බංග්ලාදේශ ක්‍රිකට්ලෝලීන් ශකිබ් වෙනුවෙන් වීදි බසියි

88

ශකිබ් අල් හසන් හට පනවා තිබෙන තරග තහනමින් මුදවා ගැනීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් දරනු ලබන උත්සාහය ප්‍රමාණවත් නොවන බව පවසමින් බංග්ලාදේශ ක්‍රිකට්ලෝලීන් රැසක් වීදි වලට පැමිණ උද්ඝෝෂණ වල නිරත වෙන බව වාර්තා වේ.

ශකීබ් අල් හසන්ට ක්‍රිකට් තහනම් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් හට වසර දෙකක තරග තහනමක් පැනවීමට….

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පසුගිය 29 වැනිදා ශකීබ් හට වසරක අත්හිටවූ තරග තහනමක් හා වසරක තරග තහනමක් පැනවීමට තීරණය කළේය.

වීදි වලට පැමිණ උද්ඝෝෂණවල නිරත වීමට අමතරව ICC සමාජ ජාලා මාධ්‍යවල පළවන සෑම ලිපියක් (Post) සඳහාම බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සිය අප්‍රසාදය දක්වමින් ඔවුන්ගේ විරෝධය පළ කර තිබුණි. කෙසේ නමුත් ශකීබ් ඔවුන්ගේ රසිකයින් වෙත මෙසේ කිරීමෙන් වළකින ලෙස දන්වා ඇත.

ඉදිරියේ දී ආරම්භ වන ඉන්දීය තරග සංචාරය වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එරටින් පිටත්ව යන දිනයේ පවා ශකීබ්ගේ උපන් ගම වන මගුරා ප්‍රදේශයේ 700කට ආසන්න රසිකයින් පිරිසක් ICCය ලබා දුන්  තීන්දුවට එරෙහිව විරෝධය දැක්වූ බව එරට බටහිර පොලිස් ප්‍රධානිය වන සයිෆුල් ඉස්ලාම් මහතා පැවසීය. 

එම විරෝධතාවයේ දී එම විරෝධතාකරුවන් (රසිකයින්) ශකීබ් අල් හසන් කුමන්ත්‍රණයකට හසුව ඇති බව පවසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබූ බව ද ඉස්ලාම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදි. 

ශකීබ් හට පැනවූ මෙම තරග තහනමට හේතුව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දක්වා ඇත්තේ ජාත්‍යන්තර ICCයේ දූෂණ මර්දන ගිවිසුමේ සඳහන් නීති තුනක් උල්ලංඝනය කිරීම නිසාවෙනි. 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මානසික ගැටලු

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් කෙටි කාලයකට……..

බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට් හා විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කරනු ලැබූ ශකීබ් ලබන වසරේ ඔක්තෝබර් 29 වන දින සිට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට වරම් දිනා ගන්නා නමුත්, ලබන වසරේ ඔක්තෝබර් 8 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව නොලැබෙනු ඇත. 

“වසර ගණනාවක් තිස්සේ මට සහයෝගය දුන්න රසිකයන්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය, රජය, මාධ්‍යවේදීන් මගේ හොඳ කාලයේ දී වගේම මගේ නරක කාලයේ දීත් මට දිගටම සහයෝගය දෙයි කියලා මම විශ්වාස කරනවා.” යැයි ශකීබ් ICC විසින් තරග තහනම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

“මම ඉක්මනින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. මේ දඬුවම මගේ ක්‍රිකට් අනාගතයට විශාල සවියක් ලෙස අරගෙන මම තවත් ශක්තිමත්ව අවංකව වගකීම් සහිතව නැවතත් නැගිටින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යනුවෙන් ශකීබ් පැවසුවේය.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 56ක්, එක්දින තරග 206ක් සහ විස්සයි විස්ස තරග 20ක් ක්‍රීඩා කර ඇති ශකීබ් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තුල එතෙක් මෙතෙක් බිහි වූ විශාලතම ක්‍රීඩා වීරයා වන අතර 2009 සිට මේ දක්වා ICC ශ්‍රේණිගත කිරීම් වල තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඉහළින්ම සිටින්නේ ඔහුයි.

පසුගිය දා එංගලන්තයේ නිමාව දුටු ලෝක කුසලාන තරගාවලියේ දී ශකීබ් ලකුණු 600කට වඩා ලබාගෙන කඩුලු 11ක් දවා ගත්තේය. ඔහු එක්දින තරගවල දී ලකුණු 5,000 සීමාව සහ කඩුලු 250ක් ලබා ගත් වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා බවට ද පත්විය.

බංග්ලාදේශයේ නව විස්සයි විස්ස නායක මහමදුල්ලා එළඹෙන ඉන්දීය ක්‍රිකට් තරගාවලියට දිවයිනෙන් පිටත්ව යාමට පෙර කියා සිටියේ තමාට ශකීබ් කෙරෙහි පූර්ණ අනුකම්පාවක් තිබෙන බවයි.

“අපි හැමෝම ඔහුට වුනු මේ අනපේක්ෂිත සිදුවීම ගැන කනගාටු වෙනවා. මොකද ඔහු කණ්ඩායමට කොතරම් වැදගත් ක්‍රීඩකයෙක් ද කියලා අපි හැමෝම හොඳින්ම දන්නවා” යැයි මහමදුල්ලා එහිදී පැවසුවේය.

“සමහර විට ඔහු වැරැද්දක් කර තිබෙන්න පුළුවන්, ඒත් ඔහු කිසිදු අපරාධයක් කරලා නැහැ. අපි ඉදිරියටත් ශකීබ්ට සහය දෙන්න සූදානමින් ඉන්නවා. අපි කලින් වගේම ඔහුට දිගටම ආදරය කරනවා එකේ අඩුවක් වෙන්නේ නැහැ” මහමදුල්ලා පැවසීය.

ICBT ක්‍රීඩකයෝ Red Bull සටනේ අපරාජිතව පෙරමුණට

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ලෝක මට්ටමේ අවසන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය…….

“ශකීබ්ගේ තහනම නිසා ඒ වෙනුවෙන් අපේ කණ්ඩායමට ආදේශ කරන්න පුළුවන් කිසිම ක්‍රීඩකයෙක් දැනට අපි සතුව නැහැ. මම මේ තීරණය දැන ගත් වහාම මට ශකීබ් සමඟ ලොකු කේන්තියක් ආවා. මොකද එය මේ කිසිම දෙයක් මට කියලා තිබ්බේ නැහැ. අපි ඉන්දීය තරග සංචාරයට අපේ සැලසුම් හැදුවේ ශකීබ්ව කණ්ඩායමේ කේන්ද්‍රස්ථානය කරගෙනයි. දැන් ඒ සැලසුම් ඔක්කොම වතුරේ ගියා.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වන නස්මුල් හසන් මහතා ඊයේ (30)පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

ටෙස්ට් තරග දෙකකින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය නොවැම්බර් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<