අපේ දෙයකින් කරන හොඳ වැඩක්

142

සමපෝෂ පූර්ණ අනුග්‍රහය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල එක්ව සංවිධානය කරනු ලබන “2019 පළාත් පාසල් ක්‍රීඩා උළෙල” පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද (04) දින කොළඹ ගාලු මුවදොර හෝටලයේ (Galle Face Hotel ) දී පැවැත්විනි.

රිච්මන්ඩ් විද්‍යාලයෙන් පෑයූ බැඩ්මින්ටන් තරුව – බුවනෙක ගුණතිලක

වැඩිපුර කතා බහට ලක්නොවන ක්‍රීඩාවක තරුණ දක්ෂයෙක් සොයාගෙන මම අද…

CBL සමාගමේ අනුග්‍රහයෙන් යුතුව ප්ලේන්ටි ෆුඩ්ස් සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය “සමපෝෂ” සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ යන පාළත් හතරෙහි පවත්වනු ලබන මෙම ක්‍රීඩා උළෙල ජූලි මස 08 වනදා ආරම්භ වීමට නියමිතය. මෙහිදී තරග ඉසව් 70කට අධික ප්‍රමාණයක් සඳහා පළාත් හතරෙහි ම පාසල් 500ට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8000කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

“සමපෝෂ පාසල් ක්‍රීඩා උළෙල” මින් ඉහතදී පළාත් දෙකක් ආවරණය කරමින් ආරම්භ විය. එය ඉදිරියේ දී දීප ව්‍යාප්තව පැවැත්වීම අරමුණු කරගනිමින් මෙවර පළාත් හතරක් ආවරණය කරමින් දැවැන්ත ක්‍රීඩා උළෙලයන් මාලාවක් ලෙස පැවැත්වීම පිළිබඳව CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරි ජයංග පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වීය.

නිරෝගිමත්, පෝෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිකර ගැනීමට සමබල උදෑසන ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව සමපෝෂ නිරන්තරයෙන් අවධානය යොමු කරනවා.”

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්…..


අවසාන වශයෙන් ඔහු කියා සිටියේ මෙම ක්‍රීඩා උළෙලට ඔවුන් අනුග්‍රහය දක්වන්නේ ක්‍රීඩාවේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි අනාගතයට පෝෂණය මෙන්ම ශක්තියද ලබා දීමට බවයි.

මෙම ක්‍රීඩා උළෙලයන් පළාත් 4න් වෙන වෙනම පවත්වන අතර ඒවා පැවැත්වෙන දිනයන් වන්නේ

  • ඌව පළාත් ක්‍රීඩා උළෙල – ජුලි මස 8වන දා සිට 11වන දා දක්වා බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩාංගනයේ
  • උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල – ජුලි 11වන දා සිට ජුලි 14වන දා දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ ක්රිදන්ගන්යේ
  • වයඹ පළාත් ක්‍රීඩා උළෙල – ජුලි 17වන දා සිට ජුලි 20වන දා දක්වා වෙන්නප්පුව ඇල්බට් එෆ්, පීරිස් ක්‍රීඩාංගනයේ
  • නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල – ජුලි 24වන දා සිට 28වන දා දක්වා කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගනයේ

 මෙලෙස CBL වැනි දේශීය ව්‍යාපාරයක් විසින් ශ්‍රී ලංකාවේ ගම්බද සහ කාගේත් අවධානය යොමුනොවන ප්‍රදේශ වල ක්‍රීඩාව ඉහළ නැංවීමට දරන උත්සාහය සැවොම අගය කළයුතු කාරණයකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<