවත දැම්මේය.

මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම අද (7) සමත් වූයේ කඳාන ද මැසනෝඩ් විදුහල සමඟ…

38 වැනි මිනිත්තුවේ දී සිදු නොවිය යුතු වැරදීමක් මාරිස් ස්ටෙල්ලා ආරක්ෂක පෙළෙන් සිදු විය. මහජන ක්‍රීඩකයෙකු පන්දුව සමඟින් ඉදිරියට පැමිණි අතර මාරිස් ස්ටෙල්ලා ආරක්ෂකයෙකු ඔහු පසුපස පැමිණියේය. මාරිස් ස්ටෙල්ලා ගෝල රකින්නා ද ඉදිරියට පැමිණි අතර ඔහු තමන්ගේ සීමාවෙන් ද එළියට පැමිණියේය. එම අවස්ථාවේ දී දැල් රකින්නාගේ ශරීරයෙහි පන්දුව යන්තමින් දැවටුණ අතර එය එසේ නොවුනා නම් නිසැක ගෝලයක් යාපනය මහජන විදුහලට හිමි වනු ඇත.

පිට පිටම තමන් හට හිමි වූ අවස්ථා දෙකක් මහජන විදුහලට ගිලිහී යන විට 42 වැනි මිනිත්තුවේ දී කෝනර් පහරකින් ගෝලයක් වාර්තා කිරීමට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක රජිඳු ප්‍රනාන්දුට හැකි විය.

එය හිසෙන් නිදහස් පහරක් එල්ල කළ අවස්ථාවක් වූ අතර තරගයේ දී එවැනි ආකාරයේ හිසෙන් නිදහස් පහර එල්ල කිරීමට කිහිප අවස්ථාවකම මාරිස් ස්ටෙල්ලා විදුහලට හිමි විය. ගෝලය වාර්තා කළ අවස්ථාවේ දී යාර 6 සීමාවේ (6 yard box) සිටි එකම මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයා වූයේ රජිඳු ප්‍රනාන්දු ය. මහජන කණ්ඩායමේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් සිව් දෙනෙකු යාර 6 සීමාවේ සිටිය ද රජිඳුව ආවරණය කිරීමට එකඳු මහජන ආරක්ෂකයෙකුට හෝ නොහැකි විය.

පළමු අර්ධය: මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල 01 – 00 යාපනය මහජන විදුහල

දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු කිහිපය තුළ දී මහජන විද්‍යාලයෙන් ආක්‍රමණ කිහිපයක් දියත් වූවත් එම සියලුම ආක්‍රමණ ඉතා සාර්ථක අන්දමින් මැඩපැවැත්වීමට මාරිස් ස්ටෙල්ලා විදුහලට හැකි විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

57 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමිකර ගැනීමට මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට හැකි විය. ඒ මහජන විදුහලේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු විසින් ඔවුන්ගේ දඬුවම් සීමාව තුළ දී මාරිස් ස්ටෙල්ලා නායක තරින්ද සිල්වා අනිසි බලපෑමකට ලක්කිරීම නිසාවෙනි.

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ වැඩිම ගෝල ලාභියා වන තරින්ද සිල්වා එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තරගාවලියේ සිය 8 වැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව ගෝල 2-0ක පෙරමුණ මීගමුව ක්‍රීඩකයන්ට හිමි විය. ඉන්පසු මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන් ආරක්ෂක උපක්‍රම කෙරෙහි වැඩි අවධානයක් දැක්වූ අතර මහජන විදුහලෙන් ආක්‍රමණ එල්ල විය.

63 වැනි මිනිත්තුවේ දී මහජන ක්‍රීඩක කනුජන් විසින් එල්ල කරන ලද නිදහස් පහරක් විශිෂ්ට ලෙසින් වළක්වාලීමට මාරිස් ස්ටෙල්ලා ගෝල රකින ක්‍රීඩක ප්‍රකාශ් පෙරේරාට හැකි විය. තවද 69 වැනි මිනිත්තුවේ දී කනුජන් විසින් ගෝලයක් වාර්තා කළත් එය අනිසි ස්ථානගත වීමක් යැයි පැති විනිසුරු විසින් සංඥා කළ හෙයින් ගෝලයක් වාර්තා කිරීමට මහජන විදුහලට නොහැකි විය.

සාන්ත ජෝසප් විදුහල තවදුරටත් A කාණ්ඩයේ පෙරමුණ රැක ගනියි

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ A කාණ්ඩය යටතේ අද (01) දින බැද්දගාන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුනු කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වූඩ් විද්‍යාලය අතර…

ඒ අනුව තරගය ගෝල 2-0ක් ලෙස අවසන් වූ අතර මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලද පළමු කණ්ඩායම බවට පත්විය. හෙට (24) පස්වරු 2.45ට සහ 5.15ට අර්ධ අවසන් පූර්ව තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එම තරග දෙක පිළිවෙළින්, සාන්ත පීතර විදුහල සහ සාන්ත ජෝසප් විදුහල අතර තරගය සහ මරදාන සහිරා විදුහල සහ යාපනය සාන්ත පැට්‍රික් විදුහල අතර තරගයයි. එම තරග දෙක ද සජීව ලෙස ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

අවසන් ලකුණු තත්වය: මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල 02 – 00 යාපනය මහජන විදුහල

ගෝල වාර්තා කරන ලද ක්‍රීඩකයන්:

  • මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල – රජිඳු ප්‍රනාන්දු 42′, තරින්ද සිල්වා 58′

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<