අමිල අපොන්සු සහ සචිත් පතිරණ නැවතත් දක්ෂතා අතරට!

613

දේශීය පිටියේ ක්‍රීඩකයින් උරෙනුර ගැටෙන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වූ තරග 3ක් අද (27) නිමාවට පත්විය. ඒ ජය පැරදුමකින් තොරවයි.

එහි දී අලංකාර අසංක සහ සමීර ද සොයිසා දිනයේ සාර්ථකම පිතිකරුවන් දෙදෙනා බවට පත්වූ අතර, අමිල අපොන්සු සහ සචිත් පතිරණ අද දිනය තුල ඉනිමක කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා සනිටුහන් කළහ.

කුලසේකර, සමීර සහ ප්‍රසංසන දිනයේ ශතකලාභීන් බවට පත්වෙති!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන තරග 3ක් අද (26) කොළඹ දී දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය.

බදුරලිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ BRC පිටියේ දී පැවැත්වුණු මෙම තරගය නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි. කෙසේ වෙතත් තරගයේ වැඩි දක්ෂතා ප්‍රකට වූයේ බදුරලිය ක්‍රීඩා සමාජයෙන් බව පැහැදිලිය. ඒ අතරිනුත් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ බදුරලිය ක්‍රීඩා සමාජයේ නායක අලංකාර අසංකයි. ඒ ඔහු ඉනිම දෙකේ දී ම දැවැන්ත ශතක දෙකක් රැස් කිරීම නිසාවෙනි. දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවෙකු වන ඔහු මුල් ඉනිමේ දී ලකුණු 144ක් ලබා ගත්තේ සමස්ත ඉනිම පුරාවටම නොදැවී සිටිමිනි. ඒ අතරතුර ඔහු පන්දු 340කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් එල්ල කළේය.

අද දිනයේ දී නැවත වරක් ක්‍රියාත්මක වුනු 33 හැවිරිදි අසංක, පෙරටත් වඩා වේගයෙන් ලකුණු රැස් කරමින් ලකුණු 151ක් බදුරලිය දෙවැනි ඉනිමට බැරකර කළේය. ඒ හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් සමඟිනි. ආක්‍රමණශීලී පිතිකරණ රටාවක් දියත් කළ ඔහු මෙම ඉනිමට වැය කළේ පන්දු 269ක් පමණි. මීට අමතරව මැදපෙළ පිතිකරු නදීර නාවෙල ද අද දිනය නිමා වන විට නොදැවී ලකුණු 72ක් ලබා සිටියේය. මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ශතකයකට ආසන්න වූ එකම පිතිකරු බවට පත්වූ රමේෂ් මෙන්ඩිස් අද උදෑසන අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑවේය.

ඊයේ දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 84ක් ලබා සිටි ඔහුට තම ශතකය වෙත යාමට අවශ්‍ය වූයේ ලකුණු 16ක් පමණි. කෙසේ නමුත් ඔහු අද දිනයේ තවත් ලකුණු 2ක් ලබා ගනිද්දී සචිත් පතිරණ ඔහුව දවා ගැනීමට සමත් විය. ඒ වන විට රමේෂ් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් එල්ල කොට තිබුණි. බදුරලිය කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණ ලකුණු 116කට කඩුලු 5ක් බිඳ හෙලීය. මේ වන විට පළඟ ශූරතා ලකුණු සටහනේ ද පෙරමුණේ පසුවන්නේ බදුරලිය කණ්ඩායමයි.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 383 (පන්දුවාර 107.2) අලංකාර අසංක 144*, කෝසල කුලසේකර 102, සාලින්ද උශාන් 41, නදීර නාවෙල 16, දෙනුවන් රාජකරුණා 15, අනුක් ප්‍රනාන්දු 3/46, ශිරාන් ප්‍රනාන්දු 4/88, රමේෂ් මෙන්ඩිස් 2/43.

මුවර්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 259 (පන්දුවාර 75.5) රමේෂ් මෙන්ඩිස් 86, පබසර වඩුගේ 60, අනුක් ප්‍රනාන්දු 35, තරිඳු කෞෂාල් 26, සචිත් පතිරණ 5/116, නුවන් තුෂාර 2/37, බුද්ධික සංජීව 2/64.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 258 (පන්දුවාර 80.4) අලංකාර අසංක 151, නදීර නාවෙල 72*, පැතුම් මදුසංක 21, රමේෂ් මෙන්ඩිස් 1/56.

රෝහිත් – කුල්දීප් සුසංයෝගය නවසීලන්තය නැවතත් හඬවයි!

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නොනවතින ජය රැල්ලකට හසුව ඉදිරියට ඇදී යන ඉන්දීය කණ්ඩායම ඊයේ (26) නැවත වරක් නවසීලන්තය පරාජය කිරීමට සමත් විය. ඒ නවසීලන්ත…

රාගම ක්‍රිකට් සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගය ජය පැරදුමකින් තොරව අද නිමාවට පත්වූයේ රාගම ක්‍රිකට් සමාජයට වැඩි ගෞරව හිමිකර දෙමිනි. ඒ වෙනුවෙන් මූලිකත්වය ගත් රාගම කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු වන සමීර ද සොයිසා ද්විත්ව ශතකයකින් තම පිළේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උපකාරී විය. වමතින් පිත්ත හසුරුවන 31 හැවිරිදි ක්‍රීඩකයෙකු වන ඔහු පන්දු 393කට මුහුණ දෙමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 215කි. ඒ අතරතුර ඔහු හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් එල්ල කිරීමට සමත් විය.

ප්‍රතිවාදී BRC පිළ වෙනුවෙන් ඔහුට නොදෙවෙනි අයුරින් දක්ෂතා දැක්වූ තිලකරත්න සම්පත් මුල් ඉනිමේ දී හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් ශතකයක් රැස්කර ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට වැය වුනේ පන්දු 116ක් පමණි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ සොහොයුරෙකු වන ඔහු ඒ අයුරින්ම පිට දඟ පන්දුවෙන් ද දස්කම් දක්වමින් රාගම පිළේ කඩුලු 4ක් ද දවා ගත්තේය. ශ්‍රී ලංකා වර්ණ දිනා ගත් වමත් පිට දඟපන්දු යවන්නෙකු වන අමිල අපොන්සු ද මෙම තරගයේ දී රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ලකුණු 50ට කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

BRC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 65.5) තිලකරත්න සම්පත් 105, හශේන් රාමනායක 40, විකුම් සංජය 37, භානුක රාජපක්ෂ 36, දේශාන් ඩයස් 30, කල්හාර සේනාරත්න 4/63, ජනිත් ලියනගේ 2/43, මොහොමඩ් අලි 2/45.

රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 430 (පන්දුවාර 141.2) සමීර ද සොයිසා 215, සමින්ද ප්‍රනාන්දු 56, ශෙහාන් ප්‍රනාන්දු 28, දිනෙත් තිමෝද්‍ය 64*, සංජය චතුරංග 18, තිලකරත්න සම්පත් 4/104, දුවිඳු තිලකරත්න 3/60.

BRC (දෙවැනි ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 230 (පන්දුවාර 63.4) භානුක රාජපක්ෂ 84, සවීන් ගුණසේකර 58, රුමේෂ් බුද්ධික 34, රමින්ද විජේසූරිය 29, අමිල අෆොන්සු 6/50, කල්හාර සේනාරත්න 1/70.

පිතිපෙළ නැවත වරක් නාය යයි; ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

තරගය පුරාවට දැක්වූ දියාරු පිතිකරණ රටාව නිසා ඕස්ට්‍රේලියානු සංචාරය අරඹමින් පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලැජ්ජා සහගත පරාජයක් උරුම කර ගැනීමට අද (26) ශ්‍රී ලංකා…

මීගමුව ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

ඉනිම 4ක් දක්වාම ඇදී ගිය ද අද මෙම තරගයත් නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. දෙපිළේම ක්‍රීඩකයින් තරගය අතරතුරේ දී දක්ෂතා දැක්වූවද වැඩිපුර කැපී පෙනෙන්නට මුල් ඉනිමේ දී ලකුණු 85ක ඉදිරියක් ලබාගත් මීගමුව කණ්ඩායමට හැකි විය. තවමත් 24 වැනි වියේ පසුවන ප්‍රසංසන ජයමාන්න මීගමුව ක්‍රිකට් සමාජය වෙනුවෙන් වටිනාම ක්‍රීඩකයා බවට පත්වූයේ ලකුණු 137ක් නොදැවී ලබා ගනිමිනි. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. දකුණතින් පිත්ත හසුරුවන ඔහු තවමත් ක්‍රීඩා කොට ඇත්තේ පළමු පෙළ තරග 13කට පමණක් වුවද මේ වන විට එක් ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් සමඟින් 42.89ක ලකුණු සාමාන්‍යයක් පවත්වා ගෙන යයි.

වරාය අධිකාරියේ ප්‍රථම ඉනිම ලකුණු 280කට සීමා කිරීමට වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක උපුල් ඉන්ද්‍රසිරි දවා ගත් කඩුලු 6 මීගමුව පිළට මනා පිටුවහලක් විය. ඔහුට මඟ හැරුණු කඩුලු 4 දවා ගත්තේ ජාතික වර්ණ දිනා ගත් තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරියයි. අද දිනයේ මීගමුව ක්‍රීඩකයින් කඩුලු 2කට ලකුණු 200ක් ලබා ගැනීමෙන් අනතුරුව ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක් වරාය අධිකාරියට ලබා දුන්නේය. නමුත් ඉතිරිව තිබූ පන්දුවාර 29දී වරාය අධිකාරියට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 2ක් දැවී ලකුණු 120ක් පමණි.

මීගමුව ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 365 (පන්දුවාර 102.1) ප්‍රසංසන ජයමාන්න 137*, සහන් ආරච්චිගේ 69, දිලශ්‍රී ලොකුබණ්ඩාර 33, ඇන්ජෙලෝ ජයසිංහ 31, හශාන් විමර්ශන 3/63, චානක කොමසාරු 4/75, චමින්ද බණ්ඩාර 2/134.

වරාය අධිකාරිය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 280 (පන්දුවාර 89.3) ප්‍රිමෝශ් පෙරේරා 70, යොහාන් ද සිල්වා 51, ගිහාන් රූපසිංහ 46, චමින්ද බණ්ඩාර 28, උපුල් ඉන්ද්‍රසිරි 6/68, ශෙහාන් ජයසූරිය 4/79.

මීගමුව ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 200 (පන්දුවාර 39.2) අශේන් සිල්වා 60*, ලසිත් කෘස්පුල්ලේ 59, ශෙහාන් ජයසූරිය 56, ප්‍රසංසන ජයමාන්න 18*, හශාන් විමර්ශන 1/45, චානක කොමසාරු 1/63.

වරාය අධිකාරිය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 120 (පන්දුවාර 29) ප්‍රිමෝශ් පෙරේරා 58*, ඉශාන් රංගන 40, සහන් ආරච්චිගේ 1/7, ශෙහාන් ජයසූරිය 1/35.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<