මැකාවු පාපන්දු සංගමයට ශ්‍රී ලංකාවෙන් දැඩි පිළිතුරක්

1470

මැකාවු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබුණු 2022 FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලියේ පළමු වටයේ දෙවන අදියරේ තරගය සඳහා සහභාගී වීමට මැකාවු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ඊයේ (08) ප්‍රතික්ෂේප කර තිබුණි.

මැකාවු කණ්ඩායම ලංකාවට එන්න බැහැ කියයි

මැකාවු පාපන්දු සංගමය (MFA) විසින් මැකාවු ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට එවීමට අකමැත්ත පළ කර…

පළමු තරගය මැකාවු හිදී පැවැත්වුණු අතර දෙවන තරගය ජුනි 11 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

මැකාවු පාපන්දු සංගමය ඔවුන්ගේ තීරණය ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණු අතර ඔවුන් ඉල්ලා තිබුණේ තරගය ශ්‍රී ලංකාවේ නොපවත්වා වෙනත් රටක පවත්වන ලෙසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් මධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

“මැකාවු පාපන්දු සංගමය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ආසියානු පාපන්දු සම්මේලනය හා FIFA වෙතින් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂක තත්වය මත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය වෙනත් රටක පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.”

“ජාතික කණ්ඩායමක් වසර හතරකට වරක් පැමිණෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක් තමන්ගේ මව්බිමේ දී ක්‍රීඩා කිරීම එරට පාපන්දු කණ්ඩායමට මෙන්ම ප්‍රේක්ෂකයින්ට ද ඉතා වැදගත්.”

“අපි AFC හා FIFA ලබා දුන් නිර්ණායක වලට අනුව ආරක්ෂක කටයුතු සම්පාදනය කර තිබෙනවා. AFC හා FIFA එම ආරක්ෂක කටයුතු පිළිගෙන තිබෙනවා.”

“තවදුරටත් කියනවා නම් ශ්‍රී ලංකාව දැන් සංචාරය සඳහා සුදුසු රටක් ලෙස සියලු රටවල් නම් කර තිබෙනවා. චීනයත් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට දමා තිබූ රතු නිවේදනය ඉවත් කර තිබෙනවා. මැකාවු රාජ්‍යයත් චීනයට අයිතියි.”

ප්‍රබල සටනකින් පසු නැවතත් ශ්‍රී ලංකාවට සෝසුසුම්

2023 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ…

ඉන්දීය අගමැතිතුමා ඇතුළු විශේෂ ප්‍රභූවරුන් රැසක් ලංකාවේ සංචාරය කරන්නට නියමිතව තිබෙනවා. ඔවුන් ආරක්ෂක ගැටලු මතු කර නැහැ.

“ත්‍රස්තවාදීන් සංවර්ධනය වූ රටවල් බොහොමයකටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා. නමුත් එම නිසා ඒ රටවල ක්‍රීඩාවන්ට බාධාවක් වී නැහැ.”

“ලෝක කුසලාන තේරීම් තරගයක් ශ්‍රී ලංකාව ඔවුන්ගේ භූමියේ දී රස විඳිය යුතුයි. ශ්‍රී ලංකාව හා අනෙක් සියලු රටවලට තරගවලට සත්කාරකත්වය දැක්වීමේ ගෞරවය හිමි විය යුතුයි.”

පාපන්දු සම්මේලනයේ ලේකම් තව දුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මැකාවු කණ්ඩායමට යුධ හමුදා, පොලිස් හා අමාත්‍ය විශේෂ ආරක්ෂක ආරක්ෂාව ලබා දීමට තීරණය කර ඇති බවයි.

AFC ආරක්ෂක නිලධාරියෙකු දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අනෙක් තරග නිලධාරීන් ද සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තවමත් මෙම තරගයට සත්කාරකත්වය දැක්වීමේ අපේක්ෂාවෙන් සිටින අතර මැකාවු කණ්ඩායමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමටත් ඔවුන් සූදානම්.

“අපි තවමත් බලාපොරොත්තු වෙනවා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙයි කියලා. අපි සූදානම් වෙලා ඉන්නේ ඕනෑම වෙලාවක ඔවුන්ව පිළිගන්න.”

කම්මැලි තරගයක පසු විපරම

ලිවර්පූල් කණ්ඩායම පසුගිය ඉරිදා සිය 6 වන ශූරයින්ගේ ලීග් කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ගෝල…

තවමත් මැකාවු පාපන්දු පාලක මණ්ඩලය මැකාවු කණ්ඩායම තරගයට සහභාගී නොවන බව AFC වෙත නිල වශයෙන් දැනුම් දී නැහැ.

කෙසේ වෙතත් මැකාවු පාපන්දු සංගමය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් තරගය පැවැත්වෙන රට වෙනස් කරන ලෙස ඉල්ලා තිබෙන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔවුන්ට දැනුම් දී තිබෙන්නේ තරගය සැලසුම් කළ ලෙස ශ්‍රී ලංකාවේ දී ම පැවැත්වෙන බවයි.

හෙට (10) නිල තරග සම්බන්ධීකරණ හමුව කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්වෙන අතර එදිනට මැකාවු කණ්ඩායම නොපැමිණියහොත් ආසියානු පාපන්දු සම්මේලනය අවසන් තීරණය ගැනීමට නියමිතයි.

මැකාවු කණ්ඩායම තරගයට සහභාගී නොවුණහොත් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවන අතර ශ්‍රී ලංකාව කාණ්ඩ වටයට දක්වා ඉදිරියට යනු ඇත.

*ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදනයක් ඇසුරින්

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<