වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය සුපිරි 4ට

556

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටය අද (6) ආරම්භ වූ අතර එහි දී ජයග්‍රහණ ලබාගත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අවසන් පූර්ව (සුපිරි 4) වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ලෝක කණ්ඩායමට කුක් නම් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ කවුද?

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා මෙන්ම, වැඩිම ශතක ලාභියා ද වන හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

බණ්ඩාරගම මහජන ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී වේල්ස් කුමර විද්‍යාලයට ඇරයුම් කළ අතර තනුජ් කවිශාන්, මලීෂ ද සිල්වා, ශෙහාන් රොද්‍රිගෝ හා තරිඳු අමරසිංහ ලබාගත් අර්ධ ශතක සවියක් කරගෙන සිය පළමු ඉනිම වෙනුවෙන් ඉතාමත් හොඳ ලකුණු පුවරුවක් වෙත යාමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය. අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළේය.

පන්දු යැවීමේ දී මනිෂ රශ්මික ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නා විට නවීන් රසාංග හා ශෙනිත හැලඹගේ අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. පිළිතුරු ඉනිම දියත් කළ ධර්මාශෝක විද්‍යාලය පන්දුවාර 33යි පන්දු 5ක් තුල සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 154ක් පමණයි. ඒ නිසාවෙන් මේ  පළමු ලබාගත් වේල්ස් කුමාර විද්‍යාලය තරගාවලියේ සුපිරි 4 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් අබීත චන්ද්‍රගුප්ත ලකුණු 52කට දැවී යන විට ඔහුට සහය වූ හසිත රාජපක්ෂ ලකුණු 50ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී වේල්ස් කුමර ජය වේගවත් කළ වේගපන්දු යවන ක්‍රීඩක මලීෂ ද සිල්වා ලකුණු 34කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 252/8d (67.3): තනුජ් කවිශාන් 58, මලීෂ ද සිල්වා 56, ශෙහාන් රොද්‍රිගෝ 55, තරිඳු අමරසිංහ 51, ගිශාන් ප්‍රනාන්දු 31, මනිෂ රශ්මික 3/69, නවීන් රසාංග 2/15, ශෙනිත හැලඹගේ 2/69.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 154 (33.5): අබීත චන්ද්‍රගුප්ත 52, හසිත රාජපක්ෂ 50, මලීෂ ද සිල්වා 3/34, ශෙහාන් රොද්‍රිගෝ 2/18, ආධිත ඉමාෂ  2/24.

ප්‍රබලයින් හලා පාකිස්තානුවන් ආසියානු කුසලානයට

එළඹෙන 15 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඊයේ (4) නම් කරන ලද පාකිස්තාන එක්දින…

කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

රාජකීය විද්‍යාලය මේ තරගයේ දී සිය පළමු ඉනිම වෙනුවෙන් දියත් කළ දැවැන්ත ඉනිම නිසාම තරගයේ ජය ලබා දීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. හොරණ තක්ෂිලා විදුහල් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීයයන් පළමුව පන්දුවට පහර දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 417ක් රැස්කර ගත්තේය. රෙසිඳු තිලකරත්න හා නිතින පන්නිපිටිය නොදැවී සුපිරි ශතක ලබාගෙන රාජකීය ඉනිම වර්ණවත් කරද්දී සදිෂ රාජපක්ෂ අගනා ලකුණු 77ක් සිය නමට ඉදිරියෙන් වාර්තා කළේය.

රාජකීය විද්‍යාලය – 417/4 (85): රෙසිඳු තිලකරත්න 152*, නිතින පන්නිපිටිය 106*, සදිෂ රාජපක්ෂ 77, අශේන් ගමගේ 34.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<