අවිශ්ක ප්‍රනාන්දුත් ද්විත්ව ශතක සමාජයට

1309

සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතාවලට තිත නොතැබූ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අද (31) ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ තම මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.

දෙවන ටෙස්ට් තරගය ලක්මාල්ට අවිනිශ්චිතයි?

හෙටින් (01) ඇරඹෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන….

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දුගේ ද්විත්ව ශතකයට අමතරව අද දවසේ දී මෙම තරගාවලිය වෙනුවෙන් ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනි. ඒ අනුව කෝලට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ (142) එන්. සී. සී. කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා (156*) යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමේ හිමාෂ ලියනගේ (116) සහ ඩිල්ෂාන් ද සොයිසා (101) මෙසේ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වුයේ ය.

පන්දු යැවීමේ දී සී. සී. සී. කණ්ඩායමේ ලහිරු මධුශංක ලකුණු 51කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය.

කෝල්ට්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 414ක් ලබා සිටිය හ.  

අවිශ්ක ප්‍රනාන්දු ද්විත්ව ශතකයක් ලබා ගනිමින් කෝලට්ස් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්විය. ඔහුට අමතර ව නායක සංගීත් කුරේ ශතකයක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 317කි.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 212කට මුහුණ දුන් අතර හතරේ පහර 30ක් සහ හයේ පහර 6ක් තම ඉනිමට ඇතුළත් කළේය. සංගීත් කුරේ ගේ ඉනිම පන්දු 229කින් සමන්විත ලකුණු 142කි. එම ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

ඊට අමතරව තරගය පළමු දිනයට නතර කරන විට හෂාන් දුමිඳු පන්දු 87කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියේ ය.

දැවී ගිය කඩුලු 2 ඉසුරු උදාන සහ රමිත් රඹුක්වැල් අතර බෙදී ගිය හ.  

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 414 (90) අවිශ්ක ප්‍රනාන්දු 223, සංගීත් කුරේ 142, හෂාන් දුමිඳු නොදැවී 46

විදෙස් රටකින් දිමුත්ට ඇරයුමක්!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන දිමුත්…..


හලාවත මේරියන්ස් සහ සී. සී. සී. අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සී. සී. සී. නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 186ක් පමණි.

Photo Album : Chilaw MCC Vs CCC | Major Super 8s Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත්විය. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ ලහිරු මධුශංක ලකුණු 51කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 123ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් පන්දු 65කට මුහුණ දී ලකුණු 40ක් ලබා ගත් මිනෝද් භානුක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (33) ඕෂද ප්‍රනාන්දු 52, රිසිත් උපමාල් 36, ඉරෝෂ් ප්‍රනාන්දු 26, ලහිරු මධුශංක 6/51, මාලින්ද පුෂ්පකුමාර 3/84

සී. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 123 (33) මිනෝද් භානුක 40, අශාන් ප්‍රියන්ජන් 22, සාගර් පර්දේශ් 3/21

ශ්‍රී දේවානන්ද විද්‍යාලයට SF වෙතින් අත හිත

ලොව ප්‍රකට ක්‍රිකට් සන්නාමයක් වන ඉන්දියාවේ නිෂ්පාදිත SF (Stanford Cricket) ආයතනය…….


එන්. සී. සී. සහ එස්. එස්. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සි. ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 376ක් ලබා සිටිය හ.

Photo Album : NCC Vs SSC | Major Super 8s Tournament 2018/19

ඔවුන් ගේ ඉනිම වැඩිම ලකුණු ලාභියා වූයේ ඇන්ජලෝ පෙරේරා ය. ඔහු පන්දු 159කට මුහුණ දී හතරේ පහර 15ක් සමගින් නොදැවී ලකුණු 152ක් ලබා සිටියේ ය. ඊට අමතර ව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 136කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 95ක් ලබා ගනිමින් එන්. සී. සී. ඉනිමට විශාල සේවයක් කළේය.

කඩුලු ලබා ගැනීමේ දී ආකාශ් සේනාරත්න කඩුලු 3ක් ද ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූහ.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 376 (90) ඇන්ජලෝ පෙරේරා නොදැවී 152, ලසිත් ඇඹුල්දෙණිය 26, ධම්මික ප්‍රසාද් 2/70, ආකාශ් සේනාරත්න 3/78

1-1න් හෝ ගොඩයන්නට ශ්‍රී ලංකාව වෙර දරණ ලකුණු

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර…..


යුද හමුදාව සහ සැරසන්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 318ක් සිටිය හ.

කාසියේ වාසිය දිනූ යුද හමුදා නායකයාගේ තීරණය වුයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ ශතක දෙකක් විය. ඒ හිමාෂ ලියනගේ සහ ඩිල්ෂාන් ද සොයිසා විසිනි.

හිමාෂ ලියනගේ පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තේ ය. ඩිල්ෂාන් ද සොයිසා ලකුණු 101ක් ලබා ගත්තේ පන්දු 198කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් තිබුණි.

ඊට අමතරව තරගය නතර කරන විට සංජික රිද්ම පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී චාමිකර එදිරිසිංහ කඩුලු 3ක් ද සචිත්‍ර පෙරේරා කඩුලු 2ක් ද ලබා සිටිය හ.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 318 (89.2) හිමාෂ ලියනගේ 116, ඩිල්ෂාන් ද සොයිසා 101, සංජික රිද්ම නොදැවී 50, සචිත්‍ර පෙරේරා 2/30, චාමිකර එදිරිසිංහ 3/81

මේ සියලු තරග හෙට (පෙබරවාරි 01) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<