ජනාධිපති කුසලාන අන්තර් පාසල් පාපන්දු තරගාවලිය නැවතත්

563

හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය 80 වැනි ආදි ශිෂ්‍ය කණ්ඩායම මඟින් සංවිධානය කරනු ලබන ජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලිය මෙම මස 25 වන දින කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දුවේ පුහුණුකාරීත්වය පකීර් අලීට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නිසාම් …

‘Oxford Group’ හි ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කෙරෙන මෙම තරගාවලියේ මූලික අරමුණු වන්නේ පාසල් ක්‍රීඩකයින් සහ මහජනතාව අතර පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම, විශාල ක්‍රීඩාංගණ සහ විදුලි ආලෝකය මධ්‍යයේ ක්‍රීඩා කිරීමට ඔවුන්ව පුහුණු කිරීම, සහභාගී වන්නන් අතර සුහදත්වයක් ඇති කිරීම සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සහ ජාතික කණ්ඩායමට අනාගත දක්‍ෂයින් හඳුනා ගැනීමට සහාය දැක්වීම යන කරුණු ය.

තරගාවලියේ ආරම්භක දිනයෙන් පසුව කාණ්ඩ වටයේ තරග සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මෙම මස 26, 27, 28 සහ මාර්තු මස 01 වන දින පැවැත්වීමට නියමිත අතර එහි අවසන් පූර්ව වටයේ තරග මාර්තු මස 04 වන දිනත්, අවසන් මහා තරගය මාර්තු මස 11 වන දිනත් පැවැත්වෙනු ඇත.

Photos: President’s Cup 2018 – Inter School Invitational Football Tournament

The Press Conference for the President’s Cup organized by the Group of 80’s of …

තරගාවලියේ කාණ්ඩ තරග වටයේ සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සිටි පාපන්දු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා, මෙම තරගාවලිය හරහා පාසල් ක්‍රීඩකයින් හට ලැබෙන අවස්ථාවන් පෙන්වා දෙමින් හමීඩ් අල් හුසේනි විද්‍යාලය හට සිය පැසසුම් එක් කළේය.

එමෙන්ම මෙහි දී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙම වසරේ දී ජාතික මට්ටමේ පාපන්දු සංචිත 2ක්, යොවුන් ජාතික කණ්ඩායමක් සහ කාන්තා ජාතික සංචිතයක් පිහිටුවීමට අපේක්ෂා කරන බැවින් මෙම වසර ඔවුන්ට ඉතා කාර්යබහුල වසරක් වනු ඇති බවයි.

එමෙන්ම මෙහි දී තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම්වල නායකයින් හට ද අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දුන් අතර ඒ අනුව අදහස් දැක්වූ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම් නායක මොහොමඩ් අජ්මාල් ඔහුගේ පාසල මෙන් 3 වන කාණ්ඩයේ පාසල්වලට ද ඉහළම තලයේ දී දක්‍ෂතා දැක්වීමට මෙම තරගාවලිය හරහා ලැබෙන අවස්ථාව ගැන ප්‍රකාශ කර සිටියේය.

මෙම වසරේ තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් මේ වන විට සිය සහභාගීත්වය තහවුරු කර ඇති අතර පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනා ගනු ලැබුවේ හමීඩ් අල් හුසේනි විද්‍යාලය යි. ඒ අනුව සහභාගී වන පාසල් පහත පරිදි ය.

ආනන්ද විද්‍යාලය, ද මැසිනොද් විද්‍යාලය කඳාන, හින්දු විද්‍යාලය කොළඹ – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලය මල්වාන, මාරිස් ස්ටෙලා විද්‍යාලය මීගමුව, හමීඩ් අල් හුසේනි විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, සහිරා විද්‍යාලය කොළඹ, සාන්ත පීතර විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලය  කොළඹ, ගේට්වේ ජාත්‍යන්තර පාසල කොළඹ, බදූරිය මධ්‍ය මහා විද්‍යාලය මාවනැල්ල, ටී. බී. ජායා සහිරා විද්‍යාලය කොළඹ, වෙස්ලි විද්‍යාලය

යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, ත්‍රිකුණාමලය කින්නියා මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය යන පාසල් ද කණ්ඩායම් ලැයිස්තුවේ සඳහන්ව තිබුනත් ඔවුන් තවමත් මේ සඳහා සිය සහභාගීත්වය තහවුරු කර නොමැත.

තරගාවලිය අවසානයේ ක්‍රීඩකයින් හට වටිනාම ක්‍රීඩකයා (තරගයේ වීරයා), තරගාවලියේ දක්‍ෂතම ගෝල රකින ක්‍රීඩකයා (Golden Glove), තරගාවලියේ වැඩිම ගෝල ලාභියා (Golden Boot), තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සහ ක්‍රීඩාවේ ජීව ගුණය සහිත කණ්ඩායම යන සම්මාන පිරිනැමීමට නියමිතය.     

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<