පළමු තැන සොයා ටැමිල් සහ සී. සී. සී. සටනට

275

තවත් සති දෙකකින් අවසන් වන Major League සුපරි 8 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙන තීරණාත්මක තරගයක උණුසුම කටුනායක වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අද (26) තෙවැනි දිනයට ක්‍රියාත්මක ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම සහ සී. සී. සී. කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයෝ සුපිරි 8 වටයේ ඉහළට පිවිසීමේ ප්‍රමුඛතාවක් පවතින අතර මේ වන විට පළමු ස්ථානයේ පසුවෙන්නේ සී. සී. සී. කණ්ඩායම ය. නමුත් ක්‍රියාත්මක තරගයේ දී ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගය ජයගතහොත් එම ලැයිස්තුවේ ප්‍රතිඵලය වෙනකක් වෙනු ඇත.

කෞෂාල්ගේ දෛවෝපගත ඉනිම ද්විත්ව ශතකයෙන් නවතී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට අභියෝග කරන මෙරට ක්‍රිකට් පිටියේ ක්‍රියාත්මක Major League සුපරි 8 ක්‍රිකට් තරගාවලියේ දී අද (25) දවසේ දී ද්විත්ව…

මේ වන වඩාත් අවාසි සහගත තත්ත්වය ටැමිල් යූනියන් ක්‍රීඩකයන් සතු වූව ද ඔවුන් හෙට දිනයේ දී මේ තරගය කිසිසේත්ම අතනොහැරිනු ඇතැයි විශ්වාස කළ හැකිය. විශේෂයෙන්ම සී. සී. සී. ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිමක් ක්‍රියාත්මක වුවහොත් රංගන හේරත් ද ප්‍රමුඛ ටැමිල් ක්‍රීඩකයෝ වඩාත් සටන්කාමී ඉනිමකට පිවිසෙනු ඇත.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 405ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 324ක් ලබා ගත්හ.

ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වෙන විට තම දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා සිටිය හ. මේ වන විට තවත් කඩුලු 4ක් අතැතිව ටැමිල් ක්‍රීඩකයෝ සී. සී. සී. ක්‍රීඩකයන්ට වඩා ඉදිරියෙන් පසු වෙන්නේ ලකුණු 256ක් ඉදිරියෙන් සිටී.

ටැමිල් යූනියන් දෙවැනි ඉනිම වෙනුවෙන් රමිත රඹුක්වැල්ල පන්දු 60ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය.

සී. සී. සී. ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 104ක් ලබා සිටි වනිඳු හසරංගට අද ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. යටි පෙළින් පිටියට පිවිසි මළිඳු මධුරංග පන්දු 120කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 65ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 405 (127.5) තරංග පරණවිතාන 215, සචිත්‍ර සේරසිංහ 21, දමිත සිල්වා 72, ලහිරු මධුශංක 3/54, අශාන් ප්‍රියන්ජන් 2/49, වනිඳු හසරං 2/52

සී. සී. සී කණ්ඩායම ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 324 (89.2) ඩිල්ශාන් මුණවීර 19, මලින්ද වර්ණපුර 54, වනිඳු හසරංග 106, මනෙල්ක  ද සිල්වා 22, මළිඳු මධුරංග 65, රංගන හේරත් 5/71, තිලංග උදේශන 2/59, සචිත්‍ර සේරසිංහ 2/43

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 177 (50) රමිත රඹුක්වැල්ල 63, මනෝජ් සරත්චන්ද්‍ර 26, යොහාන් මෙන්ඩිස් නොදැවී 34, ලහිරු ගමගේ 2/36, ලහිරු මධුශංක 2/38

අවිශ්ක සහ කමිඳු අයර්ලන්තය නැවත හඬවයි

අවිශ්ක ප්‍රනාන්දුගේ ශතකයෙන් සහ කමිඳු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතාවන් ඉදිරියේ අසරණ වූ සංචාරක අයර්ලන්ත ක්‍රීඩකයෝ අද (26) කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී…

එස්. එස්. සී. සහ යුද හමුදාව අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 582ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 321ක් ලබා ගත් අතර තවත් ලකුණු 261ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි ඔවුන් තරගයේ තෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 144ක් ලබා සිටිය හ. ඔවුන් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 117ක් පිටු පසින් සිටී.

යුද හමුදා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් දුෂාන් විමුක්ති ලකුණු 133ක් ලබා ගත්තේ ය. පන්දු 222කට මුහුණ දුන් ඔහු තම ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කළේය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා යන ඉනිමේ දී නායක ලක්ෂිත මධුශාන් තෙවැනි දිනය අවසන් වන විට නොදැවී ලකුණු 80ක් ලබා සිටියේ ය.  

එස්. එස්. සී කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 582 (141.5) සඳුන් වීරක්කොඩි 52, කෞෂාල් සිල්වා 273, ක්‍රිෂාන් ආරච්චිගේ 23, කවිඳු කුලසේකර 94, සම්මු අශාන් 26, මිතුන් ජයවික්‍රම 24, සචිත්‍ර සේනානායක 42, දුෂාන් විමුක්ති 5/155, විරාජ් පුෂ්පකුමාර 2/141

යුද හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.5) ලක්ෂාන් එදිරිසිංහ 30, දුෂාන් විමුක්ති 133, ඩිල්ෂාන් ද සොයිසා 28, අශාන් රන්දික 35, හිමාෂ ලියනගේ 20, ධම්මික ප්‍රසාද් 3/72, තරිඳු රත්නායක 5/97

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 144 (41) ලක්ෂිත මධුශාන් නොදැවී 80, දුෂාන් විමුක්ති 25

හලාවත මේරියන්ස් සහ කෝල්ට්ස් අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 560ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 308ක් ලබා ගත්හ.

කෝල්ට්ස් ඉනිම වෙනුවෙන් නායක ප්‍රියමාල් පෙරේරා පන්දු 195කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තේ ය.

තරගය තෙවැනි දිනයට අවසන් වෙන විට මේරියන්ස් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 233ක් ලබා සිටිය හ. ඒ අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 485කි.

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම වෙනුවෙන් ඕසද ප්‍රනාන්දු පන්දු 101කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 112ක්  ලබා සිටියේ ය. ඔහු සහ රිසිත් උපමාල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක නොබිඳුණ සබඳතාවක නියුතු වූහ.

පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගත් යසෝද ලංකා මෙම ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 560 (133) යසෝද ලංකා 75, තික්ෂිල ද සිල්වා 79, ඕෂද ප්‍රනාන්දු 109, හර්ෂ කුරේ 162, රිසිත් උපමාල් 33, පුලින තරංග 23, චතුරංග කුමාර 31, සංගීත් කුරේ 4/105

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 308 (88.2) හෂාන් දුමිඳු 68, දනංජය ලක්ෂාන් 32, ප්‍රියමාල් පෙරේරා 107, පසිඳු ලක්ෂංක 28, හර්ෂ රාජපක්ෂ 31,  චතුරංග කුමාර 2/56, එස්. පී. උදේශි 5/84

මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 233 (46) යසෝද ලංකා 55, තික්ෂිල ද සිල්වා 23, ඕසද ප්‍රනාන්දු නොදැවී 112, රිසිත් උපමාල් නොදැවී 36, නලින් ප්‍රියදර්ශන 2/85

ශ්‍රී ලංකා වේගපන්දු බලාපොරොත්තුවකට ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වේ

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයක් නිසා ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. එම තරගාවලියේ…

එන්. සී. සී. සහ සැරසන්ස් අතර තරගය

කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 253ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී සැරසන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 457ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් ප්‍රමෝද් මධුවන්ත ලකුණු 116ක් ලබා ගත්තේ ය. ඊට පන්දු 305ක් වැයව තිබූ අතර හතරේ පහර 12ක් ඇතුළත්ව තිබුණි. ඊට අමතරව අශේන් බණ්ඩාර සහ නිපුන් කරුණානායක අර්ධ ශතක ලබා ගත්හ.  

ලකුණු 204ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කෙරෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 165ක් ලබා සිටිය හ.

එන්. සී. සී. දෙවැනි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 103කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ලබා සිටියේ ය.  

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 253 (87.3) මහේල උඩවත්ත 101, ලහිරු උදාර 47, සාරංග රාජගුරු 38, මාලිංග අමරසිංහ 20, චාමිකර එදිරිසිංහ 4/82, මොහොමඩ් ඩිල්ශාඩ් 2/25

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 457 (142.3) ඇන්ඩි සොලමන්ස් 45, ගමිඳු කනිෂ්ක 81, ප්‍රමෝද් මධුවන්ත 116, අශේන් බණ්ඩාර නොදැවී 76, ඩිලේෂ් ගුණරත්න 2/60

එන්. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 165 (38) ලහිරු උදාර නොදැවී 93, හසිත බෝයගොඩ 34

මෙම සියලු තරග හෙට (27) අවසන් දිනයට ක්‍රියාත්මක ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<