ජනාධිපති සම්මාන උළෙල කල් යයි

141

ක්‍රීඩකයෙකු ලෙස ලබා ගත හැකි ඉහළම සම්මානය වන ජනාධිපති සම්මානය ප්‍රදානය කරනු ලබන වසරේ උත්කර්ෂවත්ම සම්මාන රාත්‍රියක් වන “ජනාධිපති සම්මාන උළෙල” මේ මස 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නොවැළැක්විය හැකි හේතුවක් මත එය ජූලි මාසය දක්වා කල්දැමීමට සංවිධායකයින් විසින් තීරණය කර ඇත.

ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීම සඳහා මෙන්ම මෙම සම්මාන උළෙල සඳහා නම් යෝජනා වී ඇති සැම අංශයක් සම්බන්ධයෙන්ම තොරතුරු  දැනුවත් කිරීමේ අරමුණින් මාධ්‍ය සාකච්ඡාවක් අද (10) ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශාලාවේ දී පැවැත්විය.

ගෝන් ප්‍රී ගිය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන එයි

ආසියානු ගෝන් ප්‍රී (Asian Grand Prix) තරගාවලියේ දෙවන අදියරේ තරග අද (08) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 4.00ට ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය…….

ජාතික මට්ටමේ හා රාජ්‍ය මට්ටමේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන එකම ක්‍රීඩා සම්මාන උළෙල ලෙස ජනාධිපති සම්මාන උළෙල හැදින්විය හැකි අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්මාන උළෙල සඳහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

මලල ක්‍රීඩාවේ නව ලාංඡනයේ හැංගුණු තේරුම්

අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය (IAAF – International Association of Athletics) විසින් නව නාමය හා නව ලාංඡනය එළිදක්වා ඇත……

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ප්‍රදානය කිරීමට අමතරව ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ට, ක්‍රීඩා ඡායාරූප ශිල්පීන්ට මෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ වන බොහෝ පාර්ශවයන්ට සම්මාන පිරිනැමීම මෙහි දී සිදු කරන අතර ඒ සඳහා මේ වන විටත් නාමයෝජනා ලැබී අවසන්.

මෙම සම්මාන උළෙලේ තවත් එක් විශේෂ අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සත්කාරකත්වය යටතේ සංවිධානය වන ජනප්‍රියතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තේරීම කෙටි පණිවිඩ සේවාව ඔස්සේ සිදු කළ හැකි අතර එය සිදු කළ යුතු ආකාරය ජනතාවට දැනුවත් කිරීම නොබෝ දිනකින් සිදු කරන බව ද මාධ්‍ය හමුවේ දී අනාවරණය විය. තවද හොඳම ක්‍රීඩා සංගම් ද මෙවර සම්මාන උළෙලේ දී සම්මානයන්ට පාත්‍රවීමට නියමිතයි.

මහජනතාවගේ මත විමසුමට ලක්කරන සම්මානයන්

  1. ජනප්‍රියම ක්‍රීඩකයා
  2. ජනප්‍රියම ක්‍රීඩිකාව
  3. ජනප්‍රියම නැගී එන ක්‍රීඩකයා
  4. ජනප්‍රියම නැගී එන ක්‍රීඩිකාව

යලි නොඑන්නට පැමිණි මියුනික් ගමන

ලෝක සාමය සහ ජාතීන් අතර එකමුතුකම වර්ධනය කිරීම සඳහා ආරම්භ වූ ඔලිම්පික් උළෙල, ලෝකයේ ඇති මහාද්වීපයන් පහම එකට යා කරමින් කළු…….

තම ජීවිතයේ බොහෝ කැපකිරීම් සිදු කොට ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණි ක්‍රීඩකයන් සඳහා තම ජිවිත කාලයට ලැබෙන සම්මානය ලෙස යාවජීව සම්මානයන් හැදින්විය හැකි අතර එම සම්මනයන් සඳහා සිය නම යෝජනා වීම ද ඔවුන්ට ඉමහත් භාග්‍යයකි.

මෙවර සම්මාන උළෙලේ දී යාවජීව සම්මානයන් සඳහා යෝජනා වී ඇති නාමාවලිය

  • ක්‍රීඩා දේශෝන්තර
  1. පුෂ්පමාලි රාමනායක
  2. අනුර තෙන්නකෝන්
  3. මාලි වික්‍රමසිංහ
  • ක්‍රීඩා රත්න (නාමධාරී)
  1. වික්‍රමාරච්චි  චන්ද්‍ර කාන්ති
  2. A.L.D. ප්‍රේමරත්න
  3. සුනීතා විජේසූරිය
  • ක්‍රීඩා භූෂණ
  1. නිමල් ලෙවුකේ
  2. චන්ද්‍රශාන් පෙරේරා
  3. කැප්ටන් තිලාන් පෙරේරා
  4. ප්‍රේමා පින්නවල
  5. මහාචාර්ය රන්ජිත් සිල්වා
  6. පී. දොන් වික්ටර්
  • ක්‍රීඩා ප්‍රභා
  1. ප්‍රේමසර ඈපාසිංහ
  2. එල්මෝ රොද්‍රිගෝපුල්ලේ
  3. ජේ. එච්. විල්සන්

මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ මෙම සම්මාන උළෙල ජූලි මස දෙවන සතිය වන විට පැවැත්වීමට කටයුතු සිදු කර ගෙන යන බවත් එය ස්ථිර වශයෙන්ම නොබෝ දිනයක දී දැනුම් දෙන බවත්ය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ හැර අනෙක් ක්‍රීඩාවල දී  ක්‍රීඩකයන්ට ජීවිතේ ගොඩක් මහන්සි වුනත් ගන්න පුළුවන් දේවල්වල පොඩි අඩුවක් තියනවා. ක්‍රීඩකයෝ අධ්‍යාපනය කැපකරලා ගෙවල්වල ප්‍රශ්න එක්ක තමා මේ ක්‍රීඩා කරගෙන යන්නේ මේ ජනාධිපති සම්මාන උළෙල ඒ අයට ලොකු ඇගයීමක්”

මෙවර ජනාධිපති සම්මාන උළෙලේ දී කැපී පෙනෙන සමාජ ජාල වෙබ් අඩවිය ලෙස ThePapare.com ද යෝජනා වී ඇති අතර මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන්නේ ඒ සඳහා සුවිශේෂී සුදුසුකම් සහිත ජූරියකින් සහ අන්තර්ජාතික න්‍යායන්ට ද අනුකූලවය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<