සිව්කොන් දැල්පන්දු සංග්‍රාමයකට ශ්‍රී ලංකාවෙන් සත්කාරකත්වය

270

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම, ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම, මැලේසියාව හා කෙන්යාව සහභාගී වන සිව්කොන් දැල්පන්දු තරගාවලියක් එළඹෙන අප්‍රේල් 8 දා සිට 12 දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලියට රටවල් තුනක් සහභාගී වීම විශේෂත්වයක්.

ක්‍රිකට් සහ දැල්පන්දු සංසන්දනය කරන්න එපා – තිලකා ජිනදාස

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පසුගිය වසරේ දී ආසියානු ශූරතාවය දිනා…..

තරගාවලිය Round Robin ආකාරයට ක්‍රියාත්මක වන අතර සෑම කණ්ඩායමක්ම තරග තුන බැගින් ක්‍රීඩා කර ඉන් පළමු ස්ථාන දෙක අවසන් මහා තරගය සඳහා තරග වදිනු ඇත. අවසන් කණ්ඩායම් දෙක තුන්වැනි ස්ථානය සඳහා තරග වදිනු ඇත.

පසුගිය 2018 මැයි මාසයේ දී ද ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සිංගප්පූරුව පී. ස්ටාර් දැල්පන්දු ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සම්බන්ධ කර මෙවැනිම තරගාවලියක් සංවිධානය කළ අතර ආසියානු දැල්පන්දු ශූරතාවය වසර නවයකට පසු ශ්‍රී ලංකාවට ගෙන ඒමට එම තරගාවලිය මහත් සේවයක් ඉටු කරනු ලදි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එළඹෙන ජුනි 29 වැනිදා සිට ජුලි 7 වැනිදා දක්වා ජපානයේ පැවැත්වෙන  ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියට සහභාගී වීමට නියමිත අතර ජාතික දැල්පන්දු කණ්ඩායම එළඹෙන ජූලි 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයට සහභාගී වීමට නියමිතයි.

සුපිරි සිව්කොන් දැල්පන්දු තරගාවලියක අත්දැකීම ඔබට සජිවීව ගෙන එන්නට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<