ලෝක කුසලාන අවසන් තරගයට හැරී කුමරු එක්වෙයි

111

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන සිකුරාදා (01) යොකොහමා හිදී පැවැත්වීමට නියමිතයි. ඒ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර ය. මෙම අවසන් තරගය නැරඹීම සඳහා එංගලන්තයේ හැරී කුමරු සහභාගි වන බව පසුගිය දා බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

ඕක් බ්ලැක්ස් පරාජය හා රිචී මැකෝගේ ශාපය

2011, 2015 ලෝක කුසලාන ශූරයන් වෙමින් 2015 සිට පවත්වාගෙන ආ නවසීලන්ත ඕල් බ්ලැක්ස් අපරාජිත වාර්තාව අවසන්…………….

හැරී කුමරු 35 හැවිරිදි වන අතර ඔහු රග්බි හා පාපන්දු ලෝලියෙකු ලෙස ප්‍රසිද්ධය. ඔහු එංගලන්තයේ රග්බි පාපන්දු පාලනය කරන රජයේ ආයතනයේ අනුශාසක ලෙස ද කටයුතු කරයි. ඔහු හා ඔහුගේ බිරිඳ මේගන් පසුගිය දා දකුණු අප්‍රිකානු සංචාරයක ද නිරත විය.

පසුගිය 2015 වසරේ පැවති රග්බි ලෝක කුසලානයේ ශූරයන් වූ නවසීලන්තයේ නායක රිචී මැකෝ හට කුසලානය ප්‍රදානය කිරීම සඳහා ද හැරී කුමරු සහභාගි විය. ඒ ට්විකන්හැම් හිදීය.

දෙවන එළිසබෙත් මහ රැජිණගේ මුණුපුරා වන හැරී එංගලන්තය ශූරයන් වූ පසුගිය 2003 වසරේ සිඩ්නි හි පැවති ලෝක කුසලානයේ දී ද එංගලන්තයට සහය දැක්වීම සඳහා සහභාගි වී තිබුණි. එම තරගාවලියේ අවසන් තරගයේ දී එංගලන්තය විසින් සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළේය.

හැරී කුමරුගේ ජපාන සංචාරය පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම සතියේ දී නිකුත් කරන බව බකිංහැම් මන්දිරය පවසා සිටියේය. එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ලෝක ශූර නවසීලන්ත කණ්ඩායම ලකුණු 19-07ක් ලෙස පරාජය කරමිනි. ඒ සමඟින් නවසීලන්තයේ වසර 8ක් ලෝක ශූර වාර්තාව බිඳ වැටුණි.

අවසන් තරගය සඳහා අනෙක් අන්තයෙන් වේල්සය ලකුණු 19-16ක් ලෙස පරාජය කළ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<