ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

593
President’s Tuskers

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායම හා මැලේසියන් බාබේරියන්ස් රග්බි කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 55-14ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

නව නායකයෙකු සමඟින් ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායම මැලේසියාවට

මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත සුහද තරග මාලාවක් සඳහා 32 දෙනෙකුගෙන් සමන්විත…

නව නායක ඔමල්ක ගුණරත්නගේ නායකත්වයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ට එරෙහිව මෙම තරගයේ දී ඉතාමත් හොඳින් දස්කම් දක්වනු දක්නට ලැබුණි.

ප්‍රථම අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහක දිනුම් 7ක් හා ප්‍රවර්තන 3ක් සමඟින් ලකුණු 41ක් වාර්තා කර ගැනීමට සමත්ව තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් තරගයේ ප්‍රථම මිනිත්තු 15 තුල දී උත්සාහක දිනුම් 3ක් වාර්තා කරන්නට සමත් වීම විශේෂත්වයකි. පළමු අර්ධය අවසානයේ දී ප්‍රතිවාදී මැලේසියානු කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ප්‍රවර්තිත උත්සාහක දිනුමක ලකුණු 7 පමණි.

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම 41 – 07 මැලේසියන් බාබේරියන්ස් කණ්ඩායම

දෙවන අර්ධයේ දී මැලේසියානු කණ්ඩායම තරගයට අවතීර්ණ වන අකාරයක් දක්නට ලැබුණු නමුත් දෙවන අර්ධය පුරාවටම ඔවුන්ට රැස්කර ගන්නට හැකි වූයේ ලකුණු 7ක් පමණි.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ප්‍රවර්තන දෙකක් සමඟින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන්නට සමත් වූ අතර පහසුවෙන් ලකුණු 55ක් දක්වා තම ලකුණු මට්ටම ඉහල දැමීමට ඔවුන් සමත් විය.

පාසල් රග්බි තරග තවතවත් කල් යන ලකුණු!

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී සිදු වූ ඛේදවාචකය හේතුවෙන් දිවයිනේ උද්ගත වී ඇති තත්වය..

සම්පූර්ණ ලකුණු තත්වය: ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම 55 (9T, 5C) -14 (2T, 2C) මැලේසියන් බාබේරියන්ස් කණ්ඩායම

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහභාගී වන මීළඟ තරගයේ පැවැත්වෙන්නේ මැයි මස 4 වැනිදා මැලේසියානු ජාතික කණ්ඩායමට එරෙහිවයි. බුකිට් ජලීල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට පැවැත්වෙනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<