ඕෂද ප්‍රනාන්දු ලකුණු 1000 පන්නයි

680

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවැසි ක්‍රීඩකයන් සොයා යා යුතු නම් ඊට කදිම තැන Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලිය ම බැව් පසක් කරන තීරණාත්මක සතියක කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු සමත් විය.

ඔහු මෙවර තරගාවලියේ දී ලකුණු 1000 පසු කළ පළමු ක්‍රීඩකයා බවට අද (27) පත්විය. Major League තරගාවලියේ තරග 8කට සහභාගී වී ඇති ඕෂද ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1121කි. ඊට ද්විත්ව ශතකයක්, ශතක 6ක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් ය. ඔහු පෙර වසරේ දී ද ලකුණු 1000ක් වාර්තා කළේය.  

ඕෂද අද කෝල්ට්ස් කණ්ඩායමට එරෙහි ව ද්විත්ව ශතකයක් ලබා ගත් අතර එම තරගයේ පළමු ඉනිමේ දී ඔහු ශතකයක් වාර්තා කළේය.  

පළමු තැන සොයා ටැමිල් සහ සී. සී. සී. සටනට

තවත් සති දෙකකින් අවසන් වන Major League සුපරි 8 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙන …

ටැමිල් යූනියන් සහ සී. සී. සී. අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයකින් සෑහීමට පත් වීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයන්ට සිදු වූ හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 405ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 324ක් ලබා ගත්හ.

ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 268ක් ලබා ගත්හ. ඒ අනුව ඔවුන් සී. සී. සී. කණ්ඩායමට වඩා ලකුණු 349ක් ඉදිරියෙන් සිටියේ ය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 350ක ඉලක්කයක් කරා ගිය සී. සී. සී. ක්‍රීඩකයෝ තරගය නිමා වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 196ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත පන්දු 45කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත් අතර තරගය නතර කරන විට වනිඳු හසරංග නොදැවී ලකුණු 33ක් ලබා සිටියේ ය.

ටැමිල් යූනියන් දෙවැනි ඉනිමේ පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි යොහාන් මෙන්ඩිස් අද තම අර්ධ ශතකය ලබා ගැනීම කැපී පෙණුනි.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 405 (127.5) තරංග පරණවිතාන 215, සචිත්‍ර සේරසිංහ 21, දමිත සිල්වා 72, ලහිරු මධුශංක 3/54, අශාන් ප්‍රියන්ජන් 2/49, වනිඳු හසරං 2/52

සී. සී. සී කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 324 (89.2) ඩිල්ශාන් මුණවීර 19, මලින්ද වර්ණපුර 54, වනිඳු හසරංග 106, මනෙල්ක  ද සිල්වා 22, මළිඳු මධුරංග 65, රංගන හේරත් 5/71, තිලංග උදේශන 2/59, සචිත්‍ර සේරසිංහ 2/43

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 268 (84) රමිත රඹුක්වැල්ල 63, මනෝජ් සරත්චන්ද්‍ර 26, යොහාන් මෙන්ඩිස් 61, රංගන හේරත් නොදැවී 32, ලහිරු ගමගේ 3/61, ලහිරු මධුශංක 3/62, මාලින්ද පුෂ්පකුමාර 3/64

සී. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 196 (44) රොන් චන්ද්‍රගුප්ත 53, අශාන් ප්‍රියන්ජන් 22, ලසිත් අබේරත්න 35, වනිඳු හසරංග නොදැවී 33,  රංගන හේරත් 2/35, දමිත සිල්වා 2/31

දින තුනක් ඇතුළත ලද පරාජය ගැන චන්දිමාල් කතා කරයි

දින 5ක ටෙස්ට් තරගය දින 3ක් හමාරවීමටත් මත්තෙන් අවසන් වූයේ ශ්‍රී ලංකාවට සුපුරුදු පරාජය යළිත් …

එස්. එස්. සී. සහ යුද හමුදාව අතර තරගය

කොළඹ සී. සි. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 9ක ජයක් ලබා ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 582ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 321ක් ලබා ගත් හ. තවත් ලකුණු 261ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි ඔවුන් එවර සියලුම දෙනා දැවී ලකුණු 335ක් ලබා ගත් හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 75ක ඉලක්කයක් කරා ගිය එස්. එස්. සී. ක්‍රීඩකයෝ එය කඩුල්ලක් පමණක් දැවී ලබා ගත් හ.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ගිය ගමනේ දී යුද හමුදා නායක ලක්ෂිත මධුශාන් පන්දු 178කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඩිල්ෂාන් ද සොයිසා පන්දු 143කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 108කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම යැවීම වාර්තා කළේය.  

ජයග්‍රහණය සඳහා යන ගමනේ දී සඳුන් වීරක්කොඩි සහ ක්‍රිෂාන් ආරච්චිගේ දෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 75ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී සඳුන් වීරක්කොඩි පන්දු 42කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ද, ක්‍රිෂාන් ආරච්චිගේ පන්දු 37කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබා සිටිය හ.  

එස්. එස්. සී කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 582 (141.5) සඳුන් වීරක්කොඩි 52, කෞෂාල් සිල්වා 273, ක්‍රිෂාන් ආරච්චිගේ 23, කවිඳු කුලසේකර 94, සම්මු අශාන් 26, මිතුන් ජයවික්‍රම 24, සචිත්‍ර සේනානායක 42, දුෂාන් විමුක්ති 5/155, විරාජ් පුෂ්පකුමාර 2/141

යුද හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.5) ලක්ෂාන් එදිරිසිංහ 30, දුෂාන් විමුක්ති 133, ඩිල්ෂාන් ද සොයිසා 28, අශාන් රන්දික 35, හිමාෂ ලියනගේ 20, ධම්මික ප්‍රසාද් 3/72, තරිඳු රත්නායක 5/97

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 335 (99.2) ලක්ෂිත මධුශාන් 110, දුෂාන් විමුක්ති 25, ලියනගේ 35, ඩිල්ෂාන් ද සොයිසා 85, අශාන් රන්දික 28, තරිඳු රත්නායක 4/108, සම්මු අශාන් 2/63, ආකාශ් සේනාරත්න 3/44

එස්. එස්. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 77 (13.2) සඳුන් වීරක්කොඩි නොදැවී 49, ක්‍රිෂාන් ආරච්චිගේ නොදැවී 25

හලාවත මේරියන්ස් සහ කෝල්ට්ස් අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 560ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 308ක් ලබා ගත්හ. මේරියන්ස් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට කඩුලු 5කට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 423කි.

ඒ අනුව ලකුණු 675ක් ඉදිරියෙන් සිටි මේරියන්ස් ක්‍රීඩකයෝ කෝල්ට්ස් ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිමට ආරාධනා කළහ. තරගය නතර කරන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 269ක් ලබා සිටිය හ.

මේරියන්ස් දෙවැනි ඉනිම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 17ක් සමඟින් ලකුණු 234ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව යසෝද ලංකා සහ රිසිත් උපමාල් අර්ධ ශතක රැස් කළහ.

කෝල්ට්ස් දෙවැනි ඉනිම වෙනුවෙන් නායක සංගීත් කුරේ පන්දු 171ක දී හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 121ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දනංජය ලක්ෂාන් පන්දු 76කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ ය. නිසල තාරක නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 45කි.

මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 560 (133) යසෝද ලංකා 75, තික්ෂිල ද සිල්වා 79, ඕෂද ප්‍රනාන්දු 109, හර්ෂ කුරේ 162, රිසිත් උපමාල් 33, පුලින තරංග 23, චතුරංග කුමාර 31, සංගීත් කුරේ 4/105

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 308 (88.2) හෂාන් දුමිඳු 68, දනංජය ලක්ෂාන් 32, ප්‍රියමාල් පෙරේරා 107, පසිඳු ලක්ෂංක 28, හර්ෂ රාජපක්ෂ 31,  චතුරංග කුමාර 2/56, එස්. පී. උදේශි 5/84

මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 423 (81.2) යසෝද ලංකා 55, තික්ෂිල ද සිල්වා 23, ඕසද ප්‍රනාන්දු 234, රිසිත් උපමාල් 64, පුලින තරංග නොදැවී 20, නලින් ප්‍රියදර්ශන 2/114

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 269 (52) සංගීත් කුරේ නොදැවී 122, හෂාන් දුමිඳු 20, දනංජය ලක්ෂාන් 60, නිසල තාරක නොදැවී 45, එස්. පී. උදේශි 3/94

අවසන් කඩුල්ල බේරා ගැනීමේ වාසිය සාන්ත පීතර විද්‍යාලයට

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති සිංගර් කුසලාන වයස …

එන්. සී. සී. සහ සැරසන්ස් අතර තරගය

කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් අවසන් මොහොතේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 253ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී සැරසන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 457ක් ලබා ගත්හ.

ලකුණු 204ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 427ක් රැස් කළහ. ඒ අනුව සැරසන්ස් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය ලැබුණු ඉලක්කය ලකුණු 224කි. එම ඉලක්කය ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගත්හ.

ජයග්‍රාහී සැරසන්ස් ඉනිම වෙනුවෙන් අශේන් බණ්ඩාර පන්දු 79ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 94ක් ලබා ගත්තේ ය. ඔහුත් සමඟ හරි හරියට පිතිකරණයේ යෙදුණ නිපුන් කරුණානායක පන්දු 76ක දී නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේ ය. එම ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් විය.

එන්. සී. සී. දෙවැනි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 144කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මහේල උඩවත්ත සහ සාරංග රාජගුරු අර්ධ ශතක ලබා ගත්හ.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 253 (87.3) මහේල උඩවත්ත 101, ලහිරු උදාර 47, සාරංග රාජගුරු 38, මාලිංග අමරසිංහ 20, චාමිකර එදිරිසිංහ 4/82, මොහොමඩ් ඩිල්ශාඩ් 2/25

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 457 (142.3) ඇන්ඩි සොලමන්ස් 45, ගමිඳු කනිෂ්ක 81, ප්‍රමෝද් මධුවන්ත 116, අශේන් බණ්ඩාර නොදැවී 76, ඩිලේෂ් ගුණරත්න 2/60

එන්. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 427 (78) ලහිරු උදාර 127, හසිත බෝයගොඩ 34, මහේල උඩවත්ත 78, සාරංග රාජගුරු 94, පැතුම් නිස්සංක 31, චාමිකර එදිරිසිංහ 4/103, ගමිඳු කනිෂ්ක 2/90

සැරසන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 224 (46) ඇන්ඩි සොලමන්ස් 41, අශේන් බණ්ඩාර නොදැවී 94, නිපුන් කරුණානායක නොදැවී 42, ලසිත් ඇඹුල්දෙණිය 3/66

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<