කෞෂාල්ගේ දෛවෝපගත ඉනිම ද්විත්ව ශතකයෙන් නවතී

1065

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට අභියෝග කරන මෙරට ක්‍රිකට් පිටියේ ක්‍රියාත්මක Major League සුපරි 8 ක්‍රිකට් තරගාවලියේ දී අද (25) දවසේ දී ද්විත්ව ශතක ද්විත්වයක් වාර්තා වීම කැපී පෙණුනි.

එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරන කෞෂාල් සිල්වා අද වාර්තා කළේ මෙම තරගාවලියේ දී තමන් විසින් රැස් කරන ලද දෙවැනි ද්විත්ව ශතකයයි. ඔහු මීට පෙර මීගමු ක්‍රිකට් සමාජයට එරෙහිව ද ද්විත්ව ශතකයක් රැස් කළේය. ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායමමේ නායක තරංග පරණවිතාන ද අද ද්විත්ව ශතකයක් වාර්තා  කරමින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

ඕස්ට්‍රේලියා නොගිය කෞෂාල්ගෙන් අතිදැවැන්ත ඉනිමක්!

වෝන් – මුරලි කුසලානය අරඹමින් ක්‍රියාත්මක වූ පළමු දිනයේම ශ්‍රී ලංකා පිතිපෙළ ලකුණු 144කට දැවී ගිය බව ඔබ මේ වන විටත් දන්නවා ඇත. නමුත් අප මේ කතා කරන්නට යන්නේ…

එස්. එස්. සී. සහ යුද හමුදාව අතර තරගය

කොළඹ සී. සිී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 582ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට යුද හමුදා ක්‍රීඩකයෝ ලබා සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 128ක් පමණි.

එස්. එස්. සී. පෙර දිනයේ නොදැවී ලකුණු 197ක් ලබා සිටි කෞෂාල් සිල්වා මෙම තරගයේ තම දෙවැනි ද්විත්ව ශතකය අද වාර්තා කිරීමට සමත් විය. පන්දු 345කට මුහුණ දුන් ඔහු හතරේ පහර 29ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 273ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි කවිඳු කුලසේකර ලකුණු 94කට දැවී ගියේය. ඔහු ඒ වෙනුවෙන් පන්දු 209ක් වැය කළ අතර හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 259කි.

කඩුලු ලබා ගැනීමේ දී දුෂාන් විමුක්ති ලකුණු 155කට කඩුලු 5ක් දවා ගන්නේ ය.

යුද හමුදා ඉනිම වෙනුවෙන් දුෂාන් විමුක්ති අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දක්වමින් සිටී. ඔහු තරගය දෙවැනි දිනයට නතර කරන විට පන්දු 95කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියේ ය.

එස්. එස්. සී කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 582 (141.5) සඳුන් වීරක්කොඩි 52, කෞෂාල් සිල්වා 273, ක්‍රිෂාන් ආරච්චිගේ 23, කවිඳු කුලසේකර 94, සම්මු අශාන් 26, මිතුන් ජයවික්‍රම 24, සචිත්‍ර සේනානායක 42, දුෂාන් විමුක්ති 5/155, විරාජ් පුෂ්පකුමාර 2/141

යුද හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 128 (38) ලක්ෂාන් එදිරිසිංහ 30, දුෂාන් විමුක්ති නොදැවී 55, හිමාෂ ලියනගේ 20, තරිඳු රත්නායක 2/30

තරගය වෙනස් කිරීමට ලැබුණු උඩපන්දුව ශ්‍රී ලංකාව අතින් ගිලිහෙයි!

ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදු වූ අතපසුවීමක් නිසා අද රාත්‍රි ආහාරය දක්වා තරගයේ පාලනය තමන් අත තබා ගන්නට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සමත් විය. ශ්‍රී ලංකාව…

ටැමිල් යූනියන් සහ සී. සී. සී. අතර තරගය

කටුනායක නිදහස් කලාපීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 405ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තරගය දෙවැනි දිනයට නතර කරන විට සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 218ක් ලබා සිටී.

පෙර දිනයේ ටැමිල් යූනියන් නායක තරංග පරණවිතාන නොදැවී ලකුණු 120ක් ලබා සිටි අතර අද ඔහු දැවී යන විට පන්දු 372කට මුහුණ දී හතරේ පහර 22ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 215ක් ලබා ගත්තේ ය. ඊට අමතරව පෙර දිනයේ අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි දමිත සිල්වා ලකුණු 72ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට පන්දු 187ක් වැයව තිබූ අතර හතරේ පහර 7ක් එම ඉනිමේ තිබුණි. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 170කි.

Photos: CCC v Tamil Union – Major Super 8s Tournament 2018/19

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු මධුශංක ලකුණු 54කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සී. සී. සී. ඉනිම වෙනුවෙන් වනිඳු හසරංග මේ වන විට පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා සිටියේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 405 (127.5): තරංග පරණවිතාන 215, සචිත්‍ර සේරසිංහ 21, දමිත සිල්වා 72, ලහිරු මධුශංක 3/54, අශාන් ප්‍රියන්ජන් 2/49, වනිඳු හසරං 2/52

සී. සී. සී කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 218 (52) ඩිල්ශාන් මුණවීර 19, වනිඳු හසරංග නොදැවී 104, මනෙල්ක  ද සිල්වා 22, රංගන හේරත් 3/57


හලාවත මේරියන්ස් සහ කෝල්ට්ස් අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 560ක් ලබා ගත්තේ ය. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 158ක් ලබා සිටිය හ.

හලාවත මේරියන්ස් පෙර දිනයේ දී නොදැවී ලකුණු 99ක් ලබා සිටිමින් අද නැවත පිටියට පිවිසි නායක හර්ෂ කුරේ තම ඉනිමට පන්දු 320කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමගින් ලකුණු 162ක් ලබා ගත්තේ ය.

Photos: Colts CC Vs Chilaw MCC | Major Super 8s Tournament 2018/19

පන්දු යැවීමේ දී සංගීත් කුරේ ලකුණු 105කට කඩුලු 4ක් දවා ගනිමින් එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

කෝල්ට්ස් ඉනිමේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වූයේ හෂාන් දුමිඳු ය. ඔහු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 560 (133) යසෝද ලංකා 75, තික්ෂිල ද සිල්වා 79, ඕෂද ප්‍රනාන්දු 109, හර්ෂ කුරේ 162, රිසිත් උපමාල් 33, පුලින තරංග 23, චතුරංග කුමාර 31, සංගීත් කුරේ 4/105

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම  කඩුලු 5ක් දැවී 158 (45) හෂාන් දුමිඳු 68, දනංජය ලක්ෂාන් 32, ප්‍රියමාල් පෙරේරා නොදැවී 22, එස්. පී. උදේශි 4/38

පාන්ඩ්‍යා සහ රාහුල්ගේ තරග තහනම ඉවතට?

සුප්‍රසිද්ධ සජීවී රූපවාහිනි වැඩසටහනක් අතරතුර දී සිදු කළා යැයි පැවසෙන ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් පදනම් කරගනිමින් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින්…

එන්. සී. සී. සහ සැරසන්ස් අතර තරගය

කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 253ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට ප්‍රතිවාදී සැරසන්ස් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 309ක් ලබා සිටී.

සැරසන්ස් ඉනිම වෙනුවෙන් මේ වන විට අර්ධ ශතක 3ක් වාර්තා වීම කැපී පෙණුණි. ඒ අතුරින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ප්‍රමෝද් මධුවන්ත ය. ඔහු දිනය අවසන් වෙන විට පන්දු 243කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 91ක් ලබා සිටී. අශේන් බණ්ඩාර පන්දු 127කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා සිටියේ ය. ප්‍රමෝද් සහ අශේන් අතර සිව්වැනි කඩුල්ල සඳහා මේ වන විට නොදැවුණ ලකුණු සබඳතාව ලකුණු 166කි.

Photos: Saracens SC vs NCC | Major Super 8s Tournament 2018/19

ඊට අමතරව ගමිඳු කනිෂ්ක (81) ද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 253 (87.3) මහේල උඩවත්ත 101, ලහිරු උදාර 47, සාරංග රාජගුරු 38, මාලිංග අමරසිංහ 20, චාමිකර එදිරිසිංහ 4/82, මොහොමඩ් ඩිල්ශාඩ් 2/25

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක දැවී 309 (91) ඇන්ඩි සොලමන්ස් 45, ගමිඳ කනිෂ්ක 81, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 91, අශේන් බණ්ඩාර නොදැවී 76, ඩිලේෂ් ගුණරත්න 2/60

මෙම සියලු තරග හෙට (26) තෙවැනි දිනයට ක්‍රියාත්මක ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<