කෙන්යාව හා මැලේසියාව ශ්‍රී ලංකා කණ්ඩායම් පරාජය කරයි

382

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන සිව්කොන් දැල්පන්දු තරගාවලිය ඊයේ (8) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට හා යොවුන් කණ්ඩායමට  පළමු දිනයේ දී පරාජයන් අත්විඳීමට සිදු විය. 

ආසියානු යොවුන් තරගාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හා තේරීම් කමිටුව විසින් ජපානයේ පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වීමට…

ශ්‍රී ලංකාව හා කෙන්යාව

පළමු තරගයේ දී කෙන්යාව හා ශ්‍රී ලංකාව තරග වැදුණු අතර තරග අවසානයේ ලකුණු තත්වය දැක්වුණේ 54-35ක් ලෙසයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රධානතම ක්‍රීඩිකාවන් වන තර්ජිනී සිවලිංගම් හා ගයනි දිසානායක නොමැතිව ක්‍රීඩා කළේ ගයනි ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් හා තරිජිනි ඕස්ට්‍රේලියාවේ දැල්පන්දු ලීගයකට සහභාගී වී සිටින නිසාවෙනි.

පළමු කාර්තුවේ දී ලකුණු සටහන දැක්වූයේ ලකුණු තුනක පරතරයකින් 14-11ක් ලෙසයි. පළමු අර්ධය අවසානයේ ලකුණු පුවරුව 28-21ක් බවට පත් වූ අතර අවසන් කාර්තු දෙකේ සිය උසෙන් වාසිය ගෙන ඉඟිල ගිය කෙන්යා කණ්ඩායම 12-07ක් හා 14-07ක් ලෙස ලකුණු රැස් කළේ අවසන් ලකුණු තත්වය 54-35ක් බවට පත් කරමිනි.

ශ්‍රී ලංකා යොවුන් හා මැලේසියාව

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට දරුණු ප්‍රහාරයක් එල්ල කළ මැලේසියාව ලකුණු 76-16ක් ලෙස තරගය ජය ගන්නට සමත් විය. යොවුන් කණ්ඩායම තෝරාගන්නා ලද්දේ පසුගිය සතියේ වන අතර ඔවුන්ට සිය නව ප්‍රධාන පුහුණුකාරිනිය වන මලිඳු කුමාරි ගමගේ සමඟ පුහුණුවීමට තිබුණේ දින කිහිපයක් පමණයි.

සිව්කොන් දැල්පන්දු සංග්‍රාමයකට ශ්‍රී ලංකාවෙන් සත්කාරකත්වය

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම, ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම, මැලේසියාව හා කෙන්යාව සහභාගී වන සිව්කොන් දැල්පන්දු…

පළමු කාර්තුව 22-05ක් ලෙස ජය ගත් මැලේසියානු ක්‍රීඩිකාවෝ දෙවන කාර්තුව ජය ගත්තේ 12-04ක් ලෙසයි. කෙසේ වෙතත් නැවත ප්‍රහාරයට පිවිසුණු මැලේසියානු ක්‍රීඩිකාවෝ 23-04ක් හා 21-03ක් ලෙස ලකුණු රැස් කරමින් නියමිත කාලය අවසානයේ ලකුණු 76-16ක් ලෙස සිය ලකුණු පුවරුව ගොඩනගන්නට සමත් විය.

අද (9) සවස තුනට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන අතර මැලේසියාව – කෙන්යාව සමඟ ක්‍රීඩා කරනු ඇත. සියලු තරග ThePapare.com වෙතින් සජීවීව නැරඹිය හැකියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<