මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධානය වන ඉහළතම ක්‍රීඩා සම්මාන උළෙල ලෙස සැලකෙන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ඊයේ (17) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වූ අතර එහි දී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායකට හිමි වෙද්දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කුට හිමි විය. 

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගී විය. 

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගෙන් නැවතත් රන් පදක්කමක්

2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (17) ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාවේ………

මෙම සම්මාන උළෙලේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ නායකයා වන ඉන්දික දිසානායකට දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයට අමතරව වසරේ විශිෂ්ටතම ක්‍රීඩා පෞරුෂයට හිමි සම්මානය සහ ජනප්‍රියමත ක්‍රීඩකයාට හිමි සම්මානය යන සම්මාන දෙකත් දිනා ගැනීමට හැකි විය. 

මෙම සම්මාන උළෙලේ දී කාන්තා අංශයෙන් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයට අමතරව ජනප්‍රියතම ක්‍රීඩිකාවට හිමි සම්මානයත් දිනා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් අනුෂා කොඩිතුවක්කුට හැකි විය.  

මෙම සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සම්මාන දිනා ගත් අතර නැඟී එන කුසලතා පූර්ණ ක්‍රීඩකයා ලෙස කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 රන් පදක්කම හා මීටර් 400 සහය දිවීමේ රන් පදක්කමක් දිනා ගත් අරුණ දර්ශන සම්මානයට පත්‍රවිය.  

විශිෂ්ටතම නැගීඑන ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට හැකි විය. 

පළමු දිනයේම ඔමායාගෙන් විශිෂ්ට දස්කම්

2019 ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු දිනය ඊයේ (8) නිමා විය. ඒ ඉතාලියේ නැපොලි හි සැන් පාඔලෝ ක්‍රීඩාංගණයේ දී ය.

වසරේ නැඟී එන කුසලතා පූර්ණ පිරිමි ක්‍රීඩා කණ්ඩායම ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත් මීටර් 100 සහය දිවීමේ කනිෂ්ඨ කණ්ඩායමයි.

වසරේ නැඟී එන කුසලතා පූර්ණ කාන්තා ක්‍රීඩා කණ්ඩායම ලෙස 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත් මීටර් 400 කනිෂ්ඨ සහය දිවීමේ කණ්ඩායම සම්මානයට පත්‍ර විය. 

ශ්‍රී ලංකාවේ ඉතාමත් ප්‍රබල  ක්‍රීඩා සමාජ මාධ්‍ය ජාල තුනක් අතරින් අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com  වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා සමාජ මාධ්‍ය ජාලය ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. 

ජාතියේ ක්‍රීඩා සංවර්ධනය උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා දේශෝත්තර හා ක්‍රීඩා රත්න යන සම්මාන ජනාධිපතිතුමා අතින් පිරිනැමුණි. විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩකයන්ගේ කුසලතා පූර්ණ පුහුණුකරුට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන ජයලත් අපෝන්සු මහතායි. 

අපේ දෙයකින් කරන හොඳ වැඩක්

සමපෝෂ පූර්ණ අනුග්‍රහය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල එක්ව සංවිධානය කරනු ලබන ” 2019 පළාත් පාසල් ක්‍රීඩා උළෙල” පිළිබඳව……….

සමස්ත පදක්කම් ලාභීන් 

ක්‍රීඩා භූෂණ සම්මාන

  • නිමල් ලෙවුකේ මහතා
  • චන්ද්‍රශාන් පෙරේරා මහතා
  • කපිතාන් තිලාන් පෙරේරා මහතා
  • ප්‍රේමා පින්නවල මහතා
  • මහාචාර්ය රංජිත් සිල්වා මහතා
  • පී. දොන් වික්ටර් මහතා

ක්‍රීඩා රත්න සම්මාන

  • චන්ද්‍රිකා කාන්ති වික්‍රමාරච්චි මහත්මිය
  • ඒ. එල්. ඩී. ප්‍රේමරත්න මහතා
  • සුනීතා විජේසූරිය මහත්මිය

ක්‍රීඩා දේශෝත්තර සම්මාන

  • පුෂ්පමාලි රාමනායක මහත්මිය
  • අනුර තෙන්නකෝන් මහතා
  • මාලි වික්‍රමසිංහ මහත්මිය

ක්‍රීඩා ප්‍රභා සම්මාන

  • ප්‍රේමසර ඈපාසිංහ මහතා
  • එල්මෝ රොද්‍රිගෝපුල්ලේ මහතා
  • ජේ. එච්. විල්සන් මහතා

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා පෞරුෂයට හිමි සම්මානය: ඉන්දික දිසානායක (පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රිදී පදක්කම දිනා ගත්)

වසරේ දක්ෂතම ක්‍රීඩිකාව: අනුෂා කොඩිතුවක්කු (පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ලෝකඩ පදක්කම දිනා ගත්)

වසරේ දක්ෂතම ක්‍රීඩකයා: ඉන්දික දිසානායක (පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රිදී පදක්කම දිනාගත්)

වසරේ ජනප්‍රියතම ක්‍රීඩිකාව: අනුෂා කොඩිතුවක්කු (පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං රිදී පදක්කම දිනාගත්)

වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා: ඉන්දික දිසානායක (පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රිදී පදක්කම දිනා ගත්)

වසරේ ජනප්‍රියතම නැඟී එන ක්‍රීඩිකාව: අමාෂා ද සිල්වා (ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කම් දිනා ගත්)

වසරේ ජනප්‍රියතම නැඟී එන ක්‍රීඩකයා: හර්ෂණ තෙන්නකෝන් (චෙස් ක්‍රීඩක)

වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම: ජාතික දැල්පන්දු කණ්ඩායම (ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත්)

වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම: ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම (2018 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්)

වසරේ දක්ෂතම (විශේෂ අවශ්‍යතා සහිත) පිරිමි ක්‍රීඩා කණ්ඩායම: ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම (ලෝක විස්සයි20 දෘශ්‍යාබාධිත ශූරතාව දිනා ගත්)

වසරේ දක්ෂතම (විශේෂ අවශ්‍යතා සහිත) ක්‍රීඩිකාව: අමරා ඉන්දුමතී (ආසියානු පැරා ක්‍රීඩා උළෙල මීටර් 200 ලෝකඩ පදක්කම් දිනා ගත්)

වසරේ දක්ෂතම (විශේෂ අවශ්‍යතා සහිත) ක්‍රීඩකයා: දිනේෂ් ප්‍රියන්ත (ආසියානු පැරා ක්‍රීඩා උළෙල හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගත්)

වසරේ නැඟී කුසලතා පූර්ණ කාන්තා ක්‍රීඩා කණ්ඩායම: මීටර් 400 කනිෂ්ඨ සහාය දිවීමේ කණ්ඩායම (2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත්)

වසරේ නැඟී කුසලතා පූර්ණ පිරිමි ක්‍රීඩා කණ්ඩායම: මීටර් 100 සහාය දිවීමේ කනිෂ්ඨ කණ්ඩායම (2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත්)

නැඟී එන කුසලතා පූර්ණ ක්‍රීඩිකාව: පාරමි වසන්ති මාරිස්ටෙලා (යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ ලෝකඩ පදක්කම දිනා ගත්)

නැඟී එන කුසලතා පූර්ණ ක්‍රීඩකයා: අරුණ දර්ශන (ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 රන් පදක්කම හා මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කම දිනාගත්)

කුසලතා පූර්ණ ක්‍රීඩා විනිසුරු/තරග තීරක/තාක්ෂණ නිලධාරි: කුමාර් ධර්මසේන මහතා (2018 අයි. සී. සී. හොඳම විනිසුරු)

කුසලතා පූර්ණ ක්‍රීඩා පුහුණුකරු: ආර්. බී. වික්‍රමසිංහ මහතා (බර ඉසිලීම)

කුසලතා පූර්ණ පුහුණුකරු (විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩකයන්ගේ): ජයලත් අපෝන්සු මහතා (දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම)

වසරේ ක්‍රීඩා විද්‍යාර්ථියා: රියර් අද්මිරාල් ශාමාල් ප්‍රනාන්දු මහතා

වසරේ දක්ෂතම ක්‍රීඩා වෛද්‍යවරයා: වෛද්‍ය වයි. එච්. ද සිල්වා මහතා

කුසලතා පූර්ණ විනෝද ක්‍රීඩා සැපයුම්කරු: ශ්‍රී ලංකා යුද හමුදාව

කුසලතා පූර්ණ ක්‍රීඩා ප්‍රවර්ධන අනුග්‍රහය

  • රන් පදක්කම – සිරස රූපවාහිනිය (ප්ලැටිනම් සම්මාන)
  • රිදී පදක්කම – සුජීව විජේනායක (බේස්බෝල් ප්‍රවර්ධක)
  • ලෝකඩ පදක්කම – ස්පෝට්ස් ඉන්ෆෝ (සිල්ක් සම්මාන)

දක්ෂතම ක්‍රීඩා ඡායාරූප ශිල්පියා: ඉසුරු සමීර පිරිස්

කුසලතා පූර්ණ ක්‍රීඩා වැඩසටහන (කාලීන තොරතුරු): තෙනුක දිසානායක (ශ්‍රී ලංකා රූපවාහිනිය)

හොඳම රූපවාහිනී ක්‍රීඩා සජීවි ආවරණය: සම්පත් පෙරේරා (ශ්‍රී ලංකා රූපවාහිනිය)

කුසලතා පූර්ණ ක්‍රීඩා ගුවන්විදුලි වැඩසටහන (කාලීන තොරතුරු): නුවන් උදාර කරුණාරත්න – චතුක දිවාශන (අයි. ටී. එන්. එෆ් එම්)

කුසලතා පූර්ණ ක්‍රීඩා සජිවී විකාශය: ශ්‍රී ලංකා ගුවන් විදුලිය

කුසලතා පූර්ණ මුද්‍රිත මාධ්‍ය – අද

කුසලතා පූර්ණ දෙමළ මුද්‍රිත මාධ්‍ය – විරකේශරි

කුසලතා පූර්ණ ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍ය – Ceylon Today

කුසලතා පූර්ණ ක්‍රීඩා සමාජ මාධ්‍ය – ThePapare.com

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<